BREAKING
Top Ad
විදේශ

බංගලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරියි

T

The Leader

August 6, 2024 • 12:45 PM

බංගලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංගලාදේශ පාර්ලිමේන්තුව අඟහරුවාදා විසුරුවා හරින ලදී - ශිෂ්‍ය විරෝධතා නායකයින්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ අද පස්වරු 3ට පෙර
  • හමුදාව ප්‍රමුඛ රජයක් පිළි නොගන්නා බව බංගලාදේශ ශිෂ්‍ය විරෝධතාකරුවන් කියයි අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, හමුදා නායකත්වයෙන් යුත් රජයක් තමන් පිළිනොගන්නා බව බංගලාදේශ විරෝධතාකරුවන් අවධාරණය කරයි.
  • බංගලාදේශ හමුදාපතිවරයා ප්‍රකාශ කළේ අන්තර්වාර රජයක් පිහිටුවා නව මැතිවරණයක් කැඳවන බව ය.
  • විරෝධතාකරුවන් පවසන්නේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස පත් කිරීමට අවශ්‍ය බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය.


හමුදාව ප්‍රමුඛ රජයක් පිළි නොගන්නා බව බංගලාදේශ ශිෂ්‍ය විරෝධතාකරුවන් කියයි

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, හමුදා නායකත්වයෙන් යුත් රජයක් තමන් පිළිනොගන්නා බව බංගලාදේශ විරෝධතාකරුවන් අවධාරණය කරයි.

බංගලාදේශ හමුදාපතිවරයා ප්‍රකාශ කළේ අන්තර්වාර රජයක් පිහිටුවා නව මැතිවරණයක් කැඳවන බව ය. එහෙත් ඔහු ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.

විරෝධතාකරුවන් පවසන්නේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස පත් කිරීමට අවශ්‍ය බව ය.

අද පස්වරු 3ට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස විරෝධතාකරුවන් එරට ජනපතිගෙන් ඉල්ලා සිටියේය.

ඔවුන් අවධාරණය කර සිටියේ, එසේ නොවුණ හොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.

මේ අතර, ෂෙයික් හසීනාගේ පුත්‍රයා බීබීසීයට ප්‍රකාශ කළේ, තම මව නැවත දේශපාලනයට පැමිණීමක් සිදු නොවනු ඇති බව ය, "සියලු වෙහෙස මහන්සියෙන් පසු සුළුතරයක් ඇයට එරෙහිව නැගී සිටීම ගැන ඇයට කලකිරුණා" යැයි ඔහු පැවසීය.


බංගලාදේශ ගුවන් හමුදා යානය ඉන්දීය ගුවන් හමුදා කඳවුරෙන් පිටත්ව යයි

බංගලාදේශ ගුවන් හමුදාවට අයත් ගුවන් යානය ඉන්දියාවේ ගුවන් හමුදා කඳවුරකින් ගුවන් ගත වී ඇති බව ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සියක් වන ANI වාර්තා කරයි.

නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වන වාර්තාවට අනුව, C-130J ගුවන් යානය දේශීය වේලාවෙන් 0900ට (GMT 0330) ගුවන් කඳවුරෙන් පිටත්වූ බවය.

පසුව ඔවුන් කියා සිටියේ හසීනා ගුවන් යානයේ සිටි බවට විශ්වාස නොකරන බවයි.

මෙම යානය සඳුදා සවස ෂෙයික් හසීනා රැගෙන උතුරු ඉන්දියාවේ ගාසියාබාද් වෙත පියාසර කර ඇත.

ෂෙයික් හසීනාගේ නිවසින් මිනිසුන් කොල්ල කෑ දේ

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමෙන් පසු දහස් ගණනක් ජනතාව ඩකා අගනුවර පිහිටි ඇගේ මන්දිරය කොල්ල කෑහ.

මන්දිරයට ඇතුළු වූ පිරිස ලීබඩු උපකරණ රැගෙන යන ආකාරය මෙන්ම එහි තිබූ විවිධ භාණ්ඩ සමඟ විනෝද වනු අයුරු දැක ගන්නට ලැබුණි.

zdfw35එක් විරෝධතාකරුවෙකු විශාල මාළුවෙකු රැගෙන යන ආකාරය

 

DTW45FDතවත් අය පුටුවක් සමග ඡායාරූප ගන්නා අයුරු


ZDGFW45 සීලිං විදුලි පංකාවක් රැගෙන යන අයුරු


ඇඟලුම් කර්මාන්ත ශාලා වසා දැමේ

බංගලාදේශයේ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ ආයතනය නිවේදනය කර ඇත්තේ සියලුම ඇඟලුම් කම්හල් අඟහරුවාදා වසා තබන ලෙසට ඉල්ලා ඇති බව ය.

උග්‍රවන විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ එරට ඇඟලුම් කම්හල් දින නියමයක් නොමැතිව වසා දමා ඇත. ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ ඒවා නැවත විවෘත කිරීම පිළිබඳ මීළඟ තීරණය අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බවයි.


බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යයි 

 බංගලාදේශ විරෝධතාකරුවන් අගමැති මැදුරට කඩා වැඳුණු අයුරු

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...