BREAKING
Top Ad
විදේශ

බංගලාදේශ සිසු අරගල අගමැතිනිය ගෙදර යවන තැනටම ළං වෙයි

T

The Leader

August 5, 2024 • 3:10 AM

බංගලාදේශ සිසු අරගල අගමැතිනිය ගෙදර යවන තැනටම ළං වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) ට එම ධුරයෙන් ඉවත්වීමට බල කරමින්, එරට ශිෂ්‍ය ප්‍රජාව, සිය විරෝධතා දැඩි කර තිබේ.
  • එදින පැවති පැවති සිසු විරෝධතා හේතුකොට 67 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව රජය නිවේදනය කළේය.
  • 6.00 සිට දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පනවා තිබේ.  ඊයේ පැවති සිසු විරෝධතා මධ්‍යයේ, ප්‍රචණ්ඩකාරී ගැටුම් හටගැනීමත් සමග බංගලාදේශය පුරා එරට වේලාවෙන් ප.ව.
  • අද (05) සිට රජයේ විශේෂ තෙදින නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (04), දින නියමයක් රහිතව පැනවූ ඇඳිරි නීතිය ද නොතකා අද (05)  දින, ධකා (Dhaka) අගනුවර වෙත විරෝධතා පෙළපාලි කැඳවා තිබේ. 

බංගලාදේශ මෑත ඉතිහාසයේ මෙතෙක් නොවූ මාරාන්තික ගැටුම් වලින් ඊයේ (04) දින පමණක් 100ක ට අධික පිරිසක් මරණයට පත්වී, තවත් එවැනිම පිරිසක් තුවාල ලැබූහ. 

 

විශේෂයෙන් හඳුන්වාදුන් කෝටා ක්‍රමයක් යටතේ රජයේ නව රැකියා ලබා දීමට, එරට රජය විසින් ගනු ලැබූ අත්තනෝමතික තීරණයත් සමග පසුගිය මස, රට පුරා රජයට එරෙහි සිසු උද්ඝෝෂණ හට ගැනිණි.   

එය, මේ වන විට, අග්‍රාමාත්‍යවරියට සිය ධුරයෙන් ඉවත්වන ලෙස බල කෙරෙන දැවැන්ත සිසු අරගලයක් දක්වා වර්ධනය වී තිබේ. ඉකුත් ජනවාරියේ පැවති මැතිවරණයෙන් ෂීක් හසීනා සිව්වන වරටත් බංගලාදේශ අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත් විය. විපක්ෂය විසින් මැතිවරණය වර්ජනය කෙරිණි.

මිලියන 170කට ආසන්න ජනගහනයක් වෙසෙන බංගලාදේශයේ, ඊයේ දින පමණක් හට ගත් ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 13 දෙනකු ද ජීවිතක්ෂයට පත්වූහ. ඊයේ සිදු වූ මරණ සංඛ්‍යාව, බංගලාදේශයේ මෑත කාලීන ගැටුම්වලින්, එක් දිනක් තුළ වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව ද වෙයි. 

මීට පෙර, එසේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුයේ ඉකුත් ජුලි 19 වැනි දිනය. එදින පැවති පැවති සිසු විරෝධතා හේතුකොට 67 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව රජය නිවේදනය කළේය.  

 

ඊයේ පැවති සිසු විරෝධතා මධ්‍යයේ, ප්‍රචණ්ඩකාරී ගැටුම් හටගැනීමත් සමග බංගලාදේශය පුරා එරට වේලාවෙන් ප.ව. 6.00 සිට දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පනවා තිබේ. 
ඊයේ පැවති සිසු විරෝධතා මධ්‍යයේ, ප්‍රචණ්ඩකාරී ගැටුම් හටගැනීමත් සමග බංගලාදේශය පුරා එරට වේලාවෙන් ප.ව. 6.00 සිට දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පනවා තිබේ. පොලිසිය කඳුළු වායුව සහ රබර් උණ්ඩ යොදා ගනිමින්, ප්‍රචණ්ඩකාරීත්වයේ නිරත වූ, දස දහස් ගණනක් ශිෂ්‍යයින් විසිරුවා හැරීමට කටයුතු කළේය. අද (05) සිට රජයේ විශේෂ තෙදින නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කර තිබේ.   

රජය විසින් සිසුන් විශාල පිරිසක් ඝාතනය කර ඇති බව බංගලාදේශ ශිෂ්‍ය අරගලයේ කැඳවුම්කරු අසිෆ් මහමුද් (Asif Mahmud) ප්‍රකාශ කරයි. සිය ෆේස්‌ බුක් ගිණුමේ සටහනක් තබමින්, රජයට එරෙහි අවසන් ප්‍රතිචාර දැක්වීමට, තදාසන්න ප්‍රදේශවල සිට ධකා අගනුවරට එක්ව වීදි බසින්නැයි ඔහු එරට ශිෂ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.  

ඇඳිරි නීතිය හමුවේ, එරට සියලු දුම්රිය සේවා අත්හිටුවා තිබේ. බංගලාදේශයේ සුවිසල් ඇඟලුම් කර්මාන්තයද මුළුමනින්ම ඇණහිට ඇත. 

 

bang6සති අන්තයේ පැවැති ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින්, රජයේ ගොඩනැගිලි, පාලක අවාමි ලීගයේ (Awami League) කාර්යාල, පොලිස් ස්ථාන සහ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාස ඇතුළු දේපල රැසක් විනාශ වී ඇතැයි බංගලාදේශ මාධ්‍ය වාර්තා කරයි.
බංගලාදේශ හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, ඇඳිරි නීතියට ගරු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින නීතියට සහ බංගලාදේශ ව්‍යවස්ථාවට අනුකූලව, හමුදාව සිය රාජකාරීන් නිසි ලෙස ඉටු කරනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන්ය.ඒ අනුව, ජනතා ජීවිත, දේපොළ සහ අනෙකුත් සියලු රාජ්‍ය සම්පත්හි ආරක්ෂාව උදෙසා පනවා ඇති ඇඳිරි නීතිය සහ ඊට අදාළ විධිවිධාන ඉක්මවා කටයුතු නොකරන ලෙස හමුදාව විසින් මහජනතාවට දැනුම් දී තිබේ. 

සති අන්තයේ පැවැති ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින්, රජයේ ගොඩනැගිලි, පාලක අවාමි ලීගයේ (Awami League) කාර්යාල, පොලිස් ස්ථාන සහ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාස ඇතුළු දේපල රැසක් විනාශ වී ඇතැයි බංගලාදේශ මාධ්‍ය වාර්තා කරයි. එරට සමස්ත දිස්ත්‍රික්ක 64න් 39ක ම ප්‍රචණ්ඩත්වය වාර්තා වී තිබේ. ප්‍රචණ්ඩත්වය හමුවේ, දින නියමයක් නොමැතිව එරට සියලු දුම්රිය ප්‍රවාහන සේවා අවලංගු කර ඇතැයි දුම්රිය බලධාරීහු ප්‍රකාශ කරති. ලොව ප්‍රමුඛ පෙළ සන්නාම සහිත ඇඟලුම් නිෂ්පාදනය කෙරෙන බංගලාදේශ ජාත්‍යන්තර ඇඟලුම් කර්මාන්තශාලා සියල්ල ද දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. පවතින තත්වය හමුවේ, සේවක ආරක්ෂාව තහවුරු කරනුවස්, සියලු ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමීමට එහි හිමිකාරීත්වයන් තීරණය කර ඇතැයි බංගලාදේශ ඇඟලුම් නිෂ්පාදන සහ අපනයනකරුවන්ගේ සංගමය (Bangladesh Garment Manufacturers and Exporters Association) පවසයි. බංගලාදේශය පුරා අන්තර්ජාල සේවාද මේ වන විට නවතා දමා තිබේ. ෆේස් බුක් සහ වට්සැප් (WhatsApp)  ඇතුළු සමාජ මාධ්‍යද අවහිර කර ඇත.  

 

බංගලාදේශ රජය මේතරම් දරුණු විරෝධයකට මුහුණ දෙමින් සිටින්නේ ඇයි?ලොව පුරා මානව හිමිකම් සංවිධාන රැසක්, සිසු විරෝධතා මැඩ පැවැත්වීමට රාජ්‍ය බලය අනිසි ලෙස යොදා ගැනීමට එරෙහිව මේ වන විට, හසීනා රජයට චෝදනා එල්ල කර තිබේ.

ලොව පුරා මානව හිමිකම් සංවිධාන රැසක්, සිසු විරෝධතා මැඩ පැවැත්වීමට රාජ්‍ය බලය අනිසි ලෙස යොදා ගැනීමට එරෙහිව මේ වන විට, හසීනා රජයට චෝදනා එල්ල කර තිබේ. අග්‍රාමාත්‍යවරිය ඇතුළු එරට කැබිනට් මණ්ඩලය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 

රජයේ රැකියා, කෝටා  ක්‍රමයට නිකුත් කිරීමේ බංගලාදේශ රජයේ තීරණයට එරෙහිව ඉකුත් ජූලි මස හටගත් සිසු ගැටුම්වලින් 150කට අධික පිරිසක් මරුමුවට පත්ව තවත් දහස් ගණනක් තුවාල ලැබූහ.  

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීරණයට එරෙහි වාරණ නියෝගයක් පැනවීමත් සමග තත්වය මඳක් සමනය වුවද, අරගල හේතුවෙන් ජීවිතක්ෂයට පත් සිසුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කරන ලෙස සහ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට සිය ධුරයෙන් ඉවත්වීමට බල කරමින් යළි සිසු උද්ඝෝෂණ හට ගැනිණි. 

බංගලාදේශ රජය මේතරම් දරුණු විරෝධයකට මුහුණ දෙමින් සිටින්නේ ඇයි?අරගල හේතුවෙන් ජීවිතක්ෂයට පත් සිසුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කරන ලෙස සහ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට සිය ධුරයෙන් ඉවත්වීමට බල කරමින් යළි සිසු උද්ඝෝෂණ හට ගැනිණි. 
අරගලකරුවන්, ශිෂ්‍යයින් නොව සමස්ත ජාතියේ ප්‍රගමනයට එරෙහි ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන බව බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය පවසයි.

අරගලයට සහාය දක්වන එරට විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් වෙත ද මේ වන විට, බංගලාදේශ හමුදා අවධානය යොමුව තිබේ. අරගල භූමියෙන් හමුදා ඉවත් කරගන්නා ලෙසට සහ පවත්නා අර්බුදයට වහා දේශපාලන විසඳුමක් ලබා දෙන ලෙසට ඔවුහු හසීනා රජයට බල කර සිටිති. බංගලාදේශ හමුදාව නිරන්තරයෙන් ජනතා අභිලාශය සහ රාජ්‍යයේ අවශ්‍යතාව උදෙසා කැපවී ක්‍රියා කරන බව එරට හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී ජෙනරාල් වකර් උස්-සමාන් (General Waker-Uz-Zaman) පවසයි. 

පවත්නා තත්වය පිළිබඳව ඔහු විසින් අද දින විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමටද නියමිතය.   

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර :
   
Bangladesh protest: Students call for march to force PM to quit

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...