BREAKING
Top Ad
විදේශ

යේමනය උග්‍ර දුර්භික්ෂයක

T

The Leader

August 18, 2024 • 11:09 AM

යේමනය උග්‍ර දුර්භික්ෂයක  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යේමනයේ ජනගහනය අතර මන්දපෝෂණය උග්‍ර වෙමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations) පවසයි.
  • යේමනය අරාබි අර්ධද්වීපයේ පිහිටා ඇති උග්‍ර දරිද්‍රතාවෙන් පෙලෙන රටක් ලෙස නම් කර තිබේ.
  • එම හේතුවෙන්, යේමන ආර්ථිකය දීර්ඝ කාලීන කඩාවැටීමකට ලක්ව ඇති අතර, එරට ජනගහනය,  ලොව දරුණුතම මානුෂීය අර්බුදයකට මුහුණ පා සිටී.
  • රට පුරා ව්‍යාප්තව පවතින කොලරාව සහ සරම්ප වැනි වසංගත රෝග හේතුවෙන් මන්දපෝෂණය තවත් ඉහළ යමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව පෙන්වාදෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට දිස්ත්‍රික්ක  04ක මේ වන විට උග්‍ර දුර්භික්ෂ තත්වයක් හටගෙන තිබේ.

යේමන රජයේ පාලනය සහිත යුද ගැටුම් පවතින රතු මුහුද ආසන්න කලාපවල, තත්වය තවදුරටත් බරපතල බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, යේමන ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණ තාක්ෂණික කණ්ඩායම (Integrated Food Security Phase Classification (IPC) Technical Group) අද එළි දැක්වූ වාර්තාවක සඳහන් ය.

යේමනය අරාබි අර්ධද්වීපයේ පිහිටා ඇති උග්‍ර දරිද්‍රතාවෙන් පෙලෙන රටක් ලෙස නම් කර තිබේ. සෞදි අර්රබියේ සහාය ලබන එරට රජය සහ ඉරානයට පක්ෂපාතී    හුති (Houthi) කැරලි කණ්ඩායම් අතර පවතින දීර්ඝ කාලීන ගැටුම් හේතුවෙන් යේමනය දැඩි පීඩාවට පත්ව සිටී. එම හේතුවෙන්, යේමන ආර්ථිකය දීර්ඝ කාලීන කඩාවැටීමකට ලක්ව ඇති අතර, එරට ජනගහනය,  ලොව දරුණුතම මානුෂීය අර්බුදයකට මුහුණ පා සිටී.

xdet4d

රට පුරා ව්‍යාප්තව පවතින කොලරාව සහ සරම්ප වැනි වසංගත රෝග හේතුවෙන් මන්දපෝෂණය තවත් ඉහළ යමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව පෙන්වාදෙයි. පෝෂ්‍යදායී ආහාර හිඟතාව, පානීය  ජල හිඟය සහ ආර්ථික අවපාතය, යේමන මිනිස් අර්බුදය පූර්ණ දුර්භික්ෂයක් තෙක් වර්ධනය කර  ඇත.

පසුගිය වසරට සාපේක්ෂව එරට ළදරු මන්දපෝෂණය 34% කින් ඉහළ ගොස් තිබේ. මෙම වසර අවසන් වන විට, වයස අවුරුදු 5 ට අඩු ළදරුවන් 18,500 කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙනු ඇති බවට ගණන් බලා තිබේ. ගැබිණි සහ කිරි දෙන මව්වරුන් 223,000ක් ද මෙම වසර අවසානයේදී මෙම තත්වයට ගොදුරු වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙයි. එරට රජයේ පාලනය යටතේ පවතින දිස්ත්‍රික්ක 117 ම උග්‍ර මන්දපොෂණයේ දරුණුම අදියරට පැමිණෙතැයි ද අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ පරාමිතීන්ට අනුව, හඳුනාගත් ප්‍රජා මූලයක පදිංචි පවුල් ඒකක පහෙන් එකක් මුහුණ දෙන, උග්‍ර මදපෝෂණය සහ ඉන් මරණයට පත්විය හැකි  අවදානමක් සහිත ප්‍රමාණවත් අහාර හිඟතාව නිසා හට ගන්නා කුසගින්න සහ අවපාතය මත පදනම්ව, දුර්භික්ෂ තත්වයක් ප්‍රකාශයට පත්කෙරේ.

( Aljazeera ඇසුරින් සටහන : හ ර් ෂ  උදයකාන්ත )


මූලාශ්‍ර :
 Famine looming in parts of Yemen, UN experts warn

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...