BREAKING
Top Ad
විදේශ

රෝහින්යා වැසියන් විශාල පිරිසක් ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කෙරේ

T

The Leader

August 10, 2024 • 11:50 AM

රෝහින්යා වැසියන් විශාල පිරිසක් ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියෙන්මාරයෙන් පලා යන රෝහින්යා වැසියන් ඉලක්ක කර ඉකුත් සඳුදා (05) එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් විශාල පිරිසක් මරුමුවට
  •   මියගිය පිරිස අතර කුඩා දරුවන් සහිත පවුල් සාමාජිකයින් විශාල ප්‍රමාණයක් වූ බව ද වාර්තා වෙයි.
  • ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ දිවි ගලවාගත් පිරිස්, මිය ගිය සිරුරු පීරමින්  සිය පවුල් සාමාජිකයින් සොයමින් සිටි බව රොයිටර්ස් පුවත් වාර්තා කරයි.
  • මියෙන්මාර දේශ සීමාව තරණය කර අසල්වැසි බංගලාදේශයට ඇතුළු වීමට අපේක්ෂාවෙන් සිටි රෝහින්යා සරණාගතයින් වෙත මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පත් වී ඇතැයි රොයිටර්ස් (Reuters) පුවත් සේවය අද (10) වාර්තා කළේය.  

මියගිය පිරිස අතර කුඩා දරුවන් සහිත පවුල් සාමාජිකයින් විශාල ප්‍රමාණයක් වූ බව ද වාර්තා වෙයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ දිවි ගලවාගත් පිරිස්, මිය ගිය සිරුරු පීරමින්  සිය පවුල් සාමාජිකයින් සොයමින් සිටි බව රොයිටර්ස් පුවත් වාර්තා කරයි.

මියෙන්මාර දේශ සීමාව තරණය කර අසල්වැසි බංගලාදේශයට ඇතුළු වීමට අපේක්ෂාවෙන් සිටි රෝහින්යා සරණාගතයින් වෙත මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

fserwer

ගැබ්බර මවක සහ ඇගේ වසර 2ක් වයසැති දියණියද මියගිය පිරිස අතර වූ බව රොයිටර්ස් පවසයි.  

එරට රඛීන් (Rakhine) ප්‍රාන්තයේ මිලිටරි ජුන්ටාව සහ කැරලිකරුවන් අතර පවතින ගැටුම් වලින්, ඉකුත් සති කිහිපය තුළ සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙයයි.  

දේශ සීමා අසල ගැටුම්හි නිරත අරකන් හමුදා (Arakan Army ) සාමාජිකයින් මීට වගකිවයුතු බව සිද්ධිය ඇසින් දුටුවෝ සිකුරාදා (09) රොයිටර්ස් පුවත් සේවයට පැවසූහ.

එහෙත්, හමුදා සාමාජිකයින් විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම සමූල ඝාතනයේ වගකීම පිළිබඳව මියෙන්මාර හමුදාව සහ සන්නද්ධ කැරලි කරුවන් එකිනෙකාට චෝදනා එල්ල කර සිටී.

අධික මඩින් පිරි දේශ සීමා භූමිය පුරා මළ සිරුරු විසිරී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

 ප්‍රහාරයෙන් 200ක ට අධික පිරිසක් මරුමුවට පත්වී ඇතැයි වාර්තා වෙයි.

 මියෙන්මාරයේ වෙරළාසන්න නගරයක් වන මොන්ඩෝ (Maungdaw), ප්‍රහාරය සිදු වූ ප්‍රදේශය ලෙස හඳුනා ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා රැසක් යොදාගෙන ඇතැයි ද වාර්තා වෙයි.

මේ අතර, මියෙන්මාරයෙන් පලා යන ආංශික මුස්ලිම් ජන කොටසක් වන රෝහින්යා වැසියන් රැගත් යාත්‍රා කිහිපයක් එරට සහ බංගලාදේශ, දේශ සීමා වෙන් කෙරෙන නාෆ් නදියේ (Naf River) අනතුරට පත් වීමත් සමග, ඉකුත් සඳුදා තවත් විශාල පිරිසක් මරණයට පත් වී තිබේ.

බෙංගාල බොක්ක ආසන්නයේ සිදුවූ මෙම දරුණු අනතුර පිලිබඳ තමන් දැනුවත් බව සරණාගතයින් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (United Nations High Commission for Refugees) පවසයි.

මියෙන්මාරයේ හමුදා මෙහෙයුම්හි ප්‍රතිඵලයක් වශයෙන් 2017 දී රෝහින්යා සරණාගතයින් 730,000 ක ට අධික පිරිසකට රටින් පලා යාමට සිදු විය.  

එරට   සාමකාමී බොදුනුවන් විශාල පිරිසක් කපා කොටා ඝාතනය කිරීමත් සමග මියෙන්මාරය තුළ රෝහින්යාවරුන්ට එරෙහි ගැටුම් උග්‍ර විය.

ත්‍රස්තවාදී පිරිස් වලට අයත් පවුල්  සාමාජිකයින් අනවසරයෙන් බංගලාදේශයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී, ඊට එරෙහිව මියෙන්මාර හමුදා ජුන්ටාව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ප්‍රතිවාදී කැරලිකාර පාර්ශව සඳහන් කරයි.

( Reuters ඇසුරින් සටහන : හ ර්  ෂ  උදයකාන්ත )


මූලාශ්‍ර :  
Dozens of Rohingya fleeing Myanmar killed in drone attack



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...