BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායල හමුදා ගාසා සරණාගත කඳවුරක් වනසයි

T

The Leader

September 1, 2024 • 12:23 AM

ඊශ්‍රායල හමුදා ගාසා සරණාගත කඳවුරක් වනසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා, ගාසා හි ජෙනින් (Jenin) සරණාගත කඳවුර මුළුමනින්ම වනසා දමමින් සිටිති.
  • (AFP) පුවත් සේවයට ප්‍රකාශ කර  තිබේ.  ඊශ්‍රායල හමුදා විසින් ප්‍රදේශයේ විදුලිය සහ ජල සම්පාදනය ද විසන්ධි කර ඇත.
  • එහෙත්, ඒ වෙනුවෙන් කිසිදු සටන් විරාමයක් ක්‍රියාත්මක නොකරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Nethanyahu) පවසයි.
  • ගාසා තීරයේ පෝලියෝ එන්නත්කරණයට සටන් විරාමයක් ආරම්භ කරන බවට පැතිර යන පුවත් සත්‍යයෙන් තොර බවත්, අවශ්‍ය නම්, සෞඛ්‍ය බලධාරීන්ට ඒ සඳහා මානුෂීය කොරිඩෝවක් පමණක් විවෘත කරදීමට කටයුතු කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි ජනතාව ඉතා අසරණ බවත්, කුඩා දරුවකුට දීමට කිරි උගුරක් පවා නොමැති බවත්, ආහාර නිෂ්පාදනය කරන බේකරි සියල්ල වසා දමා ඇති බවත්, කඳවුර අවට ප්‍රදේශ වාසීන් විසින් ඒ.එෆ්.පී. (AFP) පුවත් සේවයට ප්‍රකාශ කර  තිබේ. 

ඊශ්‍රායල හමුදා විසින් ප්‍රදේශයේ විදුලිය සහ ජල සම්පාදනය ද විසන්ධි කර ඇත. ජල අපවහන පද්ධතිය අක්‍රීයව පවතින අතර සියලු ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම්, බෝම්බ හෙලා විනාශ කර තිබේ.

 

ගාසා තීරය පුරා වහා පෝලියෝ එන්නත් වැඩසටහනක් දියත් කිරීමට පසු ගිය දා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ ගාසා සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කෙරිණි. එහෙත්, ඒ වෙනුවෙන් කිසිදු සටන් විරාමයක් ක්‍රියාත්මක නොකරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Nethanyahu) පවසයි.

ගාසා තීරයේ පෝලියෝ එන්නත්කරණයට සටන් විරාමයක් ආරම්භ කරන බවට පැතිර යන පුවත් සත්‍යයෙන් තොර බවත්, අවශ්‍ය නම්, සෞඛ්‍ය බලධාරීන්ට ඒ සඳහා මානුෂීය කොරිඩෝවක් පමණක් විවෘත කරදීමට කටයුතු කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කරයි. එහෙත් එය ද, පැය කිහිපයකට පමණක් බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි. 

 

z gazaකුඩා දරුවකුට දීමට කිරි උගුරක් පවා නොමැති බවත්, ආහාර නිෂ්පාදනය කරන බේකරි සියල්ල වසා දමා ඇති බවත්, කඳවුර අවට ප්‍රදේශ වාසීන් විසින් ඒ.එෆ්.පී. (AFP) පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.
මේ අතර ගාසා හි, ජෙනින් සරණාගත කඳවුර විනාශයට පත් කිරීම සහ එහි අහිංසක ජනතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ (UN) මානව හිමිකම් කාර්යාලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. මේ වන විට, පලස්තීනුවෝ 11,000 ක ට අධික පිරිසක් එහි රැඳී සිටිති.

ජෙනින් හි වෙසෙන පලස්තීනුවන් 12 දෙනකුට අධික පිරිසක් නවතම ඊශ්‍රායල ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්වී තිබේ. බෝම්බ ප්‍රහාර සහ වෙඩි තැබීම් වලින් එම මරණ සිදු කර ඇත. වෙඩි තැබීම් වලින් මියගිය පුද්ගලයින් අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම පිණිස නිවසින් බැහැර ගිය වයස්ගත පුද්ගලයෝද වෙති.

z gaza 1ඊශ්‍රායල හමුදා විසින්, ප්‍රදේශවාසීන්ට වහා ඉන් ඉවත්වන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුම් දී ඇත.

 

සන්නද්ධ හමුදා රථ සහ බුල්ඩෝසර රථ, ඊට සහාය පිණිස කැඳවා ඇති ඩ්‍රෝන සහ යුද ගුවන් යානාවන්ගෙන්ද සන්නද්ධ සුවිසල් හමුදා මෙහෙයුමක් මේ වන විට, ඊශ්‍රායලය විසින් දියත් කර තිබේ. ප්‍රදේශය පුරා දැඩි ඇඳිරිනීතිය පනවා ඇත. ප්‍රදේශවාසීන්, එක්සත් ජාතීන්ගේ සහන සේවා සහ වෛද්‍ය කණ්ඩායම් රැසක්, ආහාර සහ ජලය නොමැතිව එහි සිරවී සිටිති.

ඊශ්‍රායල හමුදා සිය බුල්ඩෝසර් රථ යොදා ගනිමින්, අවට සියලු ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් "භූමියට සමතලා" කරමින් සිටිති. එහි වෙසෙන තරුණ පලස්තීනුවන් රැසක් ඊශ්‍රායල හමුදා භාරයට ගෙන ඇති අතර, ඔවුන්ට විවිධ වධ හිංසා පමුනුවමින් සිටින බවද වාර්තා වේ.

ඊශ්‍රායල හමුදා විසින්, ප්‍රදේශවාසීන්ට වහා ඉන් ඉවත්වන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුම් දී ඇත.  

(Aljazeera ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත) 


මූලාශ්‍ර: 
‘Enormous destruction’ in Jenin as Israel’s siege cuts off water, power


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...