BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

ලිබියානු මහ බැංකු අධිපති රටින් පැන යයි

T

The Leader Desk

August 30, 2024 • 10:09 AM

ලිබියානු මහ බැංකු අධිපති රටින් පැන යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තර්ජන හේතුවෙන්, ජීවිතාරක්ෂාව පතා තමාට සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට රටින් පලා යාමට සිදුව ඇතැයි, ලිබියානු මහ බැංකු අධිපති සදීක් අල්-කබීර් (Sadiq al-Kabir) ප්‍රකාශ කරයි.
  • බලහත්කාරයෙන් රාජකාරියට වාර්තා කිරීමට බල කරමින්, බැංකු කරුවන්ගේ දරුවන් සහ ඥාතීන් පැහැර ගනිමින් ඇතැයි ද ඔහු පවසයි.    රට තුළ උග්‍ර මූල්‍ය අර්බුදයක් උද්ගතව ඇති අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.
  • මිලියන 2.3 ක ට අධික රාජ්‍ය සේවක වැටුප් මෙම මස  සිට දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබේ.
  • බැංකු ගිණුම් හි මුදල් සංචිත නොමැති අතර, උග්‍ර ඉන්දන හිඟයක් මතුව ඇතැයි ද වාර්තා වෙයි.  එරට අන්තර්වාර අගමැති අබ්දුල්හමීඩ් අල්-බෙබා (Abdulhamid al-Dbeibah) විසින් මහ බැංකුව වෙත නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


සන්නද්ධ පුගලයින් විසින් බැංකු කාර්ය මණ්ඩල වෙත මරණ  තර්ජන එල්ල කරමින් ඔවුන් බිය වද්දමින් ඇතැයි දුරකථනය ඔස්සේ ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. බලහත්කාරයෙන් රාජකාරියට වාර්තා කිරීමට බල කරමින්, බැංකු කරුවන්ගේ දරුවන් සහ ඥාතීන් පැහැර ගනිමින් ඇතැයි ද ඔහු පවසයි. 

 

1231324 B5E6 A63E3BAE0F28රට තුළ උග්‍ර මූල්‍ය අර්බුදයක් උද්ගතව ඇති අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

මේ වන විට, ලිබියාවේ සියලු බැංකු කටයුතු ඇණහිට තිබේ. රට තුළ උග්‍ර මූල්‍ය අර්බුදයක් උද්ගතව ඇති අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. මිලියන 2.3 ක ට අධික රාජ්‍ය සේවක වැටුප් මෙම මස  සිට දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබේ. මාසික වේතන මත පමණක් යැපෙන ඔවුන්, මේ හේතුවෙන් දැඩි ජීවන අරගලයකට මුහුණ පා සිටී. බැංකු ගිණුම් හි මුදල් සංචිත නොමැති අතර, උග්‍ර ඉන්දන හිඟයක් මතුව ඇතැයි ද වාර්තා වෙයි. 

124518923 1632236693එරට අන්තර්වාර අගමැති අබ්දුල්හමීඩ් අල්-බෙබා (Abdulhamid al-Dbeibah) විසින් මහ බැංකුව වෙත නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.

 

එරට අන්තර්වාර අගමැති අබ්දුල්හමීඩ් අල්-බෙබා (Abdulhamid al-Dbeibah) විසින් මහ බැංකුව වෙත නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ. තමා එම ධුරයෙන් නෙරපා හැරීමට ගත් තීරණය නීති විරෝධී බව සදීක් අල්-කබීර් ප්‍රකාශ කරයි. එය, එක්සත් ජාතීන් (UN) සමග ලිබියාව එළැඹ ඇති මූල්‍ය සම්මුතියට පටහැනි බව ද ඔහු පවසයි. 

 

126990453දේශපාලකයෝ, එරට මහ බැංකුව, තෙල් ආකාර, අනෙකුත් රාජ්‍ය ආයතන සහ පොදු දේපලවල පාලන බලය උදෙසා කුළල් කා ගනිමින් සිටිති.

ලිබියානු මහ බැංකුවේ පාලන බලය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය මේ වන විට, එරට මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි දැඩි ප්‍රතිරෝධී බලපෑමක් එල්ල කරමින් පවතී. කලාපයේ ප්‍රධාන තෙල් නිෂ්පාදකයකු වන ලිබියාව, තුර්කි සහ රුසියානු සහාය ලැබෙන නැගෙනහිර සහ බටහිර කලාප වශයෙන් ද බෙදී පවතී. දේශපාලකයෝ, එරට මහ බැංකුව, තෙල් ආකාර, අනෙකුත් රාජ්‍ය ආයතන සහ පොදු දේපලවල පාලන බලය උදෙසා කුළල් කා ගනිමින් සිටිති. 

සියලු ඒකපාර්ශ්වීය තීරණ ගැනීම්, තෙල් ආකාර කෙරෙහි පවත්නා බලහත්කාරකම්, සහ බලය අව භාවිතා කිරීම් වහා නතර කරන ලෙසත්,   සියලු මිල ඉහළයාම් පාලනය කරන ලෙස, සහ බැංකු කාර්යමණ්ඩල ආරක්ෂාව වහා තහවුරු කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එරට රජයට දැඩි අවවාද නිකුත් කර තිබේ.  

(සටහන: හර්ෂ උදයකාන්ත) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...