ඇය ඇතුළු කණ්ඩායමට ඊශ්‍රායල හමුදා විසින්, හිතා මතා වෙඩි තැබූ බව සිද්ධිය ඇසින් දුටුවන් විසින් පැවසූ බවද එම පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කරයි. වෙඩි වැදීමෙන් තුවාල ලත් ඇය ඇතුළු පිරිස ප්‍රතිකාර පිණිස, දෙරා එල්-බලා හි අලක්සා මාටියර්ස් ( Al-Aqsa Martyrs) රෝහලට ඇතුළත් කර තිබේ.
යුද ටැංකි මතින්, ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායල හමුදා, ඛාන් යුනිස් හි හමාද් (Hamad) නේවාසික සංකීර්ණය ආක්‍රමණය කළහ.
හිටපු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය එහුඩ් බරාක් (Ehud Barak) ගෙන් චෝදනා
හිටපු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය එහුඩ් බරාක් (Ehud Barak)
කලාපීය යුද්ධයකට අත වනමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu), ගාසා තීරයේ හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල වැසියන් මරණ වරෙන්තුව කරා රැගෙන යමින් සිටින බවට හිටපු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය එහුඩ් බරාක් (Ehud Barak) චෝදනා කරයි.
ඊශ්‍රායලය සහ ඊජිප්තුව අතර පිහිටි යුද මුක්ත කලාපයක් වන ෆිලඩෙල්ෆි කොරිඩෝව (Philadelphi Corridor) අත්පත් කරගැනීමේ කිසිදු දේශපාලන අභිලාශයක් ඊශ්‍රායලයට නොමැති බව ඔහු එක්ස් (X) පණිවුඩයක් මගින් ප්‍රකාශ කර තිබේ. ෆිලඩෙල්ෆි කොරිඩෝව ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පැවතිය යුතු බව පසුගියදා අගමැති නෙතන්යාහු ප්‍රකාශ කළේය.

මේ අතර, ඉන්දන නොමැතිකමින් ගසාහි අල්-අව්‍දා (aL-Awda) රෝහල වසා දැමීමට බලධාරීන් විසින් තීරණය කර තිබේ. එය ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තුවාල ලබන පලස්තීන වැසියන්ට ප්‍රතිකාර කරන, උතුරු ගාසා තීරයේ ඇති ප්‍රධානතම රෝහලයි. ඉදිරි පැය 24 ඇතුළත, ප්‍රමාණවත් ඉන්දන සැපයුම් නොලැබෙන්නේ නම්, එය වසා දැමීමට සිදුවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මොහමඩ් සලේ (Dr Mohamed Saleh) පවසයි.
හමුදා නියෝග මගින්, කිලෝ මීටර 30ක භූමි ප්‍රමාණයක් තෙක් ස්ථාපිත කළ මානුෂීය කලාපය, කිලෝ මීටර 20ක ටත් අඩු ප්‍රමාණයක් දක්වා සීමා කර ඇත.
උතුරු ගාසා තීරයේ කමල් අව්දාන් (Kamal Adwan) රෝහලද ප්‍රමාණවත් ඉන්දන සහ ඖශධ නොමැතිවීමෙන් ඉදිරි පැය 24 ඇතුළත වසා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. ඉන්දන සහ ඖෂධ ඌණතා හේතුවෙන් සියලු ශල්‍යකර්ම නතර කිරීමට පියවර ගත් බව රෆා (Rafah) හි කුවේට් රෝහලද නිවේදනය කර තිබේ.
මධ්‍යම දෙරා එල්-බලා (Deir el-Balah) ප්‍රදේශයෙන් වහා ඉවත්වන්නැයි ඊශ්‍රායලය සිදු කළ නියෝග පලස්තීනුවන් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග, එහි ජල සැපයුම් සියල්ල විසන්ධි කිරීමට ඊශ්‍රායලය හමුදා විසින් පියවර ගෙන තිබේ. සියලු ජල මූලාශ්‍ර වසා දමා තිබේ. හමුදා නියෝග මගින්, කිලෝ මීටර 30ක භූමි ප්‍රමාණයක් තෙක් ස්ථාපිත කළ මානුෂීය කලාපය, කිලෝ මීටර 20ක ටත් අඩු ප්‍රමාණයක් දක්වා සීමා කර ඇත. ඒ අනුව, සියලු පලස්තීනුවන්, සමස්ත ගාසා තීරයේ 11% ක් වැනි ඉතා කුඩා කොටසකට ඒකරාශී කිරීමට ඊශ්‍රායල හමුදා පියවර ගනිමින් සිටිති. පවතින උෂ්ණාධික කාලගුණික තත්වය යටතේ එවැනි, සීමිත අවකාශයකට සරණාගතයන් කොටු කිරීමෙන් වසංගත රෝග හට ගැනීමේ වැඩි ඉඩක් පවතින බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වාදෙති.
(Aljazeera ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
Israeli forces expand ground assault on Gaza’s Khan Younis, Deir el-Balah



