BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

ෂන්ෂන් ජපානය කළඹයි

T

The Leader Desk

August 29, 2024 • 10:30 AM

ෂන්ෂන් ජපානය කළඹයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ කගොෂිමා (Kagoshima) ප්‍රදේශය හරහා හමායන ෂන්ෂන් (Shanshan) සුළි කුණාටුවෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයකු අතුරුදන් වී තිබේ.
  •   කුණාටුව හේතුවෙන් මියසාකි (Miyazaki) නගරයේ නිවාස, ගොඩනැගිලි ඇතුළු දේපල රැසක් හානියට පත්ව ඇතැයි එරට එන්.
  •   ඉදිරි දින කිහිපය ඇතුලත කුණාටුව, තෝකියෝ (Tokyo) අගනුවර ඇතුළු මධ්‍යම සහ නැගෙනහිර ජපානයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • එරට, ආනා (ANA Holdings) සහ ජපන් ගුවන් සේවයේ අභ්‍යන්තර ගුවන් ගමන් වාර 600ක් පමණ ද අත්හිටුවා ඇත.    (Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)  මූලාශ්‍ර:  Millions evacuated as typhoon slams Japan's Kyushu, halting flights and factories
අකුරු ප්‍රමාණය (Font Size):

පවතින දැඩි සුළං සහිත වර්ෂාපතනය හේතුවෙන් එහි ගුවන් ගමන් ද අවලංගු කර ඇත. 

ප්‍රදේශය පුරා විදුලිය ඇණහිට ඇතැයි ද වාර්තා වේ. විදුලිය විසන්ධි වීම් හේතුවෙන් නිවාස 250,000 ක ට අධික සංඛ්‍යාවක ගෘහස්ත කටයුතු සියල්ල අඩාලව පවතී. පවතින අයහපත් කාලගුණික තත්වය හේතු කොට එහි ටොයෝටා සහ නිසාන් මෝටර් රථ කර්මාන්ත ශාලා හි මෙහෙයුම් ද තාවකාලිකව අත්හිටුවා තිබේ. 

 



ඊයේ (28) උදෑසන තත්පරයට මීටර 55 ක හෙවත්, පැයට කිලෝ මීටර 198 ක වේගයෙන් හමා යන චණ්ඩ මාරුතය, නිරිතදිග ජපානයේ ක්‍යුෂු (Kyushu) දිවයිනෙහි පිහිටි සත්සුමසේන්දායි (Satsumasendai) නගරයෙන් ප්‍රදේශයට ඇතුළු විය. 

දීර්ග කාලයක ට පසු ජපානයට බලපෑ දරුණුතම කුණාටු තත්වය මෙය බව පැවසෙන අතර, ප්‍රදේශ කිහිපයක මිලියන ගණනක ජනතාවට පදිංචි ස්ථාන වෙතින් වහා ඉවත්වන ලෙස ලෙස දැනුම් දී තිබේ. සුළි කුණාටුව ප්‍රදේශයෙන් ඉවත්වීම ඉතා මන්දගාමීව සිදුවන බැවින්, දැඩි වැසි සහිත කාලගුණ තත්වය දීර්ඝව පවතිනු ඇතැයි එරට කාලගුණ බලධාරීහු ප්‍රකාශ  කරති.

2e4cb2fa57853459c8

 

කුණාටුව හේතුවෙන් මියසාකි (Miyazaki) නගරයේ නිවාස, ගොඩනැගිලි ඇතුළු දේපල රැසක් හානියට පත්ව ඇතැයි එරට එන්. එච්. කේ. (NHK) රූපවාහිනිය පවසයි.  

ඉදිරි දින කිහිපය ඇතුලත කුණාටුව, තෝකියෝ (Tokyo) අගනුවර ඇතුළු මධ්‍යම සහ නැගෙනහිර ජපානයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ක්‍යුෂු හි දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර තිබේ. එරට, ආනා (ANA Holdings) සහ ජපන් ගුවන් සේවයේ අභ්‍යන්තර ගුවන් ගමන් වාර 600ක් පමණ ද අත්හිටුවා ඇත. 

 

ty japan
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර: 
Millions evacuated as typhoon slams Japan's Kyushu, halting flights and factories


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෂන්ෂන් ජපානය කළඹයි | The Leader