BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

ඊශ්‍රායලයට එරෙහිව ඇම්නෙස්ටි සංවිධානය විමර්ශනයක් කැඳවයි

T

The Leader Desk

August 27, 2024 • 7:39 AM

ඊශ්‍රායලයට එරෙහිව ඇම්නෙස්ටි සංවිධානය විමර්ශනයක් කැඳවයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මානව හිමිකම් පිලිබඳ ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය (Amnesty International) ඊශ්‍රායලයට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කරයි.
  • ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් යුද ගුවන් යානා මගින්, ඇමෙරිකාවේ නිෂ්පාදිත කිලෝ ග්‍රෑම් 113ක් බරැති බෝම්බ හෙළා මෙම මනුෂ්‍ය ඝාතන සිදු කර ඇත.
  • GBU-39 වශයෙන් හැඳින්වෙන මෙම බෝම්බ පිපිරීමේදී එහි අඩංගු තියුණු ලෝහ කැබලි මීටර සිය ගණනක් දුරට විසිරීමෙන් මරණීය හානි සිදුකෙරෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, පසු ගිය මැයි 26 වන දින ගාසා තීරයේ බටහිර රෆා (Rafah) හි තාවකාලික කූඩාරම් මධ්‍යස්ථානයක රඳවා සිටි ළදරුවකු සහ කාන්තාවක ඇතුළු අවතැන් පලස්තීන ජාතිකයින් 36 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කැඳවා තිබේ.

ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් යුද ගුවන් යානා මගින්, ඇමෙරිකාවේ නිෂ්පාදිත කිලෝ ග්‍රෑම් 113ක් බරැති බෝම්බ හෙළා මෙම මනුෂ්‍ය ඝාතන සිදු කර ඇත. GBU-39 වශයෙන් හැඳින්වෙන මෙම බෝම්බ පිපිරීමේදී එහි අඩංගු තියුණු ලෝහ කැබලි මීටර සිය ගණනක් දුරට විසිරීමෙන් මරණීය හානි සිදුකෙරෙයි. එම බෝම්බ ප්‍රහාර යුක්ති සහගත නොවන බව ඇම්නෙස්ටි සංවිධානය පවසයි. 

 

මෙම බෝම්බ පිපිරීමේදී, එහි අඩංගු තියුණු ලෝහ කැබලි අධිවේගයෙන් විසිරීමෙන්, පිපිරුම් ලක්ෂ්‍යයේ සිට මීටර සිය ගණනක දුරින් සිටින සිවිල් වැසියන් පවා මරණයට පත්වන බව එම සංවිධානයේ පර්යේෂණ සහ උපදේශනය පිලිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ එරිකා ගුවේරා රෝසාස් (Erika Guevara-Rosas) ප්‍රකාශ කරයි. 

ජාත්‍යන්තර මානුෂීය නීති ප්‍රකාරව, ප්‍රතිවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමේදී ඒ අවට සිටින සාමාන්‍ය සිවිල් වැසියන්ගේ ජීවිතාරක්ෂාව පිලිබඳ වගකීමෙන් ඊශ්‍රායල හමුදාවන්ට කිසිසේත් ගැලවිය නොහැකි බව ඇය පෙන්වාදෙයි. 

(Aljazeera ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර:
Israel’s war on Gaza live: UN halts aid as Israeli tanks near Deir el-Balah


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...