BREAKING
Top Ad
විදේශ

පාකිස්ථානයේ කාලගුණයත් දරුණු වෙයි

T

The Leader

August 30, 2024 • 6:17 AM

පාකිස්ථානයේ කාලගුණයත් දරුණු වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තද වැසි සහ දැඩි කුණාටු සහිත සුළං හේතුවෙන් පාකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චියේ සියලු පාසල් වසා දැමීමට බලධාරීහු අද පියවර ගත්හ.
  • 147 ක අඛණ්ඩ වැසි ඇද වැටෙමින් පවතී.
  • අනවශ්‍ය ගමන් හැකි තාක් අවම කරන ලෙස සියලු ප්‍රදේශවාසීන් වෙත දන්වා ඇත.  ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයට එපිටින් පවතින වායු අවපාතය, අද දිනය තුළ දරුණු සුළි  කුණාටු තත්වයක් ලෙස පකිස්ථානයට ඇතුළු වීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

අරාබි මුහුදේ දැනට පවතින වායු අවපාතය දැඩි සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බව එරට කාලගුණ විද්‍යා කාර්යාලය අනාවැකි ප්‍රකාශ කර තිබේ. 

ඊයේ රාත්‍රී සිට කරච්චි නුවරට මි.මී. 147 ක අඛණ්ඩ වැසි ඇද වැටෙමින් පවතී. අනවශ්‍ය ගමන් හැකි තාක් අවම කරන ලෙස සියලු ප්‍රදේශවාසීන් වෙත දන්වා ඇත. 

ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයට එපිටින් පවතින වායු අවපාතය, අද දිනය තුළ දරුණු සුළි  කුණාටු තත්වයක් ලෙස පකිස්ථානයට ඇතුළු වීමට නියමිතය. ඉදිරි දින දෙක ඇතුළත එය වයඹ දෙසින් අරාබි මුහුදට ඉහළින් ගමන් කරනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා කාර්යාලය ද අනාවැකි පල කරයි. 

ප්‍රදේශයේ සියලු ධීවර කටයුතු සහ සමුද්‍රීය යාත්‍රික කටයුතු නවතා දමන ලෙසද බලධාරීන් විසින් උපදෙස් නිකුත් කර තිබේ. සුළි කුණාටුව හේතුවෙන්, ඉදිරි දිනවල එරට දරුණු ජල ගැලීම් සහ ක්ෂණික ගං වතුර  තත්වයක් ද ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත. 

(Reuters ඇසුරින් සටහන; හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:

Schools in Pakistan's Karachi closed as rare August cyclone builds up


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...