BREAKING
Top Ad
විදේශ

ජපන් අගමැති ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි

T

The Leader

August 14, 2024 • 3:01 AM

ජපන් අගමැති ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිශීඩා (Fumio Kishida) පවසයි.
  • ඉහළ යන ජීවන වියදම්වලට සාපේක්ෂව සේවක වැටුප් වැඩි කිරීමට අසමත්වීම සහ ජපානය මූල්‍ය අවපාතයක් කරා යමින් පැවතීම සම්බන්ධයෙන්ද ඔහුට සහ ඔහුගේ පක්ෂයට එරෙහිව චෝදනා එල්ල කර ඇත.
  • ශින්සෝ අබේ (Shinzo Abe) 2022 දී ඝාතනය වීමත් සමග කිශීඩා ජපන් අග්‍රාමාත්‍ය වශයෙන් තේරී පත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


දේශපාලනික වශයෙන් එල්ලවන චෝදනා සහ දිනෙන් දින සිදුවන පාරිභෝගික භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම් හමුවේ. එළඹෙන සැප්තැම්බරයේ සිට ධුරයෙන් ඉවත් වීමට ජපන් අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ. 

බහුතර ජනමතයට සහ තමන් කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වසනීයත්වයට පිටුපා දේශපාලනිකව පැවතිය නොහැකි බව අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. 

 



ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ (Liberal Democratic Party ) නායක ලෙස යලි මැතිවරණයට එක් නොවන බවද කිශීඩා එහිදී ප්‍රකාශ කර කළේය. එහෙත්, නව පක්ෂ නායකත්වයට, එළඹෙන මැතිවරණයේදී පූර්ණ සහාය දක්වන බව ඔහු විසින් ප්‍රකාශ කර තිබේ. 

ජපන් ආගමික මධ්‍යස්ථානයකට දේශපාලනිකව ලබා දුන් ගණන් නොතැබූ මුල්‍යාධාර චෝදනාවක් කිශීඩා ට සහ ඔහුගේ නායකත්වය යටතේ පවතින ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එරෙහි ප්‍රධාන චෝදනාවකි. ඉහළ යන ජීවන වියදම්වලට සාපේක්ෂව සේවක වැටුප් වැඩි කිරීමට අසමත්වීම සහ ජපානය මූල්‍ය අවපාතයක් කරා යමින් පැවතීම සම්බන්ධයෙන්ද ඔහුට සහ ඔහුගේ පක්ෂයට එරෙහිව චෝදනා එල්ල කර ඇත.

bi78i78ශින්සෝ අබේ (Shinzo Abe) 2022 දී ඝාතනය වීමත් සමග කිශීඩා ජපන් අග්‍රාමාත්‍ය වශයෙන් තේරී පත් විය.

 

ජපානය ලොව සිව් වන ප්‍රබලතම ආර්ථිකය හිමි රට වෙයි. 


මීට පෙර ජපන් අග්‍රාමාත්‍යව සිටි ශින්සෝ අබේ (Shinzo Abe) 2022 දී ඝාතනය වීමත් සමග කිශීඩා ජපන් අග්‍රාමාත්‍ය වශයෙන් තේරී පත් විය. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත )

මූලාශ්‍ර : 

Japan PM Kishida to step down as scandals prove too much


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...