BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවෝ සිය ගණනක් මරුට

T

The Leader

August 10, 2024 • 11:39 AM

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවෝ සිය ගණනක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාසල් පරිශ්‍රයකට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් සිය ගණනක් ඝාතනය වී ඇතැයි හමාස් පාලනය යටතේ පවතින
  • අවතැන් පවුල් ගණනාවක් එහි තාවකාලිකව රැඳී සිටි බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
  • එහි සැඟව සිටි සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කොට ප්‍රහාරය එල්ල කළ බවත්, හමාස් සංවිධානය පවසන මිය ගිය පුද්ගල සංඛ්‍යාලේඛන සැක සහිත බවත්  ඊශ්‍රායලය පවසයි.
  • ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් තැන තැන විසිරී ඇති අයුරු, මළ සිරුරු රැගෙන යන අයුරු සහ මිය ගිය අයවලුන්ගේ දේහයන් ආවරණය කර තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මාධ්‍යයට මුදා හැර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගාසා රජය අද (10) නිවේදනය  කළේය.

අවතැන් පවුල් ගණනාවක් එහි තාවකාලිකව රැඳී සිටි බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඊශ්‍රායලය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. එහි සැඟව සිටි සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කොට ප්‍රහාරය එල්ල කළ බවත්, හමාස් සංවිධානය පවසන මිය ගිය පුද්ගල සංඛ්‍යාලේඛන සැක සහිත බවත්  ඊශ්‍රායලය පවසයි.

ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් තැන තැන විසිරී ඇති අයුරු, මළ සිරුරු රැගෙන යන අයුරු සහ මිය ගිය අයවලුන්ගේ දේහයන් ආවරණය කර තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මාධ්‍යයට මුදා හැර තිබේ.

හිස් ආහාර ටින්, තැන තැන විසිරුණු රුධිරය සහ කුඩා දරුවකුගේ බෝනික්කකු ද එහි  දර්ශන අතර වෙයි.  

ආවරණිත මල සිරුරු රැසක් අබියස දෙවියන් යදින පුද්ගලයකුගේ දර්ශන රැගත් එවැනිම, තවත් වීඩියෝවක් ද මුදා හැර තිබේ. එහෙත්, එම සියලු දර්ශන නවතම   ඊශ්‍රායල ප්‍රහාරයට ලක් වූ ගාසා නගරයේ තබීන් (Tabeen) පාසල් පරිශ්‍රයේම දසුන් බව මෙතෙක් තහවුරු කර නැතැයි රොයිටර්ස් (Reuters) පුවත් සේවය වාර්තා කරයි.

ජීවිතාරක්ෂාව පතා එහි රැඳී සිටි වැසියන් යාඥා කරමින් සිටියදී පාසල් පරිශ්‍රයට ප්‍රහාරය එල්ල වූ බව හමාස් මාධ්‍ය පවසයි.

කුඩා දරුවන් 11 දෙනකු සහ කාන්තාවන් 06 දෙනකු ඇතුළු 93 දෙනකුට අධික පිරිසකගේ මළ සිරුරු මෙතෙක් හමු වී ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරය එල්ල වන විට 350 කට අධික අවතැන් පවුල් සංඛ්‍යාවක් එහි නවාතැන් ගෙන සිටි බව හමාස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, මිය  ගිය ගණන පිලිබඳ තවමත් නිශ්චිත තොරතුරු නැතැයි ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.  

පාසල් පරිශ්‍රයේ හමාස් ත්‍රස්තයින්  20 කට ආසන්න පිරිසක් රැඳී සිටිමින් ප්‍රහාර එල්ල කරන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තහවුරු කරගත් බවත්,  එම භූමිය, සක්‍රීය හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් ප්‍රහාරක මධ්‍යස්ථානයක් බවට හඳුනා තිබූ බවත්, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරයි.

ඊශ්‍රායල බුද්ධි අංශ මගින් නිශ්චිතව තහවුරු කළ ත්‍රස්ත ඉලක්කයක් වෙත එල්ල කළ එම ප්‍රහාරයෙන්, පලස්තීනුවන් පවසන ආකාරයේ කිසිදු මරණ සංඛ්‍යාවක් වාර්තා විය නොහැකි බව ඊශ්‍රායල හමුදාව සහතික කරයි.

ජීවිතාරක්ෂාව උදෙසා පලස්තීනුවන් රැඳී සිටින පාසල්, රෝහල් සහ වෙනත් පරිශ්‍රයන් තුළ සැඟව සිට, ත්‍රස්තවාදීන් සිය හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය  චෝදනා කරයි.

හමාස් සංවිධානය ප්‍රමුඛ සන්නද්ධ කණ්ඩායම් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. යුද ගැටුම් ඇරඹි දින සිට  දස මසකට අධික කාලයක් තිස්සේ වසා දමා ඇති ගාසාහි පාසල් පරිශ්‍රයන්හි මේ වනවිට, අවතැන් පලස්තීනුවෝ දස දහස් ගණනක් ආරක්ෂාව පතා තාවකාලිකව රැඳී සිටිති.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් විනාශයට පත් ගාසාහි පාසල් පරිශ්‍රයේ දර්ශන දැකීමෙන් තමන් අතිශය කම්පනයට පත් වූ බව යුරෝපානු සංගමයේ (European Union) විදෙස් ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෆ් බොරෙල් (Josep Borrell) එක්ස් පණිවුඩයක් මගින් ප්‍රකාශ කර තිබේ.

අහිංසක සිවිල් වැසියන්, කුඩා ළමුන්, කාන්තාවන්, වයස්ගත පුද්ගලයින් ඇතුළු පලස්තීනුවන් රැසක් දිනපතා ඝාතනය වන ඊශ්‍රායල ම්ලේච්ඡ ප්‍රහාරයන්ට අඳ සහාය දැක්වීම වහාම නවතන ලෙස පලස්තීන ජනපති මාධ්‍ය ප්‍රකාශකයකු වන නබිල් අබු රුදේනේ  (Nabil Abu Rudeineh) අමෙරිකාවෙන් ඉල්ලා සිටී.

ඊජීප්තුව, කටාර් රාජ්‍යය, එක්සත් එමීර් අරාබි රාජ්‍යයට අයත් සෞදි අරාබිය සහ තුර්කිය ද මෙම පරහාරය හෙලා දැක තිබේ.

කෙසේවෙතත්, ඊශ්‍රායලයට තව දුරටත් ත්‍රස්ත තර්ජන එල්ල නොවන තැනට හමාස් සංවිධානය තුරන් වන තෙක් ප්‍රහාර නොනවත්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 දින එල්ල වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1200ක් පමණ ඝාතනය වීමත්  සමග ඇරඹි ඊශ්‍රායල පලස්තීන ගැටුම් වලින්, මේ වන විට සන්නද්ධ ත්‍රස්තයින් ඇතුළු සිවිල් පලස්තීනුවන් 40,000 කට අධික පරිසක් ඝාතනය වී ඇත.

මිය ගිය වැඩි සංඛ්‍යාව සිවිල් පුද්ගලයින් බව සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති.

එහෙත්, එම සමස්ත සංඛ්‍යාවෙන් අවම වශයෙන් තුනෙන් එක් කොටසක් හෝ ත්‍රස්තවාදීන් බව ඊශ්‍රායලය පවසයි. තම හමුදා භටයින් 329 දෙනකු ගාසා හි සටන් වලින් මිය ගිය බව ද ඊශ්‍රායලය  ප්‍රකාශ කරයි.

හමාස් සංවිධානය මේ වන විටත්, ඊශ්‍රායලය සමග සටන් විරාමයක් උදෙසා නව යෝජනා මාලාවක් අධ්‍යයනය කරමින් සිටින බව දැන ගන්නට ඇතැයි රොයිටර්ස් පුවත් පවසයි.

ඊජීප්තුව, එක්සත් ජනපදය, සහ කටාර් රාජ්‍යයේ ද මූලිකත්වයෙන් තවත් තවත් විශේෂ සටන් විරාම සාකච්ඡා වටයක් එළැඹෙන බ්‍රහස්පතින්දා (15) ආරම්භ වීමට නියමිතය.

( Reuters ඇසුරින් සටහන : හ ර් ෂ  උදයකාන්ත )



මූලාශ්‍ර :
Scores reported dead in Gaza school shelter as Israel says it bombed militants


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...