BREAKING
Top Ad
විදේශ

දකුණු අප්‍රිකාව පුරා මිලියන ගණනක ජනගහනයට නියඟයෙන් පීඩා

T

The Leader

August 18, 2024 • 11:06 PM

දකුණු අප්‍රිකාව පුරා මිලියන ගණනක ජනගහනයට නියඟයෙන් පීඩා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකාවේ මිලියන ගණනක ජනගහනය දරුණු නියඟයෙන් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.
  • කලාපයේ  ආහාර  සුරක්ෂිතතාව සහ ඒ හා බැඳුනු ගැටළු ගණනාවක් සාකච්ඡා කිරීම පිණිස, එහි රටවල් 16 ක සාමාජිකත්වයෙන් සැදි  දකුණු අප්‍රිකානු සංවර්ධන කමිටුවේ විධායක හමුවක් සිම්බාබ්වේ රාජ්‍යයේ, හරාරේ අගනුවර දී පැවැත්විණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එල් නිනෝ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස හටගෙන ඇති නියං තත්වයෙන් මහාද්වීපය පුරා කෘෂි බෝගවගාවට සහ සත්වාශ්‍රිත ආහාර නිෂ්පාදනයට  දැඩි පාරිසරික තර්ජන එල්ල වී තිබේ. මහාද්වීපයේ  රටවල් රැසක් ඉන් පීඩාවට පත්ව ඇත. 

සමස්ත කලාපයේ 17% ක හෙවත්, මිලියන 68 ක ට අධික ජනගහනයකට වහා මානුෂීය ආධාර අවශ්‍ය බව දකුණු අප්‍රිකානු සංවර්ධන කමිටුවේ (SADC) විධායක ලේකම්, එලියස් මාගෝසි (Elias Magosi) පවසයි. 

එල් නිනෝ සෘණ තත්වයක් ලෙස උද්ගතව ඇති, නියමිත වගා චක්‍රයන් ට  අපේක්ෂිත  වැසි සහිත  කාලගුණය නොලැබී යාම, එහි කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කර තිබේ. කලාපයේ  ආහාර  සුරක්ෂිතතාව සහ ඒ හා බැඳුනු ගැටළු ගණනාවක් සාකච්ඡා කිරීම පිණිස, එහි රටවල් 16 ක සාමාජිකත්වයෙන් සැදි  දකුණු අප්‍රිකානු සංවර්ධන කමිටුවේ විධායක හමුවක් සිම්බාබ්වේ රාජ්‍යයේ, හරාරේ අගනුවර දී පැවැත්විණි. පවතින  නියං  තත්වයෙන් පරිහානියට පත් දකුණු අප්‍රිකානු රටවල් වෙත වැඩි දුර මූල්‍යාධාර සහ ආහාර ආධාර ලබා ගැනීම මෙම සාකච්ඡාවල ඉලක්කය යි. 

ඉකුත් ජුනි මස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (United Nations) ආහාර වැඩසටහන මගින්, කලාපයේ හට ගත හැකි උග්‍ර නියං තත්වයක් පිලිබඳ මූලික අනාවරණ සිදු කෙරිණි. උද්ගතව ඇති දරුණු පාරිසරික තත්වය,   කලාපයේ ග්‍රාමීය කෘෂි ජන කොටස් විසින් මෑත ඉතිහාසයේ මෙතෙක් අත්නොවිඳි තත්වයක් බවද වාර්තා වෙයි. 

කාලගුණික විපර්යාස හේතුවෙන් හටගෙන තිබෙන අධික පාරිසරික උෂ්ණත්වය, කලාපීය ආර්ථිකයන් ඉමහත් පීඩාවට පත්කරමින් ඇතැයිද, එහි ප්‍රතිඵල වශයෙන් හටගෙන ඇති   අසමතුලිතා හේතුවෙන්  කලාපය පුරා තිරසර සංවර්ධන ඉලක්කයන් වෙත  ළඟාවීමේ ශක්‍යතා හීනව ඇතැයිද, මේ පිලිබඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) ප්‍රකාශ කර තිබේ. 

(Aljazeera ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර :
Nearly 68 million people reeling from drought in Southern Africa: Official


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...