BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

ලෝක ආහාර වැඩසටහනෙත් හොරු

T

The Leader Desk

August 28, 2024 • 4:45 PM

ලෝක ආහාර වැඩසටහනෙත් හොරු 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතීන්ගේ සංවිධානයට (UN) අයත් ලෝක ආහාර වැඩසටහන (WFP) සුඩානයේ සිටින සිය ඉහළ පෙළ නිලධාරීන්
  • දැනටමත් ලොව දරුණුතම සාගතයකින් පීඩාවට පත්ව සිටින සුඩාන සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ තොරතුරු, ආධාර රටවලින් වසන් කිරීම සහ තවත් වංචා හා දූෂණ පිලිබඳව ඔවුන්ට චෝදනා එල්ල වී  ඇත.
  • හමුදාවෙන් බෙදී වෙන්වී ගිය සන්නද්ධ සටන් කරුවන් සමග මාස 6 කට අධික කාලයක් ම්ලේච්ඡ යුද්ධයක නියැලෙමින් සිටින සුඩාන හමුදාව විසින් එරට ලෝක ආහාර වැඩසටහනට බාධා කිරීම පිලිබඳ තොරතුරු වසන් කිරීම චූදිත නිලධාරීන්ට එරෙහි ප්‍රධාන චෝදනාවක් වේ.
  • එහි, එරට කලාප කළමනාකරු මොහොමෙඩ් අලි (Mohammed Ali) දෙවන චූදිතයා ලෙස හඳුනාගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
දෙදෙනකුට එරෙහි විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දැනටමත් ලොව දරුණුතම සාගතයකින් පීඩාවට පත්ව සිටින සුඩාන සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ තොරතුරු, ආධාර රටවලින් වසන් කිරීම සහ තවත් වංචා හා දූෂණ පිලිබඳව ඔවුන්ට චෝදනා එල්ල වී  ඇත.

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධාන විමර්ශන නිලධාරී කාර්යාලය (OIG) මගින් ඔවුන්ට එරෙහි පරීක්ෂණ සිදු කෙරේ.

 සුඩානය වසර ගණනක් තිස්සේ අත්‍යවශ්‍ය ආහාර හිඟයකට මුහුණ පා සිටින අතර පසුගිය වසරේ සිට දරුණු අභ්‍යන්තර සිවිල් යුද්ධයක ද පැටලී සිටී. එහි මිලියන ගණනක ජනගහනයට අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීමේ නොනිමි අරගලයේ වගකීම, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන වෙත පැවරී තිබේ.

හමුදාවෙන් බෙදී වෙන්වී ගිය සන්නද්ධ සටන් කරුවන් සමග මාස 6 කට අධික කාලයක් ම්ලේච්ඡ යුද්ධයක නියැලෙමින් සිටින සුඩාන හමුදාව විසින් එරට ලෝක ආහාර වැඩසටහනට බාධා කිරීම පිලිබඳ තොරතුරු වසන් කිරීම චූදිත නිලධාරීන්ට එරෙහි ප්‍රධාන චෝදනාවක් වේ.

එම  එක් නිලධාරියෙක් වන්නේ, ලෝක ආහාර වැඩසටහනේ එරට නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂ ඛලීඩ් ඔස්මාන් (Khalid Osman) ය.

එහි, එරට කලාප කළමනාකරු මොහොමෙඩ් අලි (Mohammed Ali) දෙවන චූදිතයා ලෙස හඳුනාගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු ඉන්දන ලීටර 200,000 ක අධික ප්‍රමාණයක් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වෙයි.

චෝදනා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය පවසයි.  

චෝදනා පිලිබඳ ඔවුන්ට එරෙහි කඩිනම් පරීක්ෂණ සිදුකෙරෙන බව ලෝක ආහාර සංවිධානය  ප්‍රකාශ කර තිබේ. චූදිත සේවකයින් සහ අදාළ විෂමාචාර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම එම සංවිධානය විසින් ප්‍රතික්ෂේප  කර ඇත.

ලෝක ආහාර වැඩසටහනේ විශාලතම ඒකල ආධාරකරු වන එක්සත් ජනපද ආධාර ව්‍යාපෘතිය (USAID) විසින් ද සුඩානයේ සිදුවූ එම අකර්මන්‍යතා පිලිබඳ තහවුරු කර තිබේ. එම චෝදනා ඉතා තදින් විමර්ශනය කළයුතු බව ඒ පිලිබඳ ඔවුන් විසින් නිකුත් කළ විශේෂ ප්‍රකාශයක සඳහන් වෙයි.

ලෝක ආහාර වැඩසටහන, ලොව විශාලතම මානුෂීය ආධාර සංවිධානය  ලෙස හැඳින්වේ.

ලොව පුරා සාගතයට එරෙහිව සටන් කිරීම සහ ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම උදසා සිදුකරන ලද අප්‍රතිහත දායකත්වය වෙනුවෙන්  එම වැඩසටහන 2020 නොබෙල් සාම ත්‍යාගයෙන් ද හිමි කර ගත්තේය.

ගෝලීය වශයෙන් පවතින සාගතය තුරන් කිරීම උදෙසා, එය පෙරමුණු කිහිපයක වෙසෙස් කාර්ය භාරයක් සිදු කරයි.

සාගතයෙන් පීඩා විඳින ලෝක ජනගහනයෙන් මිලියන 157ක් වෙනුවෙන්, එය ඇමෙරිකානු ඩොලර් බිලියන 22.7ක මූල්‍යාධාර  අපේක්ෂා කරයි.

එම ජනගහනයෙන් මිලියන 1.3ක් පමණ සුඩානයේ සහ ගාසා තීරයේ වාසය කරති.

ගෝලීය වශයෙන් උද්ගතවන හදිසි තත්වයන් සමනය කිරීම උදෙසා සැපයුම් දාම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිණිස ද ලෝක අහාර වැඩසටහන පුළුල් කාර්යයක්  ඉටු කරයි.

එහෙත්, මෑත වසරවලදී එමගින් සෝමාලියාව සහ යේමනය වෙත බෙදා හරින ලද මානුෂීය  ආධාර ආපසු හරවා යැවීමට සහ පැහැර ගැනීමට  ද ලක් විය.

 පසුගිය වසරේ ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජනපද ආධාර වැඩසටහන යටතේ ඉතියෝපියාවට බෙදා හැරුණු ආහාර ආධාර විශාල වශයෙන් පැහැර ගැනීම  හේතුවෙන්, එම ආධාර බෙදාහැරීම් තාවකාලිකව නතර කෙරිණි.

ලෝක ආධාර වැඩසටහනේ සුඩාන කාර්යාලයේ සිදුවන අකර්මන්‍යතා හේතුවෙන්, සුඩාන හමුදාව සහ ඉන් ඉවත්වුණු ක්ෂණික සහායයික බලකා (Rapid Support Forces) සාමාජිකයින් අතර පවතින යුද ගැටුම් අතරතුර අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීම් වලට බාධා සිදු විය හැකි බවට රාජ්‍යතාන්ත්‍රික පිරිස් කනස්සල්ල පල  කරති.

ජාත්‍යන්තර තාක්ෂණික කණ්ඩායමක් වන ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) මගින් සුඩානයේ මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විශේෂ සංගණනයකදී ලෝක ආහාර වැඩසටහනේ සුඩාන කාර්යාලයේ සිදුකෙරුණු වංචා හා දූෂණ පිලිබඳ තොරතුරු අනාවරණය කෙරිණි.

එහිදී ලෝක ආහාර වැඩසටහනේ බෙදා හැරීම් මධ්‍යයේ වුව, තවදුරටත් සාගත මට්ටම එලෙසම පවතින   ප්‍රාදේශිකයන් රැසක් හඳුනා ගැනිණි. එම අනාවරණත්   සමග, සුඩාන වැසියන් මිලියන 25 කට අධික සංඛ්‍යාවක් හෝ එරට සමස්ත ජනගහනයෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක්, දරුණු සාගතයකට අද වැටෙමින් ඇති බව  වාර්තා විය.

සුඩානයේ ඇතැම් පළාත් හි ජනයා කුස ගින්නෙන් මිදීමට ශාක පත්‍ර සහ පස් ආහාරයට ගනිමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය පසුගිය අප්‍රේල් මස වාර්තා කළේය.

සාගතයෙන් සිදුවන මරණ හේතුවෙන් එරට සුසාන සංඛ්‍යාව ඉහල යමින් පවතින බවත්, රට පුර සීග්‍රයෙන් වසංගත රෝග පැතිරෙමින් ඇති බවත් චන්ද්‍රිකා ඡායාරූප ආශ්‍රයෙන් කළ විමර්ශනවලදී හෙළි වූ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

සටන් හි නිරත සුඩාන හමුදාව ආහාර සැපයුම්වලට බාධා පමුණුවන අතර හමුදාවෙන් මිදුණු ප්‍රතිවාදී සන්නද්ධ කණ්ඩායම් ආහාර බෙදාහැරීම් විශාල වශයෙන් පැහැර  ගනිමින් සිටින බව වාර්තා වෙයි.

පසුගිය වසරේ අප්‍රේල් මස සුඩානයේ යුද ගැටුම් ආරම්භ විය. මිලියන 10ක ට අධික සුඩාන වැසියන් පිරිසක් ඉන් අවතැන් වූ අතර එය මෙතෙක් ගෝලීය වශයෙන් වාර්තා වූ විශාලතම අභ්‍යන්තර අවතැන් වීම ලෙස සැලකේ. රට තුළ මන්දප්ෂණය අතිශය දරුණු මට්ටමකට පැමිණ ඇති අතර කොළරාව  වැනි වසංගත රෝග සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ.

සුඩාන හමුදාවට පවතින බිය හේතුවෙන්, ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙම වංචා සහ දූෂණ පිලිබඳ සත්‍ය තොරතුරු වසන් කරමින් සිටින බවද රොයිටර්ස් පුවත් සේවය පවසයි.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත)

මූලාශ්‍ර:


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...