BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මරණයෙන් ගැලවීමට මරණය කරා පලායන පලස්තීන වැසියෝ

T

The Leader

August 12, 2024 • 9:10 AM

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මරණයෙන් ගැලවීමට මරණය කරා පලායන පලස්තීන වැසියෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් (Khan Yunis) වෙතින් තව දුරටත් වහා ඉවත් වන ලෙස ඊශ්‍රායලය පලස්තීනුවන්ට දැනුම් දී තිබේ.
  • ඉතා කෙටි කලක් තුළ සිදු කරන ලද මෙම දැනුම්දීමත් සමග ඊයේ (11) රාත්‍රියේ සිට ගාසා වැසියෝ පවුල් පිටින් අඳුරේ පලා යමින් සිටිති.
  • හාත්පස ඊශ්‍රායල සන්නද්ධ රථ ප්‍රහාර ගිගුම් දෙන බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය පවසයි.
  • යුද සමයට පෙර, ගාසා තීරය පාලනය කළ හමාස් සංවිධානයට එරෙහිව සටන් වදින බව ඊශ්‍රායලය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එක්ස් (X) පණිවුඩ හා ජංගම දුරකථන කෙටි හා ශ්‍රව්‍ය පණිවුඩ මගින් මෙම දැනුම් දීම් සිදු කර තිබේ.

ඉතා කෙටි කලක් තුළ සිදු කරන ලද මෙම දැනුම්දීමත් සමග ඊයේ (11) රාත්‍රියේ සිට ගාසා වැසියෝ පවුල් පිටින් අඳුරේ පලා යමින් සිටිති. හාත්පස ඊශ්‍රායල සන්නද්ධ රථ ප්‍රහාර ගිගුම් දෙන බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය පවසයි.

යුද සමයට පෙර, ගාසා තීරය පාලනය කළ හමාස් සංවිධානයට එරෙහිව සටන් වදින බව ඊශ්‍රායලය පවසයි. එම ප්‍රදේශයේ සිට හමාස් ත්‍රස්තවාදීන් මිසයිල සහ රොකට් ප්‍රහාර එල්ල කරන බව ඔවුහු චෝදනා කරති.

ඉකුත් සෙනසුරාදා (10), පාසල් පරිශ්‍රයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 100ක ට ආසන්න පිරිසක් මරණයට පත් විය. එහි සිටි කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු අවතැන් පුද්ගලයින් විශාල පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේවනවිට ඊශ්‍රායලය ජාත්‍යන්තර අපකීර්තියට ද පත්ව තිබේ.

එහෙත්, ප්‍රහාරය හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් අණ දෙන මූලස්ථානයක් ඉලක්ක කර සිදු කරන ලද්දක් බවත්, ඉන් ත්‍රස්තවාදීන් 19 දෙනකු ඝාතනය වූ බවත්, ඊශ්‍රායලය පවසයි. හමාස් සහ ජිහාඩ් සංවිධාන එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි.

දස මසකට අධික කාලයක් තුළ අඛණ්ඩව ඇවිලෙන ඊශ්‍රායල - පලස්තීන ගැටුම් මධ්‍යයේ, ඊශ්‍රායලය විසින් පනවන ලද ප්‍රබලතම ඉවත්වීමේ නියෝගය මෙය ලෙස සැලකේ. දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි මධ්‍යම, නැගෙනහිර සහ බටහිර දිස්ත්‍රික්ක ගණනාවක් ආවරණය වන පරිදි එම නියෝගය  නිකුත් කර තිබේ.

ගසාහි වෙසෙන පලස්තීනුවන් මුළුමනින්ම උගුලෙක සිරවී ඇතැයි ද, මේ වන විට, ඔවුන්ට පලා යාමට තරම් ආරක්‍ෂිත කිසිදු ස්ථානයක් එහි නොමැති යයිද, පලස්තීන සරණාගතයින් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සියේ ප්‍රධානී ෆිලිප් ලසාරිනි (Philippe Lazzarini) පවසයි.

පලස්තීනුවන් සිය දරුවන් ද කැටුව හැල්මේ පලා යන බවත්, ඇතැම් පුද්ගලයින්ට පලා යාමට සිදුව ඇත්තේ, සිය ජීවිතයම කුඩා ගමන් මල්ලක් තුළ බහාගෙන බවත්, ඔහු පවසයි.

ඔවුන්  පලා යමින් සිටින්නේ දැනටමත් සීමිත අවකාශ ඉක්ම වූ සහ අධික සරණාගත සංඛ්‍යාවක් රැස්කමින් වෙසෙන කඳවුරු වෙතට බව ද වාර්තා වෙයි. සියල්ල අහිමිව ගිය පලස්තීනුවන්ට මෙය, සියල්ල අත්‍යවශ්‍යම මොහොතක් බව ෆිලිප් ලසාරිනි තව දුරටත් අවධාරණය කරයි.

ගතවූ පය 24 තුළ, හඳුනාගත් හමාස් ඉලක්ක 30 ක ට පමණ ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි.

සන්නද්ධ ගොඩනැගිලි, යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාර මධ්‍යස්ථාන සහ හමාස් අවි ගබඩා ද ඒ අතර වන බව ඔවුහු පවසති.

ඛාන් යුනිස් ප්‍රදේශයේ ඒකරාශී වන ඊශ්‍රායල හමුදාවන්ට එරෙහිව එල්ල කෙරෙන ජිහාඩ් රොකට් හා මිසයිල  ප්‍රහාර ද දැඩි කොට  තිබේ.

ඊයේ (11) ඛාන් යුනිස් නගර මධ්‍යයේ පිහිටි පොදු වෙළඳපොළට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 04 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ. නගරයේ නැගෙනහිර සහ බටහිර කලාප ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් නැගෙන දුමාරයෙන් වැසී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් ඔක්තෝබර් 7 දිනෙන් පසු ගැටුම් වලින්, මේ වනවිට, ගාසා වැසියන් 40,000ක ට අධික පිරිසක් මිය ගොස් තිබේ. එම සංඛ්‍යාව දෛනිකව තව දුරටත් ඉහළ යමින් පවතී.

ගාසාහි වෙසෙන මිලියන 2.3 ක පිරිසෙන් බහුතරයක් මේ වන විට අවතැන්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි. සමස්ත කලාපය පුරා වැඩි ප්‍රමාණයක විසිරී පවත්නේ සුනුබුන් පමණක් බවද එම සංවිධානය  පවසයි.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, අතට අසුවන සියල්ල, ජීවිතය, දරුවන්, බලාපොරොත්තු සහ භීතියද රැගෙන නොදන්නා සහ අනාරක්ෂිත ඉසව් වෙත පලස්තීනුවෝ පලා යමින් සිටිති. මරණයෙන් ගැලවීමට, මරණය කරා ම පලා යාමට ඔවුන්ට  සිදුව තිබේ.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත )

 
සබැඳි පුවත් :
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවෝ සිය ගණනක් මරුට


මූලාශ්‍ර :
Israel orders more Gaza evacuations after school shelter attack kills scores

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මරණයෙන් ගැලවීමට මරණය කරා පලායන පලස්තීන වැසියෝ | The Leader