BREAKING
Top Ad
විදේශ

ත්‍රස්තයින් සොයා ගාසා තීරයේ දැවැන්ත ඊශ්‍රායල මෙහෙයුම් - හෙබ්‍රන් නගරය නොසන්සුන්

T

The Leader

August 31, 2024 • 6:53 AM

ත්‍රස්තයින් සොයා ගාසා තීරයේ දැවැන්ත ඊශ්‍රායල මෙහෙයුම් - හෙබ්‍රන් නගරය නොසන්සුන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉවුරේ හෙබ්‍රන් (Hebron) දිස්ත්‍රික්කය මේ වන විට ඊශ්‍රායල හමුදා විසින් මුළුමනින්ම වසා දමා තිබේ.
  •   ඊයේ (30) රාත්‍රී, ඊශ්‍රායල ජනාවාසයකට ප්‍රහාර එල්ල කළ හමාස් ප්‍රහාරකයින් සොයා එම මෙහෙයුම ක්‍රියාත්මකය.
  •     ඊශ්‍රායල සන්නද්ධ හමුදා පිරිස් රැසක් නගරය වෙත කැඳවා ඇති අතර, මේවනවිට එහි, දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් පවතින බව වාර්තා වේ.
  • ගාසා හි ජෙනින් (Jenin) අවතැන් සරණාගත කඳවුර ආසන්නයේ ඊයේ (30) රාත්‍රී සිට ඊශ්‍රායල භට පිරිස් විශාල පිරිසක් සන්නද්ධ හමුදා බුල්ඩෝසර් රථද යොදා ගනිමින් මෙහෙයුමක් දියත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


හමුදා මෙහෙයුම් හිදී පලස්තීනුවන් දෙදනකු ඊශ්‍රායල හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

විශාල කොන්ක්‍රීට් බාධක යොදා ගනිමින්, ඊශ්‍රායල හමුදා විසින් සිව් දෙසින්, එහි පිවිසෙන දොරටු සියල්ල අවහිර කර තිබේ.  

මාර්ගයේ ධාවනය වන සියලු මෝටර් රථ, ඊශ්‍රායල හමුදාවන්ගේ දැඩි පරික්ෂාවට  ලක් වෙමින් පවතී.  

ඊයේ (30) රාත්‍රී, ඊශ්‍රායල ජනාවාසයකට ප්‍රහාර එල්ල කළ හමාස් ප්‍රහාරකයින් සොයා එම මෙහෙයුම ක්‍රියාත්මකය.  

ගාසා තීරයේ උතුරු හෙබ්‍රන් ප්‍රදේශයේ බලහත්කාරයෙන් පවත්වාගෙන යන ඊශ්‍රායල ජනාවාස දෙකක් ඉලක්ක කර ඊයේ රාත්‍රී එල්ල කළ දරුණු ප්‍රතිවාදී ප්‍රහාරයන්ගෙන් පසුව ඊශ්‍රායල හමුදා විසින් මෙම පියවර ගෙන තිබේ.

 

Hebronහෙබ්‍රන් යනු, මිලියනයකට අධික ජනගහනයක් වෙසෙන ගාසාහි පිහිටි, විශාලතම දිස්ත්‍රික්කයයි.

හෙබ්‍රන් යනු, මිලියනයකට අධික ජනගහනයක් වෙසෙන ගාසාහි පිහිටි, විශාලතම දිස්ත්‍රික්කයයි.    


ඊශ්‍රායල සන්නද්ධ හමුදා පිරිස් රැසක් නගරය වෙත කැඳවා ඇති අතර, මේවනවිට එහි, දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් පවතින බව වාර්තා වේ.  

ඊශ්‍රායල බලධාරීහු හෙබ්‍රන් නගරයේ පිහිටි ඉබ්‍රහිම් පල්ලිය (Ibrahimi Mosque) මීට සුළු වෙලාවකට පෙර සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත්හ. එය ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ අතිශය ගෞරවයට පත් ආගමික මධ්‍යස්ථානයකි.

ගාසා හි ජෙනින් (Jenin) අවතැන් සරණාගත කඳවුර ආසන්නයේ ඊයේ (30) රාත්‍රී සිට ඊශ්‍රායල භට පිරිස් විශාල පිරිසක් සන්නද්ධ හමුදා බුල්ඩෝසර් රථද යොදා ගනිමින් මෙහෙයුමක් දියත් කර තිබේ.

එහි සිටින ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කරුවන් අතර අඛණ්ඩ වෙඩි හුවමාරු සිදුවෙමින් පවතී. ගැටුම්වලින්, සරණාගත කඳවුරට දැඩි හානි සිදුව තිබේ.

එහි අවතැන්  ජනතාව වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය ආහාර, ජල සහ වෛද්‍යාධාර සැපයුම් ද මුළුමනින්ම අවහිර කිරීමට ඊශ්‍රායල හමුදා විසින් පියවර ගෙන ඇත.  

සිරවී සිටින අවතැන් සරණාගතයින් හට බාහිර මානුෂීය ආධාර ලබාගැනීම පිණිස පැවති  සියලු අවකාශ වසා දමා තිබේ.

 

alඊයේ (30) සන්ධ්‍යාවේ සිට ගාසා හි නුසෙරත් (Nuseirat) සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් 20 දෙනකුවත් මියගොස් ඇතැයි අල්ජසීරා (Aljazeera) පුවත් සේවය පවසයි.

ඊයේ (30) සන්ධ්‍යාවේ සිට ගාසා හි නුසෙරත් (Nuseirat) සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් 20 දෙනකුවත් මියගොස් ඇතැයි අල්ජසීරා (Aljazeera) පුවත් සේවය පවසයි.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව එම ප්‍රහාරය එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. සහන සේවකයෝ, විනාශයටපත් ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් සොයා වෙහෙසකර වෑයමක තවදුරටත් නිරතව සිටිති.

 

thumbs b c 88a0d8462e2a0acb2bfb35b79f7d81adප්‍රදේශයේ සමස්ත ජනාවාස චතුරශ්‍රය, ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයන්ගෙන් මුළුමනින්ම විනාශ වී තිබේ.  

ප්‍රදේශයේ සමස්ත ජනාවාස චතුරශ්‍රය, ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයන්ගෙන් මුළුමනින්ම විනාශ වී තිබේ.  

ඊශ්‍රායල ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරවලින් බටහිර රෆා (Rafa) නගරයේ අල්-ෂකුෂ්  (al-Shakush) හි දී පලස්තීනුවන් දෙදනකු ජීවිතක්ෂයට පත්විය.  

ඊයේ රාත්‍රී සිට ඊශ්‍රායල හමුදා දකුණු ගාසා තීරය සහ එහි පිහිටි ඛාන් යුනිස් (Khan Younis) ප්‍රදේශය ඉලක්ක කර දරුණු ප්‍රහාර රැසක් දියත් කරමින් සිටී. ප්‍රහාර හේතුවෙන්, නිවාස රැසක් විනාශ වී ඇතැයි වාර්තා වේ.

උතුරු ගසා  තීරය ද දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර රැසකට ලක්ව ඇති බව වෆා (Wafa) පුවත් ඒජන්සිය පවසයි.

එම ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූවෝ  එහි අල්-අහ්ලි (al-Ahli) අරාබි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.  

 

AA 20240830 35517620 35517618 ISRAELI ATTACKS ON GAZA KEEP TAKING LIVES 1725065597 ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ

මේ අතර, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කරුවන්, ඊශ්‍රායල හමුදා මුරපොළකට පහර දී තිබේ.  ප්‍රහාරය අද උදෑසන එරට වේලාවෙන් පෙ.ව.8.50 ට සිදු කළ බව ඔව්හු පවසති. උතුරු ඊශ්‍රායලයේ අල්-මාජ් (al-Marj) හමුදා මුරපොළ එහි ඉලක්කය වී තිබේ.  එය අද දින සිදු කරන ලද පළමු හිස්බුල්ලා ප්‍රහාරය බව වාර්තා වේ.

ගාසා තීරයේ  බටහිර ඉවුරේ ග්‍රාමීය ප්‍රදේශයකදී ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කරුවන් අතර මුහුණට මුහුණ වෙඩි හුවමාරු සිදු වූ බව අල්ජසීරා (Aljazeera) පුවත් සේවය පවසයි.

(Reuters ඇසුරින් සටහන;  හ ර් ෂ  උදයකාන්ත)


මූලාශ්‍ර:

Israeli strikes kill 20 in Nuseirat, including 7 members of one family


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...