BREAKING
Top Ad
විදේශ

රට ඉදිරියට ගෙනයාමට බංගලාදේශ විරෝධතාකරුවන් තෝරා ගත් මුහම්මද් යූනුස් කවුද?

T

The Leader

August 7, 2024 • 11:21 PM

රට ඉදිරියට ගෙනයාමට බංගලාදේශ විරෝධතාකරුවන් තෝරා ගත් මුහම්මද් යූනුස් කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංගලාදේශයේ බලයෙන් පහකළ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ දිගුකාලීන දේශපාලන සතුරෙකු වූ නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් එරට අන්තර්වාර ආණ්ඩුවේ
  • සති කිහිපයක් පුරා ආණ්ඩු විරෝධී පෙළපාලි සම්බන්ධීකරණය කළ ශිෂ්‍ය නායකයින් විසින් 84 හැවිරිදි ඔහුට සහය පළ කරනු ලැබ තිබේ.
  • පසුගිය සඳුදා පැවති විරෝධතා බොහොමයක් ප්‍රචණ්ඩ ගැටුම්වලට තුඩු දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මිය ගියහ.
  • බංගලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය හා සාමය යළි ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය මෙහෙයවීමට තෝරා ගෙන ඇති මේ ප්‍රවීණ සමාජ ව්‍යවසායකයා කවුද?
අකුරු ප්‍රමාණය (Font Size):

නායකයා ලෙස නම් කර තිබේ.

ෂෙයික් හසීනා ඉල්ලා අස්වී රටින් පලායාමෙන් පසු එරට අන්තර්වාර රජය මෙහෙය වීම නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මුහම්මද් යුනුස් වෙත පැවරෙනු ඇතැයි මීට පෙර ඉඟි පළවී තිබුණි.

සති කිහිපයක් පුරා ආණ්ඩු විරෝධී පෙළපාලි සම්බන්ධීකරණය කළ ශිෂ්‍ය නායකයින් විසින් 84 හැවිරිදි ඔහුට සහය පළ කරනු ලැබ තිබේ.

පසුගිය සඳුදා පැවති විරෝධතා බොහොමයක් ප්‍රචණ්ඩ ගැටුම්වලට තුඩු දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මිය ගියහ.

බංගලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය හා සාමය යළි ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය මෙහෙයවීමට තෝරා ගෙන ඇති මේ ප්‍රවීණ සමාජ ව්‍යවසායකයා කවුද?

මුහම්මද් යූනුස් යනු කවුද?

 

මුහම්මද් යුනුස් 1970 දශකයේදී ක්ෂුද්‍ර මූල්‍යකරණයේ පුරෝගාමියෙකු ලෙස සිය නම දිනා ගත් අතර, බංගලාදේශයේ දිලිඳුම ජනතාව අතුරින් සමහරක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට එය උපකාරී විය.

මුහම්මද් යුනුස් 1970 දශකයේදී ක්ෂුද්‍ර මූල්‍යකරණයේ පුරෝගාමියෙකු ලෙස සිය නම දිනා ගත් අතර, බංගලාදේශයේ දිලිඳුම ජනතාව අතුරින් සමහරක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට එය උපකාරී විය.

එය චිතගොං විශ්ව විද්‍යාලයට ආසන්නව පිහිටි දිළිඳු ගම්මානයක ඔහු කළ සංචාරයෙන් ආභාෂය ලැබූ ව්‍යවසායයකි. ගම්වැසියන් පිරිසකට කුඩා ණය මුදලක් - වරකට සුළු මුදල් ප්‍රමාණයක් ණයට දෙමින්, සාම්ප්‍රදායික බැංකු උදව් කිරීමට අකමැති කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට ඔහු මූල්‍ය ආධාර ලබා දුන්නේය.

මෙම ව්‍යවසාය සාර්ථක වූ අතර ඉක්මනින් වර්ධනය විය - 1980 ගණන්වල මුල් භාගය වන විට එහි සාමාජිකයින් දස දහස් ගණනක් සිටි අතර එය ග්‍රාමීන් බැංකුව බවට පත් විය. (එය "ගමේ බැංකුව" ලෙස හැඳින්වේ).

බැංකුව බංගලාදේශය පුරා පුළුල් පරාසයක ව්‍යාපෘති ක්‍රියාත්මක කළ අතර - ලාභ ලබන සහ ලාභ නොලබන ව්‍යාපාර වශයෙන් - රෙදිපිළි සිට ජංගම දුරකථන සහ බ්‍රෝඩ්බෑන්ඩ් දක්වා විවිධාංගීකරණය කළේය.

2006 දී සිය මූල්‍ය කටයුතු වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය දිනූ මහාචාර්ය යුනුස්ට සාර්ථකත්වය මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති විය. ඔහුගේ මුල්‍ය කටයුතු මේ වන විට සංවර්ධනය වෙමින් පවතින ලෝකය පුරා සමාන ව්‍යාපෘතිවලට ආදර්ශයක් විය.

සාම ත්‍යාගය ලැබී මාස කිහිපයක් ඇතුළත ඔහු දේශපාලනයට වැඩි වැඩියෙන් සම්බන්ධ විය. "මම දේශපාලනයට හුරු පුරුදු කෙනෙක් නෙවෙයි" ඔහු එවක ප්‍රකාශ කළේය. “නමුත් බලකිරීමක් ලදහොත් දේශපාලනයට සම්බන්ධ වීමට මම පසුබට වෙන්නෙ නැහැ.”

එහෙත් දේශපාලන අස්ථාවරත්වයෙන් පිරි රටක, ආණ්ඩුවේ විවේචකයකු ලෙස හඬ නඟන භූමිකාවක නිරත වීම නිසා ඔහුට සතුරන් ඇති විය.

2007 දී, ඔහු නගෝරික් ශක්ති (පුරවැසි බලය) නම් දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේ දශක ගණනාවක් තිස්සේ හසීනා සහ ඇගේ ප්‍රතිවාදී ඛලීඩා ෂීයා විසින් ආධිපත්‍යය දැරූ දේශපාලන පද්ධතියක තුන්වන පාර්ශවයක් වීමේ උත්සාහයක් ලෙස ය.

නොබෙල් ත්‍යාගලාභී 'දුප්පතාගේ බැංකුකරුට' බංග්ලාදේශයේ සිර දඬුවම්


nobel

බංග්ලාදේශයේ අධිකරණයක් විසින් එරට කම්කරු නීති උල්ලංඝණය කිරීම හේතුකොට ගෙන නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ට හයමසක සිර දඬුවමක් පනවනු ලැබිය.

නඩුව දේශපාලන පළිගැනීමක්බව මහාචාර්ය යුනුස්ගේ ආධාරකරුවන් ගේ අදහස විය.

මේ ප්‍රශංසනීය ආර්ථික විද්‍යාඥයාත්, ඔහු විසින් ආරම්භ කෙරුණු සමාගමක් වන ග්‍රාමීන් ටෙලිකොම්හි ඔහුගේ සගයන් තිදෙනෙකුත්, එහි සේවකයන් සඳහා සුබසාධන අරමුදලක් නිර්මාණය කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීන්දු විය.

සිව්දෙනාම වරද ප්‍රතික්ෂේප කරන අතර, අභියාචනාවන් විභාගවන තෙක් ඇප හිමි විය.

"මාගේ නීතීඥවරුන් අධිකරණයේ දී ඒත්තූ ගැන්වූ පරිදි මට එරෙහි මේ තීන්දුව සියලු නීතිමය පූර්වාදර්ශ වලට සහ තර්කයන්ට පටහැනි ය," මහාචාර්ය යූනුස් තීන්දුවෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

" අසාධාරණත්වයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම සෑම පුරවැසියෙකුගේම මානව හිමිකම් වෙනුවෙන් එක් හඬින් කථා කරන ලෙස මම බංග්ලාදේශ ජනතාවගෙන් ඉල්ලා සිටිමි."

ජාත්‍යන්තර වශයෙන් "දිළින්දන්ගේ බැංකුකරු" ලෙස ප්‍රසිද්ධ 83 හැවිරිදි මහාචාර්ය යූනුස්, මිලියන ගණනක් ජනයාට දරිද්‍රතාවෙන් මිදීමට උපකාරවන පුරෝගාමී ක්ෂුද්‍ර මූල්‍ය ණය පද්ධතියක් ස්ථාපනය කිරීමේ ගෞරවය ලබයි.


ඔවුන්ගේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන්, 2006 දී මහාචාර්ය යූනුස්ට සහ ඔහුගේ ග්‍රාමීන් බැංකුවට නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කෙරිණි.

ඔහුගේ නීතීඥයෙකු වන අබ්දුල්ලා අල් මාමුන් තීන්දුව ගැන සාකච්ඡා කරමින් බීබීසීයට මෙසේ පවසා තිබිණ.: "ඒක පෙර නොවූ විරූ තීන්දුවක්. නඩුව සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාවලිය අනුගමනය කළේ නෑ වගේම, ඒ කටයුතු ඉතාම කඩිනමින් සිද්ධ කළා."

ඔහු මෙසේ ද පැවසීය: "සම්පූර්ණ අරමුණ වුණේ ඔහුගෙ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි කරන එක. අපි මේ තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරනවා."

මහාචාර්යවරයාට එරෙහිව කම්කරු නීති උල්ලංඝණය කිරීම සහ අයුතු ලාභ ප්‍රයෝජන සැලසීම සම්බන්ධයෙන් තවත් චෝදනා 100කට අධික සංඛ්‍යාවක් එල්ල වී ඇති බව ඔහුගේ නීතීඥයින් පවසයි.

1656075421 hasina

අග්‍රාමාත්‍ය හසීනා ෂෙයික් වරක් මහාචාර්ය යූනුස් දිළිඳු ජනතාවගේ "ලේ උරාබොන්නෙකු" ලෙස හඳුන්වාදී ඇති අතර, ඔහුගේ ග්‍රාමීන් බැංකුව අසාධාරණ ලෙස අධික පොළී අය කරන බවට චෝදනාකර තිබිණ.

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන, මානව හිමිකම් පිළිබඳ සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්හි හිටපු ප්‍රධානී අයිරින් ඛාන් සඳුදා තීන්දුව ප්‍රකාශ කිරීමේ අවස්ථාව සඳහා පැමිණ සිටියා ය. මෙසේ වරදකරු කිරීම "යුක්තියේ සරදමක්" බව ඇය AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවා ය.

අගෝස්තු මාසයේ දී, මහාචාර්ය යූනුස්ට "හිංසා කිරීම" නතර කරන ලෙස ගෝලීය දැවැන්තයින් 170 දෙනෙකුට අධික පිරිසක් හසීනාගෙන් ඉල්ලා තිබුණි.

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, වර්ජින් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් සහ U2 සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායක බොනෝ ඇතුළු පිරිසක් අත්සන් තැබූ ඉහත සඳහන් ලිපියෙන්, මහාචාර්ය යූනුස්ට එරෙහිව ක්‍රියාත්මක වන "අඛණ්ඩ අධිකරණමය හිරිහැර" නතර කරන ලෙස ඉල්ලා තිබුණි.

මහාචාර්ය යූනුස්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාමාර්ග ඇගැයීම සඳහා ජාත්‍යන්තර විශේෂඥයින් සාදරයෙන් පිළිගන්නා බව හසීනා පැවසුවා ය.

හසීනා සහ මහාචාර්ය යූනුස් අතර ගැටුමට තුඩු දුන්නේ කුමක්දැ යි පැහැදිලි නැතත්, වරක් ඔහු බලයේ සිටින අවාමි ලීගයට ප්‍රතිවාදී ලෙස දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සිතූ නිසා ආණ්ඩුව ඔහු අපකීර්තියට පත් කිරීමට තැත් කරන බව, ආර්ථික විද්‍යාඥයාගේ ආධාරකරුවන් කියා සිටියහ.


(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...