BREAKING
Top Ad
විදේශ

බංග්ලාදේශයේ අගවිනිසුරුත් ඉල්ලා අස්වීමට තීරණය කරයි

T

The Leader

August 10, 2024 • 7:06 AM

බංග්ලාදේශයේ අගවිනිසුරුත් ඉල්ලා අස්වීමට තීරණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉල්ලා අස්වීමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා අස්වීමට "ප්‍රතිපත්තිමය වශයෙන්" ඔහු එකඟ වූ බව ජමුනා රූපවාහිනිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
  • මේ පිළිබඳව අන්තර්වාර ආණ්ඩුවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක අසීෆ් මහමුද් ෆේස් බුක් වෙබ් අඩවියේ පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • මේ අතර පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මියගොස් ඇති බව ද  විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ෂෙයික් හසීනාට පක්ෂපාතියෙකු ලෙස සැලකෙන ඔබයිදුල් හසන්ට ඩකා අගනුවර උසාවියෙන් පිටත රැස් වූ විරෝධතාකරුවන් විසින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී මෙන් පසුවයි.

විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා අස්වීමට "ප්‍රතිපත්තිමය වශයෙන්" ඔහු එකඟ වූ බව ජමුනා රූපවාහිනිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

abdulවිරෝධතාකරුවන්ගෙන් ඉල්ලා අස්වීමට "ප්‍රතිපත්තිමය වශයෙන්" ඔහු එකඟ වූ බව

ඔබයිදුල් හසන්ට සහ අභියාචනා අංශයේ විනිසුරුවරුන්ට අද පස්වරු 1 වනවිට ඉල්ලා අස්වන ලෙස අවසාන නිවේදනයක් නිකුත් කර ඇති අතර විරෝධතාකරුවන් ඔවුන්ගේ නිවාස වටලන බවත් කොන්දේසි විරහිතව ඉල්ලා අස්වන ලෙසත්, සම්පූර්ණ උසාවි රැස්වීම නවත්වන ලෙසත් තර්ජනය කර තිබිණ.

මේ පිළිබඳව අන්තර්වාර ආණ්ඩුවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක අසීෆ් මහමුද් ෆේස් බුක් වෙබ් අඩවියේ පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මියගොස් ඇති බව ද  විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

තම ආරක්ෂාව තහවුරු කරන තුරු නැවත සේවයට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් පොලිස් නිලධාරීන් ද වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇත.

(nethnews.lk)


Bangladesh Chief Justice Resigns After Ultimatum From Student Protesters

Bangladesh chief justice agrees to resign amid new student protests

Bangladesh Chief Justice Obaidul Hassan decides to resign amid student protest: Report


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...