BREAKING
Top Ad
විදේශ

තායිලන්තයේ නව අගමැතිනිය පැතොන්ටාන් ශිනවත්‍රා දිව්රුම් දෙයි

T

The Leader

August 18, 2024 • 4:50 AM

තායිලන්තයේ නව අගමැතිනිය පැතොන්ටාන් ශිනවත්‍රා දිව්රුම් දෙයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැතොන්ටාන් ශිනවත්‍රා (Paetongtarn Shinawatra) තායිලන්ත නව අගමැතිනිය ලෙස අද, එරට රජු මහා වජිරලොංකෝන් (Maha Vajiralongkorn) හමුවේ දිවුරුම් දුන්නාය.
  • මීට දෙදිනකට ඉහත, තායිලන්ත පාර්ලිමේන්තුව විසින් පැතොන්ටාන් ශිනවත්‍රා, එරට නව අගමැතිනිය ලෙස තෝරා පත් කර ගැනිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


සුරූපී පැතොන්ටාන්, තායිලන්ත ඉතිහාසයේ මෙන්ම, කලාපයේ ලාබාලතම තරුණ අගමැතිනිය ද වේ. මීට දෙදිනකට ඉහත, තායිලන්ත පාර්ලිමේන්තුව විසින් පැතොන්ටාන් ශිනවත්‍රා, එරට නව අගමැතිනිය ලෙස තෝරා පත් කර ගැනිණි. 37 හැවිරිදි පැතොන්ටාන්, තායිලන්තයේ හිටපු අගමැතිවරයකු මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයකු ද වන තක්සින් ශිනවාත්‍රා ගේ දියණියයි. 

මීට දින කිහිපයකට පෙර තායිලන්ත ව්‍යවස්ථාදායක අධිකරණය විසින් හිටපු අගමැති ශ්‍රේත්තා තවිසින් (Srettha Thavisin) බලයෙන් පහ කෙරිණි.  

ඉන් අනතුරුව නව අගමැතිවරයකු තෝරා පත් කර ගැනීම පිණිස සිකුරාදා (16), එරට පාර්ලිමේන්තුවේ පැවති මත විමසුමෙන් පැතොන්ටාන් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් නව අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත් වූවාය. 

අද දිවුරුම් දීමෙන් අනතුරුව, තායිලන්ත නව කැබිනට් මණ්ඩලය ඇය විසින් තෝරා පත්කර ගැනීමට නියමිතය. 

ඇය තායිලන්තයේ දෙවන අග්‍රාමාත්‍යවරිය ද වේ. 

(Aljazeera ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර :  
Thailand’s Paetongtarn Shinawatra sworn in as PM after royal sign-off


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...