BREAKING
Top Ad
විදේශ

බංග්ලාදේශය යළිත් උණුසුම් වෙයි

T

The Leader

August 11, 2024 • 10:09 AM

බංග්ලාදේශය යළිත් උණුසුම් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරවලට මුවාවී තමන් ඉලක්ක කරගෙන එල්ල වන ප්‍රහාරවලට එරෙහිව එරට සුළුතර හින්දු ප්‍රජාව දැවැන්ත
  • ලක්ෂ 7කට වැඩි පිරිසක් එක්වූ එම විරෝධතා හේතුවෙන් ඩකා අගනුවර ඇතුළු කලාප රැසක මාර්ග අවහිර වී තිබුණි.
  • විරෝධතා මර්දනයට රජය ගත් පිළිවෙත හේතුවෙන් එම විරෝධතා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ බවට පරිවර්තනය වූ අතර ඒවා අවසන්වූයේ අගමැතිනී ෂෙයික් හසීනාට ඇගේ ධුරය ද අහිමි කරමිනි.
  • ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඊයේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් නැවත විරෝධතාවන්හි නිරත වූයේ අගවිනිසුරු ඇතුළු සියලුම විනිසුරුවරුන් පැයක් තුළ ඉල්ලා අස්විය යුතු බවට බලකරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ලක්ෂ 7කට වැඩි පිරිසක් එක්වූ එම විරෝධතා හේතුවෙන් ඩකා අගනුවර ඇතුළු කලාප රැසක මාර්ග අවහිර වී තිබුණි.

බංග්ලාදේශය තුළ ශිෂ්‍ය විරෝධතා ආරම්භ වූයේ යල්පැන ගිය රැකියා කෝටා ක්‍රමවේදයක් යළි හඳුන්වාදීමට එරට රජය ගත් උත්සාහයත් සමඟය.

විරෝධතා මර්දනයට රජය ගත් පිළිවෙත හේතුවෙන් එම විරෝධතා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ බවට පරිවර්තනය වූ අතර ඒවා අවසන්වූයේ අගමැතිනී ෂෙයික් හසීනාට ඇගේ ධුරය ද අහිමි කරමිනි.

අනතුරුව ඇය රටින් පළාගිය අතර, නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුතු භාරකාර රජයක් පත්කෙරුණේ ද ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙනි.

එම රජයේ නියෝජිතයින් අතරට වයස අවුරුදු විස්සත් තිහත් අතර පසුවන ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයින් දෙදෙනෙක් ද අයත්ය.

රටේ පාර්ලිමේන්තුව පවා අත්පත් කරගත් විරෝධතාකරුවන් මේ වනවිටත් එරට කටයුතුවල පාලනය සියතට ගනිමින් සිටී.

ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඊයේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් නැවත විරෝධතාවන්හි නිරත වූයේ අගවිනිසුරු ඇතුළු සියලුම විනිසුරුවරුන් පැයක් තුළ ඉල්ලා අස්විය යුතු බවට බලකරමිනි.

එහිදී, හිටපු අගමැතිනියට පක්ෂග්‍රාහී යැයි චෝදනා ලද අගවිනිසුරු ඔබයිදුල් හසාන් වහා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ තවත් උපරිමාධිකරණ විනිසුරුවන් පස් දෙනෙකු සමඟින්ය.

කෙසේ නමුත් කුප්‍රකට රැකියා කෝටා ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට හසීනා රජය ගත් උත්සාහය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදී ගැටුම් මඳක් සමනය කිරීමට මැදිහත්වූයේ ද එරට ශ්‍රේෂ්ඨාධිකරණය යි.

මේ අතර බංග්ලාදේශ මහ බැංකු ප්‍රධානියා ද ඊයේ (12) ඉල්ලා අස්වූයේ බැංකු නිලධාරීන් පිරිසක් ඔහුට ඉල්ලා අස්වෙන්නැයි බලකරමින් පැවැත්වූ විරෝධතාවලින් අනතුරුවය.

මෙවන් පසුබිමක ශිෂ්‍ය විරෝධතා මුවාවෙන් බංග්ලාදේශ සුළුතර හින්දු ප්‍රජාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන අවස්ථාද එරටින් වාර්තා වෙයි.

හසීනා රජය බිඳවැටුණු අගෝස්තු 5 වනදා සිට ගෙවුණු දින කිහිපය තුළ එරට දිස්ත්‍රික්ක 52කදී හින්දු ප්‍රජාව ඉලක්ක කර එල්ලකළ ප්‍රහාර ගණන 200කට අධිකය.

මෙම ප්‍රහාරවලින් තමන් ආරක්ෂා කරන්නැයි බලකරමින් සුළුතර හින්දු ප්‍රජාව ඩකා අගනුවර ඇතුළු කලාප කිහිපයක දැවැන්ත විරෝධතා පවත්වා තිබේ.

සුළු ජාතීන්ට හිංසා කරන අයගේ නඩු විභාග කඩිනම් කිරීම සඳහා විශේෂ විනිශ්චය මණ්ඩලයක්, සුළු ජාතීන්ට පාර්ලිමේන්තුවේ ආසනවලින් සියයට 10ක් වෙන්කිරීම වැනි ඉල්ලීම් මත පදනම් වූ එම විරෝධතා හේතුවෙන් ඩකා හි මාර්ග පවා අවහිර වී තිබුණි.

ඇතැම් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය ද හිමිවූ මෙම විරෝධතාවලට ලක්ෂ 7 ඉක්මවූ පිරිස් එක්ව සිටි බව වාර්තා වෙයි.

මිලියන 170ක් වන බංග්ලාදේශ ජනගහනයෙන් සියයට 8ක් හින්දු ප්‍රජාව වන අතර දේශපාලන විචාරකයින්ට අනුව ඔවුන්ගේ වැඩි සහාය හිමිව තිබි ඇත්තේ ෂෙයික් හසීනා ප්‍රමුඛ අවාමි ලීගයටයි.

(aruna.lk)

rt45634f

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...