BREAKING
Top Ad
විදේශ

දකුණු කොරියාවේ විද්‍යුත් මෝටර් රථ බැටරි සන්නාම ප්‍රදර්ශනයට නව නීති

T

The Leader

August 12, 2024 • 5:13 AM

දකුණු කොරියාවේ විද්‍යුත් මෝටර් රථ බැටරි සන්නාම ප්‍රදර්ශනයට නව නීති 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විද්‍යුත් මෝටර් රථ (EV) සම්බන්ධයෙන් නව ආරක්ෂණ නීති සම්පාදනයට දකුණු කොරියාව පියවර ගනිමින් සිටී.
  •       මෙම අවාසනාවත සිදුවීමත් සමග, දකුණු කොරියාවේ නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ පිලිබඳ පාරිභෝගික ඉල්ලුම අභියෝගයට ලක් ව ඇත. එම මෝටර් රථ පිලිබඳව, ඔවුහු දැඩි කනස්සල්ල පල කර සිටිති.
  • සාමන්‍යයෙන් විද්‍යුත් මෝටර් රථයක් ගිනි ගන්නා ආකාරය, අභ්‍යන්තර දහන එන්ජිමක් සහිත රථයකට වඩා වෙනස් බව විශේෂඥ මතයයි.
  • ගිනි ගැනීමකදී විද්‍යුත් මෝටර් රථයක ගින්න මුළුමනින්ම පාලනය කිරීම අපහසු බව ඔවුහු පෙන්වා දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ පිලිබඳ විශේෂ ඉහළ පෙළ සාකච්ඡාවක් අද පැවැත්විණි. විද්‍යුත් මෝටර් රථවල ආරක්ෂාව පිලිබඳ ගැටළු මෙන්ම, ඒවායෙහි බැටරි සන්නාම පැහැදිලිව ප්‍රදර්ශනය කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි. 

 

C44HQBH76RK53I4PVFDSF2WE7Qවිද්‍යුත් මෝටර් රථ (EV) සම්බන්ධයෙන් නව ආරක්ෂණ නීති සම්පාදනයට දකුණු කොරියාව පියවර ගනිමින් සිටී

 

එරට උප පරිසර අමාත්‍යවරයාගේ (Vice Environment Minister) ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි. දකුණු කොරියානු ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යංශ මෙන්ම ජාතික ගිනි ආරක්ෂණ කාර්යංශ නිලධාරීහු ද ඊට සහභාගී වූහ. 

එහි දෙවන වටයේ සාකච්ඡා, එරට වාහන නිෂ්පාදනායතන වන හයුන්ඩායි සමූහය, මර්සිඩීස් බෙන්ස් කොරියා සමාගම සහ කොරියා වොක්ස්වැගන් සමූහය සමග හෙට (13) පැවැත්වීමට නියමිතය. විද්‍යුත් මෝටර් රථවල සවි කර  ඇති බැටරි සන්නාමයන් පැහැදිලිව ප්‍රදර්ශනය කිරීමේ නව නීති සම්පාදනය එහි මුඛ්‍ය අරමුණ වේ. 

 

මේ මස මුලදී, දකුණු කොරියාවේ මහල් නිවාස සංකීරණයක රථ ගාලේ නවතා තිබූ, බැටරි ආරෝපිත විද්‍යුත් මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක් ගිනි ගැනීමෙන්, එහි නවතා තිබූ, තවත් වාහන 140ක් පමණ මුළුමනින්ම දැවී විනාශයට පත්විය. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් විශාල පිරිසක් ආරක්ෂාව පතා තාවකාලිකව ඉන් ඉවත්  කිරීමටද බලධාරීන්ට සිදු විය. ගිනි නිවීමේ භටයින්ට, ගින්න මැඩ පැවැත්වීමට පැය අටකට අධික කාලයක් ද ගත වී තිබේ.  

https cloudfront us east 2.images.arcpublishing.com reuters HYJX4LPWHFMSBFBGMZDQXLEUE4එම මෝටර් රථ පිලිබඳව, ඔවුහු දැඩි කනස්සල්ල පල කර සිටිති.   

 

මෙම අවාසනාවත සිදුවීමත් සමග, දකුණු කොරියාවේ නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ පිලිබඳ පාරිභෝගික ඉල්ලුම අභියෝගයට ලක් ව ඇත. එම මෝටර් රථ පිලිබඳව, ඔවුහු දැඩි කනස්සල්ල පල කර සිටිති. එරට තවත් ජනප්‍රිය මෝටර් රථ සන්නාමයක් වන 'කියා' සමාගමට අයත් තවත් විද්‍යුත් මෝටර් රථයක් ද මෑතකදී එවැනි රථ ගාලක් තුළ ගිනි ගැනීමට ලක් විය.   

දකුණු කොරියානුවන් විශාල පිරිසක් මහල් නිවාස සංකීර්ණයන්හි වෙසෙන අතර, ඒවායෙහි රථ ගාල, බිම් මහලේ හෝ භූගත මහල්හි පිහිටා තිබේ.

සාමන්‍යයෙන් විද්‍යුත් මෝටර් රථයක් ගිනි ගන්නා ආකාරය, අභ්‍යන්තර දහන එන්ජිමක් සහිත රථයකට වඩා වෙනස් බව විශේෂඥ මතයයි. ගිනි ගැනීමකදී විද්‍යුත් මෝටර් රථයක ගින්න මුළුමනින්ම පාලනය කිරීම අපහසු බව ඔවුහු පෙන්වා දෙති. විද්‍යුත් මෝටර් රථයක හට ගන්නා  ගින්න පාලනය කළ පසුව ද, නැවත නැවත හට ගැනීමට වැඩි අවකාශයක් පැවතීම ඊට හේතුවයි. 

byy66y2013 සහ 2022 කාලය තුළ පමණක් එරට භූගත රථ ගාල් තුළ හදිසි ගිනි ගැනීම් 1399ක් වාර්තා වී ඇති බව දකුණු කොරියාවේ සෝල් අගනුවර, නාගරික ගිනි හා ආපදා මූලස්ථානය පවසයි

 

2013 සහ 2022 කාලය තුළ පමණක් එරට භූගත රථ ගාල් තුළ හදිසි ගිනි ගැනීම් 1399ක් වාර්තා වී ඇති බව දකුණු කොරියාවේ සෝල් අගනුවර, නාගරික ගිනි හා ආපදා මූලස්ථානය පවසයි. ඉන් 43.7%ක් මෝටර් රථ සම්බන්ධ ගිනි ගැනීම් ය. එම ප්‍රතිශතයෙන් 53%ක් ම භූගත රථ ගාල්හි නවතා තිබූ විද්‍යුත් මෝටර් රථවල හටගත් ගිනි අනතුරු ලෙස වාර්තා වී තිබේ. 

දකුණු කොරියාව තුළ මෝටර් රථ නිෂ්පාදනයේදී ඉන්දන කාර්යක්ෂමතාව වැනි කරුණු ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය වුවද, බැටරි තොරතුරු අනාවරණය සීමා සහිත බවත්, බොහෝ විට, බැටරි නිෂ්පාදකයාගේ තොරතුරු සහ සන්නාම ප්‍රදර්ශනය අනවශ්‍ය බවත්, දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. ඉදිරියේ පැනවෙන නව නීති මගින් එම තත්වයන් වෙනස් වෙතැයි අපේක්ෂා කෙරේ. 

ked202408090016.700x.0දකුණු කොරියාවේ විද්‍යුත් මෝටර් රථ ගිනි අනතුරු වැඩි සංඛ්‍යාවකට හේතු වන බැටරි නිෂ්පාදකයන් මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැති බව ද වාර්තා වෙයි. 

 

මෝටර් රථ නිෂ්පාදනායතන සිය විද්‍යුත් මෝටර් රථ බැටරි සන්නාමයන් ප්‍රදර්ශනය කළ පමණින් ගිනි අනතුරු වැළකේ යයි විශ්වාස කිරීම අපහසු බවත්, එක් එක් සන්නාමයෙන් නිෂ්පාදිත බැටරි සතු අන්තරායකර මට්ටම පිලිබඳ පැහැදිලි තත්ත්ව සහතිකයක් අවශ්‍ය බවත්, දකුණු කොරියාවේ ඔසාන් විශ්වවිද්‍යාලයේ (Osan University), මෝටර් කාර්මික ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මූන් හක්-හූන් (Moon Hak-hoon) පෙන්වාදෙයි. 

දකුණු කොරියාවේ විද්‍යුත් මෝටර් රථ ගිනි අනතුරු වැඩි සංඛ්‍යාවකට හේතු වන බැටරි නිෂ්පාදකයන් මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැති බව ද වාර්තා වෙයි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර : 
South Korea holds emergency meeting as EV fires stir consumer fear


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...