එරට ගිලන් රථ සේවය මගින් මේ වනවිටත් විශාල රුධිර සංචිත ප්‍රමාණයක් එක්රැස් කර තිබේ. රුධිර සංචිත වාගුලු සහිත සහ ප්‍රබල කම්පනයන්ට ඔරොත්තු දෙන ලෙස ඝන කොන්ක්‍රීට් බිත්ති යොදා ඉදි කළ භූගත ශීතාගාරවල ගබඩා කෙරේ. කර්මාන්තශාලා හි ඇති සියලු අන්තරයාකර අමුද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ ඉවත් කිරීම් සිදු කෙරෙන අතර බෝම්බ ප්‍රහාරයකදී ආරක්ෂාකාරීව රැඳී සිටියහැකි ජීවිතාරක්ෂක ස්ථාන ඉදිකිරීම සහ ස්ථාවර ජල සැපයුම් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ද බලධාරීහු කටයුතු කරමින් සිටිති.
එරට ගිලන් රථ සේවය මගින් මේ වනවිටත් විශාල රුධිර සංචිත ප්‍රමාණයක් එක්රැස් කර තිබේ.
ඉකුත් ඔක්තෝබර 07 ගැටුම් ඇරඹි තැන් සිට මෙම පියවර ගත් බව ඔවුහු පවසති. කෙසේවෙතත්, පසු ගිය දිනයන්හි හටගත් හදිසි තත්වයන් සමගින් ඊශ්‍රායලය තුළ ජීවිතාරක්ෂක ක්‍රමෝපායයන් ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනම් කර ඇත.
ඊශ්‍රායලය මේ වනවිට බහුපාර්ශවීය යුද තර්ජනයකට මුහුණ පා සිටී. එහි දීර්ඝ කාලීන සතුරු රාජ්‍යය වන ඉරානය සහ ඉරාන මූල්‍යාධාර ලබන හමාස්, හිස්බුල්ලා සහ යේමනයේ හුති ත්‍රස්තයින්ගෙන් ද ඕනෑම මොහතක එල්ල වියහැකි දරුණු ප්‍රහාරයකට මුහුණ දීමට ඊශ්‍රායලය සූදානම් ව සිටී.
ඊශ්‍රායලය වෙත නුදුරේදීම දරුණු ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ප්‍රමුඛ සතුරු කඳවුර තර්ජනය කර ඇත.
ඉකුත් සතියේ සිදු කළ හමාස් නායක සහ හිබුල්ලා කොමාන්ඩෝ ප්‍රධානී ඝාතනත් සමග ඊශ්‍රායලය වෙත නුදුරේදීම දරුණු ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ප්‍රමුඛ සතුරු කඳවුර තර්ජනය කර ඇත.
ගැටුම් ආරම්භ වීමෙන් පසු එල්ල වූ ඉරාන මිසයිල සිය ගණනක් සාර්ථකව නිෂ්ක්‍රීය කිරීමත් සමග, ඊශ්‍රායලය මේ වන විට එල්ල විය හැකි ඕනෑම සතුරු ප්‍රහාරයකට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිටී. හිස්බුල්ලා රොකට් ප්‍රහාර සෘජුවම එල්ල විය හැකි, උතුරු ඊශ්‍රායල දේශ සීමාවෙන් ඊශ්‍රායල වැසියන් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. දේශසීමා වැඩි ප්‍රමාණයක් හුදෙකලා කර ඇත. කෙසේ වෙතත්, උතුරු ඊශ්‍රායලයේ හයිෆා (Haifa) වරාය නගරය පැහැදිලි සතුරු ඉලක්කයක් බවට හඳුනා ගෙන තිබේ. තෙමහල් භූගත කොටසකින්ද සමන්විත එහි රම්බම් (Rambam) රෝහලද මේ වන විට ඕනෑම හදිසි තත්වයක් වෙනුවෙන් සූදානම් කර ඇත.
ආරක්ෂක නිවස්න ආසන්නව ගත කිරීමට සහ අනවශ්‍ය එකරාශිවීම් සිදු නොකරන ලෙසත් ඊශ්‍රායල වැසියන්ට උපදෙස් ලබා දී තිබේ.
සියලු අත්‍යවශ්‍ය නොවන කටයුතු වලින් හැකිතාක් වැළකී සිටින ලෙසත්, ආරක්ෂක නිවස්න ආසන්නව ගත කිරීමට සහ අනවශ්‍ය එකරාශිවීම් සිදු නොකරන ලෙසත් ඊශ්‍රායල වැසියන්ට උපදෙස් ලබා දී තිබේ. හදිසි සතුරු ගුවන් ප්‍රහාර දැනුම් දීමේ පද්ධතියද යාවත්කාලීන කිරීමට ඊශ්‍රායල හමුදා බලධාරීන් විසින් කටයුතු කර තිබේ. එනුව, හදිසි ප්‍රහාර පිළිබඳව එසැණ කෙටි පණිවුඩ මහජනතාව වෙත සම්ප්‍රේෂණය කෙරේ.
ඊශ්‍රායල හයිෆා නගරයේ හදිසි ආරක්ෂණ නිවස්න පද්ධතීන් ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ ස්වයංක්‍රීය කර ඇත. හදිසි අවස්ථාවකදී නිවස්නයන්හි දොරගුළු දුරස්ථව ජීවිතාරක්ෂාව පිණිස විවෘත කෙරේ. ඊශ්‍රයලය පුරා භූගත වාහන නැවතුම්පොළ රැසක්ද මේ වන විට ජීවිතාරක්ෂක මධ්‍යස්ථාන බවට පරිවර්තනය කර ඇත.
ඊශ්‍රායල පරිසර ආරක්ෂණ අමාත්‍යංශය (Environmental Protection Ministry) විසින් ඉකුත් සතියේ දීපව්‍යාප්ත කාර්මික ආරක්ෂණ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව රට පුරා පිහිටි කර්මාන්තශාලා සතුව පවතින විශේෂයෙන් ඇස්බැස්ටෝස් වැනි අන්තරායකර ද්‍රව්‍ය සහ ඒවා පවතින නිශ්චිත සංචිත පිලිබඳ තොග සමීක්ෂණ සිදු කෙරේ.
ඊශ්‍රායල බැංකු මුදල් සංචිත සුරක්ෂිත බවද රජය පවසයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු
ඉකුත් දා ඊශ්‍රායල හමුදාවට එක්වූ ආධුනික සෙබළුන් හමු වූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) නොබියව, ඉවසිලිමත්ව සහ සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටියේය. ආරක්ෂාව සහ ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලය පූර්ණවශයෙන් සන්නද්ධ බවත් සතුරු හමුදාවන්ට බිහිසුණු ප්‍රහාර එල්ල කරන අතර මහජනතාවගේ ජීවිතාරක්ෂාව පූර්ණ වශයෙන් සහතික කර ඇති බවත් ඔහු පවසයි.
මේ අතර ඊයේ (08) දින ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ දැඩි ගුවන් ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 40 කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත)
මූලාශ්‍ර :
Tense Israel in waiting as attack threat looms
Israel kills 40 Palestinians in Gaza airstrikes amid fears of wider war



