වීදි බසින් සිටී.

අපරාධ චෝදනා මත විරෝධතාකරුවන් 2000ක ට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් බව වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolas Maduro) පාක්ෂිකයින් වෙත නිවේදනය කළේය.
ඉකුත් ඉරු දින (28) පැවති වෙනිසියුලා ජනාධිපතිවරණයේ සමස්ත චන්ද ප්‍රතිඵලයෙන් 51%ක් ලබා, හිටපු ජනපති නිකොලස් මදුරෝ ජයග්‍රහණය කර ඇති බවත්, ප්‍රතිවාදී ජනපතිවරණ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් (Edmundo Gonzalez) විසින් දිනා ඇත්තේ 46% ක ප්‍රතිශතයක් බවත් වෙනිසියුලා මැතිවරණ අධිකාරිය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග ඊට එරෙහි විරෝධතා ආරම්භ විය.
ජනපතිවරණ ප්‍රතිඵලය මුළුමනින්ම දූෂිත එකක් බව විරෝධතා කරුවෝ කියා සිටිති.
රටපුරා ඇරඹි විරෝධතා කුමන්ත්‍රණය ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලද්දක් බව මදුරෝ චෝදනා කරයි.
මෙවර විරෝධතාකරුවන්ට කිසිදු සමාවක් නොලැබෙන බව ද අත්අඩංගුවට පත්වන්නන්ට උපරිම දඬුවම් ලබා දෙන බවද, කරාකස් (Caracas) හි පැවති පාක්ෂික රැළියකදී ඔහු පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව පිණිස ඉදිරියට එන බව ජනපතිවරණ විජයග්‍රහණය සැමරීමට එක්වූ මදුරෝ පාක්ෂිකයෝ ප්‍රීතිඝෝෂා කළහ.
එරට ප්‍රබල විපක්ෂ සහායිකාවක් වන මාරියා කොරීනා මචාඩෝ (Maria Corina Machado) ද ඊයේ කරාකස්හි දී විරෝධතාකරුවන් සමග එක්විය.

සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් සැඟව සිටින බව මීට පෙර ඇය වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) වෙත ප්‍රකාශ කර තිබිණි.
මැතිවරණ ජයග්‍රහණය පිණිස වෙනිසියුලා වැසියන්ට බොහෝකල් බලා සිටින්නට සිදු වූ බවත්, දැන් එය දෛනික සටනක් ව ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
මචාඩෝ ගේ සම්ප්‍රාප්තියත් සමග, විරෝධතාකරුවෝ ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටිති.
පශ්චාත් මැතිවරණ විරෝධතා හේතුවෙන් මේවන විට වෙනිසියුලා වැසියන් 20කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි හ්යූමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය නිවේදනය කරයි. අත්අඩංගුවට පත් විරෝධතාකරුවන් පිලිබඳ විමසීමට පවුල් සාමාජිකයින් එරට පොලිසි අසල රැස්ව සිටින බවද වාර්තා වේ.

එක්සත් ජනපදය සහ ආජන්ටිනාව ගොන්සාලෙස්, වෙනිසියුලා ජනපතිවරණ ජයග්‍රාහකයා වශයෙන් මේවන විටත් පිළිගෙන තිබේ. කොස්ටාරිකාව, ඉක්වදෝරය, පැනමා සහ උරුගුවේ රාජ්‍යයන් ද ඔහුගේ ජයග්‍රහණය තහවුරු කර සිටී.
මේ අතර, රුසියාව, චීනය සහ කියුබාව ජනපතිවරණ ජයග්‍රහණය පිළිබඳව මදුරෝ වෙත සුබ පැතුම් එක කොට තිබේ.
වෙනිසියුලාව, දකුණු ඇමෙරිකාවේ පිහිටා තිබේ.
(සටහන : හ ර් ෂ උදයකාන්ත - Reuters ඇසුරිණි)
මූලාශ්‍ර :
Venezuelans march over contested election, number of detained rises



