BREAKING
Top Ad
විදේශ

හමාස් නව නායක යහ්යා සින්වාර්

T

The Leader

August 7, 2024 • 5:16 AM

හමාස් නව නායක යහ්යා සින්වාර් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය ඔක්තෝබර් 07 නිරායුධ ඊශ්‍රායල වැසියන් වෙත එල්ල කළ බිහිසුණු සහ ම්ලේච්ඡ ප්‍රහාරයේ මහ මොළකරු, යහ්යා සින්වාර් (Yahya Sinwar), හමාස් (Hamas) නව නායකයා ලෙස නම් කර තිබේ.
  • එම ප්‍රහාරයෙන්, දකුණු ඊශ්‍රායලයේ නිරායුධ වැසියන් 1200ක් ඝාතනය වූ අතර 250 දෙනකු පමණ  හමාස් ත්‍රස්තයින්ගේ ප්‍රාණ ඇපයට පත් විය.
  •     ඊශ්‍රායලයෙන් පලි ගන්නා බවට  ඉරානය සපථ කර තිබේ.
  • ඉරානයේ සමීපතමයකු වූ හනියේ ඝාතනය සම්බන්ධයෙන්, ඊශ්‍රායලයෙන් පලි ගන්නා බවට  ඉරානය සපථ කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු ගාසා හි හමාස් සංවිධානය භාර ප්‍රධානියාද වෙයි. හමාස් සංවිධානයේ හිටපු නායක ඉස්මයිල් හනියේ (Ismail Haniyeh), පසුගියදා ඉරානයේදී ඝාතනය කෙරිණි. 

නව නායක සින්වාර්, හමාස් හි හමුදා ශක්තිය දැඩි කිරීමේ වසර ගණනක ප්‍රයත්නයේ ප්‍රධානියා ද වෙයි. ඔක්තෝබර් 07 ප්‍රහාරයෙන් පසු, ඔහුගේ නම ඊශ්‍රායල ඝාතන ලයිස්තුවේ මුලට එක්විය. එම ප්‍රහාරයෙන්, දකුණු ඊශ්‍රායලයේ නිරායුධ වැසියන් 1200ක් ඝාතනය වූ අතර 250 දෙනකු පමණ  හමාස් ත්‍රස්තයින්ගේ ප්‍රාණ ඇපයට පත් විය.  

 

ඊශ්‍රායලයෙන් පලි ගන්නා බවට  ඉරානය සපථ කර තිබේ.

හමාස් සංවිධානයේ නව නායකයා නම් කිරීමත් සමග කලාපයේ යුද උණුසුම තව දුරටත් වර්ධනය වෙමින් පවතී. ඉරානයේ සමීපතමයකු වූ හනියේ ඝාතනය සම්බන්ධයෙන්, ඊශ්‍රායලයෙන් පලි ගන්නා බවට  ඉරානය සපථ කර තිබේ. ඉකුත් සතියේ බීරූත් (Beirut) හි දී සිය හමුදා කොමාන්ඩෝ ප්‍රධානියකු ඝාතනය කිරීමට එරෙහිව ඊශ්‍රායලයට දැඩි ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට හිස්බුල්ලා (Hezbollah) සංවිධානය තර්ජනය කරයි. ඇමෙරිකානු, ඊජීප්තු සහ කටාර් රාජ්‍ය තාන්ත්‍රිකයින්, පවතින තත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටත්, කලාපය තුළ වහා සටන් විරාමයක් ඇති කිරීමටත් ගැටුම්කාරී පාර්ශ්වයන් වෙත තවදුරටත් මැදිහත් වෙමින්  සිටී. හනියේ ඝාතනයත් සමග ඊශ්‍රායල සහ පලස්තීන ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම ද අඩාල විය. 

නව නායක සින්වාර්

 

නව නායක සින්වාර්, හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාංශ ප්‍රධානී ලෙස ද පත් කර තිබේ.

හනියේ ඝාතන චෝදනාව සෘජුවම ඊශ්‍රායලය වෙත එල්ල කර තිබේ. ඊශ්‍රායලය මෙතෙක් එම චෝදනා ප්‍රතික්ෂේප කර හෝ පිළිගෙන නොමැත. ඉකුත් සතියේ, හමාස් සන්නද්ධ අංශයේ ප්‍රධානී මොහම්මද් ඩෙෆ් (Mohammed Deif), සිය ප්‍රහාර හමුවේ ඝාතනය වූ බව ඊශ්‍රායලය පවසයි. එහෙත්, හමාස් සංවිධානය විසින් මෙතෙක් එය තහවුරු කර නැත. 

 

හමාස් නායකයා ඝාතනය කෙරේහනියේ ඝාතන චෝදනාව සෘජුවම ඊශ්‍රායලය වෙත එල්ල කර තිබේ
පසුගිය මාස කිහිපය තුළ, ඊශ්‍රායල ප්‍රහාර වලින් හමාස් නායකයින් සහ හමුදා ප්‍රධානීන් රැසක් ඝාතනය වීමත් සමග සින්වාර් එහි නායකත්වයට පත් කර ඇත. ඒ සමගම, හමාස් සංවිධානයේ ජාත්‍යන්තර සබන්ධතා සම්බන්ධීකරණ කටයුතු ද එහි සන්නද්ධ අංශය යටතට පත්ව තිබේ. 

2019 සිට කටාර් රාජ්‍යයේ ජීවත් වූ හනියේ, ගාසා තීරයේ සටන් විරාමයක් උදෙසා ඇමෙරිකානු, කටාර් සහ ඊජීප්තු මැදිහත්කරුවන් හා වෙසෙස් මෙහෙවරක යෙදී සිටියේය. අල් ජසීරා (Al-Jazeera) රූපවාහිනිය වෙත විශේෂ ප්‍රකාශයක් කළ හමාස් මාධ්‍ය ප්‍රකාශක ඔසාමා හම්දාන් (Osama Hamdan), හමාස් හි නව නායකත්වය විසින් එම ප්‍රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇතැයි ප්‍රකාශ කළේය. 

ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය, හමාස් නව නායකයාට සුබ පැතුම් එක් කොට තිබේ. නව නායක සින්වාර්, පලස්තීනුවන්ගේ දේශපාලන අභිමතාර්ථ මැනෙවින් වටහාගත්, පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් නිවැරදි දේශපාලන තීන්දු තීරණ ගන්නා අයකු ලෙසත්, යුද බිම බිහිසුණු සටන්කරුවකු ලෙසත් ප්‍රකට පුද්ගලයෙකි. 

 



මීට පෙර, ගාසා හි පැවති මහජන රැළියකදී, පලස්තීනුවන් ඇමතූ සින්වාර්, හැකිනම්, එහි පැමිණ තමාව ඝාතනය කරන්නැයි ඊශ්‍රායලයට අභියෝග කර තිබේ. එම හමුවෙන් පසු තමන් නිරුපද්‍රිතව නිවෙස කරා යන බව පැවසු ඔහු, රැළියෙන් අනතුරුව, වීදි බට පලස්තීනුවන් සමග අතට අත  දෙමින් සෙල්ෆි ඡායාරූප වලටද පෙනී සිටියේය. 

(AP ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර :  
Hamas names Yahya Sinwar, mastermind of the Oct. 7 attacks, as its new leader in show of defiance
    

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...