BREAKING
Top Ad
විදේශ

රෝහින්යා සරණාගතයින්ට බංග්ලාදේශ අන්තර්වාර නායක යුනුස් ගෙන් ප්‍රතිඥාවක්

T

The Leader

August 19, 2024 • 12:18 PM

රෝහින්යා සරණාගතයින්ට බංග්ලාදේශ අන්තර්වාර නායක යුනුස් ගෙන් ප්‍රතිඥාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියෙන්මාරයෙන් පලායන රෝහින්යා වැසියන් ට පූර්ණ ආරක්ෂාව ලබා දෙන බව බංග්ලාදේශ නව අන්තර්වාර නායක
  • රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන (UN) නියෝජිතයින් ඇතුළු පිරිසක් ඉදිරියේ නව රජයේ මංගල ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
  •   එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ යුනුස්, බංගලාදේශ  සරණාගත ආරක්ෂාව පතන මිලියන ගණනක රෝහින්යා වැසියන් වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබා දෙන බව පැවසීය.
  • සමානාත්මතාව සහ සියලු මානව හිමිකම් සහිතව ඔවුන් සිය මව්බිම වූ මියෙන්මාරය කරා ආරක්ෂිතව පිටත්කර හරින තෙක්, එම සහාය අත්නොහරින බවද ඔහු ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මුහම්මද් යුනුස් (Muhammad Yunus) පවසයි.

රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන (UN) නියෝජිතයින් ඇතුළු පිරිසක් ඉදිරියේ නව රජයේ මංගල ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.  

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ යුනුස්, බංගලාදේශ  සරණාගත ආරක්ෂාව පතන මිලියන ගණනක රෝහින්යා වැසියන් වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබා දෙන බව පැවසීය. ඒ උදෙසා ජාත්‍යන්තර සහාය අපේක්ෂා කෙරේ.

සමානාත්මතාව සහ සියලු මානව හිමිකම් සහිතව ඔවුන් සිය මව්බිම වූ මියෙන්මාරය කරා ආරක්ෂිතව පිටත්කර හරින තෙක්, එම සහාය අත්නොහරින බවද ඔහු ප්‍රකාශ කළේය.

උතුරු මියෙන්මාරයේ රඛීන් (Rakhine) ප්‍රාන්තයේ බෞධාගමිකන් විශාල පිරිසක් ඝාතනය කිරීමත් සමග රෝහින්යාවරුන්ට ඉන් පලා යාමට බල කෙරිණි.

2017 වසරේ මියෙන්මාරය, හමුදා පාලනය යටතට පත්වීමත් සමග එම තත්වය උග්‍ර විය. එහිදී සිදු කරන ලදැයි පැවසෙන සමූල ඝාතන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අධිකරණයක් විසින් මේ වන විට, පුළුල් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.  

මියෙන්මාරයේ පවතින අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් තුවාල ලත් රෝහින්යා වැසියන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් අසල්වැසි බංග්ලාදේශය වෙත පලා එමින් සිටිති. ඉන් 40% ක් පමණ කාන්තාවන් හා කුඩා දරුවන් වෙතැයි  වාර්තා වේ.  

(Aljazeera ඇසුරින් සටහන : හර් ෂ  උදයකාන්ත )


මූලාශ්‍ර:  
Bangladesh’s Yunus promises support to Rohingya in first policy speech


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...