එහි මුල් වටයේ සාකච්ඡා අනිද්දා (15) පැවැත්වීමට නියමිතය.
මධ්‍යස්ථ රටවල ද මූලිකත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡා සඳහා හමාස් සංවිධානයේ සහභාගිත්වය මෙතෙක් තහවුරු කර නැතැයි රොයිටර්ස් (Reuters) පුවත් සේවය වාර්තා කරයි.
ගාසා තීරයේ සටන් විරාමයක් පිණිස නව සාකච්චා අනවශ්‍ය බව පලස්තීන හමාස් සංවිධානය විසින් පවසා තිබේ. ඒ වෙනුවට, පෙර පැවති සාකච්චා පාදක කරගත් ඉදිරි සාම සාකච්චා සහ සටන් විරාම සැලසුමක් ඉදිරිපත් කරන ලෙස ඔවුන් මධ්‍යස්ථ පාර්ශ්වයන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි.
අගෝස්තු 15 වන දින විශේෂ සටන් විරාම සාකච්ඡාවක් සඳහා පෙනී සිටින්නැයි, ඉකුත් සතියේ එක්සත් ජනපදය, ඊජීප්තුව සහ කටාර් රාජ්‍යය, ඊශ්‍රායලයෙන් සහ හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටියේය.
සටන් විරාමය සහ දෙපාර්ශවයේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම පිලිබඳ අවසන් එකඟතා පිණිස පැවැත්වෙන එම සාකච්ඡා කයිරෝ හෝ දෝහා නගරයේදී පැවැත්වීමට යෝජනා කර තිබේ.
එහිදී ඉදිරිපත්වන කරුණු මත පදනම්ව, ගැටුම් වහා නතර කළ යුතු බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක, වෙඩන්ට් පටෙල් (Vedant Patel), ප්‍රකාශ කරයි. හමාස් සංවිධානයේ සහභාගිත්වය රහිතව එම සාකච්ඡා පැවැත්වෙන්නේද, නැද්ද යන්න පිලිබඳ මෙතෙක් තහවුරු කර නැත.
ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් (Joe Biden) ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් අදියර තුනකින් යුත් සටන් විරාම යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත )
මූලාශ්‍ර :
US says it expects Gaza peace talks to continue, ceasefire possible
ඇමෙරිකාව ගාසා තීරයේ සටන් විරාමයකට අත වනයි
T
The Leader
August 13, 2024 • 8:12 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ගාසා තීරයේ සටන් විරාමයක් පිණිස සාකච්ඡා තවදුරටත් ඉදිරයට ගෙන යන බව එක්සත් ජනපදය පවසයි.
- ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් (Joe Biden) ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් අදියර තුනකින් යුත් සටන් විරාම යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.
- ඒ වෙනුවට, පෙර පැවති සාකච්චා පාදක කරගත් ඉදිරි සාම සාකච්චා සහ සටන් විරාම සැලසුමක් ඉදිරිපත් කරන ලෙස ඔවුන් මධ්‍යස්ථ පාර්ශ්වයන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


