BREAKING
Top Ad
විදේශ

බංග්ලාදේශ අර්බුදය :විපක්ෂ නායිකා කලීඩා ෂියා නිදහස්

T

The Leader

August 5, 2024 • 11:06 PM

බංග්ලාදේශ අර්බුදය :විපක්ෂ නායිකා කලීඩා ෂියා නිදහස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ.
  • ෂෙයික් හසීනාගේ පලා යෑමෙන් පසු අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව හමුදාව පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙසේ නියෝග කළේ ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, ධුරයෙන් ඉල්ලා අස්වී, රටින් ද පලා යෑමත්, හමුදාව එරට බලය අත්පත් කර ගැනීමත් සමඟය.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙසේ නියෝග කළේ හමුදාපති ජනරාල් වකාර් උස් සමාන්, නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති සමඟ එක් වී සාකච්ඡා පැවැත්වීමෙන් ද අනතුරුවය. 

මෙම හමුවට බංග්ලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයන් සහ තවත් විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ජමාත් ඊ ඉස්ලාමී පක්ෂයේ සාමාජිකයන් ද එක් වී සිටි බව පැවැසෙයි. ෂෙයික් හසීනාගේ පලා යෑමෙන් පසු අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව හමුදාව පවසා තිබේ.

(lankadeepa.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...