BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

මාලදිවයින ඇද වැටේ

T

The Leader Desk

August 30, 2024 • 10:54 AM

මාලදිවයින ඇද වැටේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලදිවයිනේ සියලු ඩොලර් සංචිත සිඳී ගොස් ඇතැයි වාර්තා වෙයි. අපේක්ෂිත ආදායම් මත පමණක් රැඳෙමින් පාලනයකින් තොරව මූල්‍ය විධි විධාන පවත්වා ගැනීම මෙම මූල්‍ය අර්බුදයට හේතුව බව, එරට හිටපු මුදල් අමාත්‍ය ඉබ්‍රහිම් අමීර් (Ibrahim Ameer) පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


නවතම ෆිච් (Fitch) සහ මූඩි (Moody) ශ්‍රේණිගත කිරීම් හි, මාලදිවයින් සමස්ත ණය ශ්‍රේණි ගත කිරීම් පහත හෙළා තිබේ. 

මූල්‍ය ඉපයීම්වලට අදාල සාකච්ඡාවන්ට ලැබෙන ප්‍රතිචාර මත පදනම්ව තීරණ ගැනීමට එදිරිව, රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාර පිලිබඳ නිවැරදි වැටහීමක් වත්මන් රජයට නැතැයි ද, අමීර් චෝදනා කරයි. එරට මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය සබඳතා එසේ පවත්වාගැනීම විශාල වරදක් බව ඔහු පෙන්වාදෙයි. මාලදිවයින් රුෆියා බිලියන 16 ක අපේක්ෂිත ආදායම මත රැඳෙමින් මූල්‍ය විනය අක්‍රමවත් කිරීමේ අනිටු ප්‍රතිඵලය එය බව ඔහු පවසයි. 

මාලදිවයින් මූල්‍ය අධිකාරිය විසින් මේ පිලිබඳ එරට මුදල් අමාත්‍යංශය වෙත අනතුරු අඟවමින් මීට පෙර ලිපියක් යොමු කර තිබුණද, ඊට දින කිහිපයකට පසු, එරට සියලු ඩොලර් සංචිත අවසන් බව දැනුම් දීමට කටයුතු කෙරිණි. එරට ඉතිහාසයේ විදෙස් මූල්‍ය සංචිත සෘණ අගයක් කරා ඇද වැටුණු ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වෙයි. 

ඉකුත් 21 වන දා වනවිට, මාලදිවයින් රජය විසින් ගෙවිය යුතු සමස්ත විදෙස් ණය වාරිකය ඇමෙරිකානු ඩොලර් මිලියන 25 ක් තෙක් ඉහළ ගොස් තිබිණි. 

(Daily News ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...