BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

උතුරු කොරියාව ප්‍රථම වරට ප්‍රහාරක ඩ්‍රෝන ශක්තිය පෙන්වයි

T

The Leader Desk

August 26, 2024 • 11:35 AM

උතුරු කොරියාව ප්‍රථම වරට ප්‍රහාරක ඩ්‍රෝන ශක්තිය පෙන්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු කොරියානු නායක කිම් ජොං උන් (Kim Jong Un) පසුගියදා, මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාර අභ්‍යාසයක් නිරීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය අද නිවේදනය කළේය.
  • අවම වශයෙන් වර්ග 4 කට අයත් ප්‍රහාරක ඩ්‍රෝන යානා ඒ අතර වූ බව වාර්තා වේ.
  • ඇතැම් ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට රොකට් තාක්ෂණයද යොදා ගෙන තිබේ.  එරට පාබල සහ විශේෂ උපක්‍රමික හමුදා මෙහෙයුම් අංශ සඳහා, වැඩි වශයෙන් ප්‍රහාරක ඩ්‍රෝන යානා නිෂ්පාදනයට උතුරු කොරියානු නායකයා විසින් උපදෙස් දී ඇත.
  • යම් හෙයකින් ඒ සඳහා ලේසර් අවි භාවිතා කළ හොත්, දකුණු කොරියාව, හමුදා ක්‍රියාන්විත සඳහා ලේසර් තාක්ෂණය යොදා ගත් ලොව ප්‍රථම රට බවට පත්වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


උතුරු කොරියාවේ, ආරක්ෂක විද්‍යා ඇකඩමියේ (North Korea's Academy of Defence Sciences) ඩ්‍රෝන අධ්‍යයනායතානයේදී, එම අත්හදා බැලීමේ අභ්‍යාසය පවත්වා තිබේ. අත්හදා බැලීම් සාර්ථක බව උතුරු කොරියාව පවසයි.

පූර්ව නිර්ණිත ගුවන් පථ ඔස්සේ, නිවැරදි ඉලක්ක හඳුනා පහර දීමට සමත් ඩ්‍රෝන යානා, මෙම අභ්‍යාස සඳහා යොදා ගෙන තිබේ. අවම වශයෙන් වර්ග 4 කට අයත් ප්‍රහාරක ඩ්‍රෝන යානා ඒ අතර වූ බව වාර්තා වේ. ඇතැම් ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට රොකට් තාක්ෂණයද යොදා ගෙන තිබේ. 

එරට පාබල සහ විශේෂ උපක්‍රමික හමුදා මෙහෙයුම් අංශ සඳහා, වැඩි වශයෙන් ප්‍රහාරක ඩ්‍රෝන යානා නිෂ්පාදනයට උතුරු කොරියානු නායකයා විසින් උපදෙස් දී ඇත. ගුවනේ පමණක් නොව, සාගර අභ්‍යන්තරයේ පවා ගමන් කළ හැකි, උපක්‍රමික ඩ්‍රෝන යානා නිෂ්පාදනය සඳහා මේ වන විට උතුරු කොරියාවේ අවධානය යොමු වී ඇත. 

 

රුසියාවේ සහ ඉරානයේ නිෂ්පාදිත ප්‍රහාරක ඩ්‍රෝන යානා, එමරටවලින් උතුරු කොරියාවට ත්‍යාග වශයෙන් ලැබී ඇති බවට දකුණු කොරියාව සැක පළ කරයි. ඒ අනුව, උතුරු කොරියාව විසින් එම ඩ්‍රෝන තාක්ෂණය වැඩි දියුණු කර තිබේ ද යන්න පිළිබඳව තව දුරටත් විමර්ශනය කෙරේ. න්‍යෂ්ටික ශක්තියෙන් සන්නද්ධ රාජ්‍යයක් වන උතුරු කොරියාව විසින් දීර්ඝ කාලයක සිට, රුසියාව සහ ඉරානය සමග සමීප හමුදා සහයෝගිතා පවත්වයි. උතුරු කොරියාව, එරට ප්‍රහාරක ඩ්‍රෝන තාක්ෂණය අනාවරණය කළ ප්‍රථම අවස්ථාව මෙය බව ද දකුණු කොරියාව පවසයි. 

මෑතකදී, උතුරු කොරියානු ඩ්‍රෝන යානා දකුණු කොරියානු ගුවන් කලාපය සහ ගුවන් පියාසැරි මුක්ත කලාපයක් ද ආක්‍රමණය කළේය. එවැනි ඉදිරි ඩ්‍රෝන ආක්‍රමණයකදී, සතුරු යානා විනාශ කිරීමට, ලේසර් අවි යොදා ගන්නා බවට දකුණු කොරියාව විසින් අනතුරු අඟවා තිබේ. යම් හෙයකින් ඒ සඳහා ලේසර් අවි භාවිතා කළ හොත්, දකුණු කොරියාව, හමුදා ක්‍රියාන්විත සඳහා ලේසර් තාක්ෂණය යොදා ගත් ලොව ප්‍රථම රට බවට පත්වනු ඇත.  

 

(Reuters ඇසුරින් සටහන:  හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:

North Korea's Kim Jong Un oversees tests of 'suicide drones'


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උතුරු කොරියාව ප්‍රථම වරට ප්‍රහාරක ඩ්‍රෝන ශක්තිය පෙන්වයි | The Leader