BREAKING
Top Ad
විදේශ

බංගලාදේශ අගමැතිනිය ධුරය අතහැර ඉන්දියාවට පලා යයි

T

The Leader

August 5, 2024 • 11:10 AM

බංගලාදේශ අගමැතිනිය ධුරය අතහැර  ඉන්දියාවට පලා යයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) අද (05) සිය ධුරය අතහැර ඉන්දියාවට පලා ගිය බව රොයිටර් (Reuters) පුවත්
  •   ඇය පලා ගොස් ඇත්තේ සිය සොහොයුරිද කැටුවය.
  • ඇය ඉන්දියාවේ ඊශානදිග ත්‍රිපුර (Tripura) ප්‍රාන්තයේ අගනුවර වන අගර්තලා (Agartala) වෙත පලා ගොස් ඇතැයි සී.
  • හමුදාවේ ප්‍රධානත්වයෙන් බංගලාදේශය තුළ අන්තර්වාර පාලනයක් බිහි කරන බව ඔහු ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
උපුටා දක්වමින් හින්දු පුවත් සේවය (THE HINDU BUREAU) වාර්තා කරයි.  

ඇය පලා ගොස් ඇත්තේ සිය සොහොයුරිද කැටුවය.

බංගලාදේශ සිසු අරගලකරුවන් දහස් ගණනින් අද ධකා (Dhaka)  අගනුවර අගමැති මන්දිරයට කඩා වැදීමත් සමග අගමැතිනිය ධුරය අතහැර හමුදා හෙලිකොප්ටරයකින් රටින් පලා ගියාය.

ඇය ඉන්දියාවේ ඊශානදිග ත්‍රිපුර (Tripura) ප්‍රාන්තයේ අගනුවර වන අගර්තලා (Agartala) වෙත පලා ගොස් ඇතැයි සී. එන්. එන්. (CNN) ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.  

ඇය සිය  ධුරය අත හැර පලා යාමත් සමග ජනතාව ඇමතූ එරට හමුදා ප්‍රධානී, වකර් උස්-සමාන් (Waker-Uz-Zaman) වහා සන්සුන් වන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

හමුදාවේ ප්‍රධානත්වයෙන් බංගලාදේශය තුළ අන්තර්වාර පාලනයක් බිහි කරන බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව, අද දිනයේ බංගලාදේශ ජනපති සමග සාකච්ඡා කර එම පියවර ගන්නා බව ඔහු දැනුම් දුන්නේය.

හමුදා නායකයා එරට දේශපාලන ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.

ඊයේ රට පුරා හටගත් ප්‍රචණ්ඩත්වයත් සමග පැනවුණු ඇඳිරි නීතිය ද නොතකා, විශාල පිරිසක් මීට ස්වල්ප වෙලාවකට පෙර අගමැති මැදුරට කඩා වැදුණහ.

අග්‍රාමාත්‍ය ෂීක් හසීනා ධුරයෙන් පලවා හැරීම ඔවුන්ගේ ඒකායන අභිප්‍රාය  විය.

අරගල කරුවන් නිහඬ කිරීම පිණිස එරට රජය සියලු අන්තර්ජාල සේවා මුළුමනින්ම නවතා දමා ෆේස්බුක්, වට්සැප්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය  ද අවහිර කිරීමට පියවර ගත්තේය.  

ඊයේ (04), දින නියමයක් නොමැතිව පැනවූ ඇඳිරි නීතිය කඩ කරන්නන්ට දුටු තැන වෙඩි තැබීමේ නියෝග ද නිකුත් කර තිබිණි.

එපමණකින් නොනැවතුණු බංගලාදේශ රජය, අද සිට ක්‍රියාත්මක විශේෂ තෙදින නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කළේය.  

(THE HINDU BUREAU ඇසුරින් සටහන : හ ර් ෂ උදයකාන්ත )

මූලාශ්‍ර :  
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...