2021 වසරේ ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයට නතුවීමෙන් අනතුරුව, ජර්මනියේ රැඳී සිටි ඇෆ්ගන් ජාතික සංක්‍රමණිකයින් පිරිසක් රටින් පිටුවහල් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයින් සියලුදෙනා නම ගිය අපරාධ පොතට ඇතුළත් වන අතර, ඔවුන්ට තව දුරටත් ජර්මනියේ රැඳී සිටීමට කිසිදු හිමිකමක් නැතැයි, එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් හෙබස්ත්‍රේත් (Stefan Hebestreit) ප්‍රකාශ කරයි. කටාර් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස ඇෆ්ගන් අගනුවර, කාබුල් වෙත පිටත් කර හැරිණි.
ජර්මනිය පුරා සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් එරට විවිධ ප්‍රදේශවලදී මෙම ඇෆ්ගන් ජාතිකයින් පිරිස අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට පත් වූහ. එක් අවස්ථාවෙක දී ඇෆ්ගන් ජාතිකයකු විසින් ජර්මනිය තුළ සිදු කළ පිහි ඇනුමකින් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත් වී තවත් සිව් දෙනකු තුවාල ලැබීය.
මේ වනවිට, ඇෆ්ගන් රාජ්‍යය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවා ඇති ජර්මනිය, කටාර් රාජ්‍ය හා එක්ව, මෙම පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ඇෆ්ගන් රාජ්‍ය බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීය.
මීට ප්‍රථම, සිරියානු ජාතිකයකු විසින් ජර්මනියේදී සිවිල් වැසියන් ඉලක්ක කර බිහිසුණු පිහි ඇනුම් ප්‍රහාරයක් සිදු කළේය. අත්අඩංගුවට පත් එම පුද්ගලයා බල්ගේරියාවට පිටුවහල් කිරීමට සූදානම්ව තිබියදී, අතුරුදන් විය. අයි.එස්.අයි.එස් (ISIS) ත්‍රස්ත සංවිධානයට අයත් අයි.එස්.අයි.එල්. (ISIL) සංවිධානය විසින් එම ප්‍රහාරයේ වගකීම පිළිගෙන තිබේ. මෙම තත්වයත් සමග ජර්මනිය තුළ ගිනි අවි භාවිතා කිරීමේ, පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීමට නීති බලධාරීන් විසින් කටයුතු කරමින් සිටී. එරට ආරක්ෂක අංශ තව දුරටත් ශක්තිමත් කිරීමට ද පියවර ගැනේ.
දේශපාලන හේතූන් මත, ජාත්‍යන්තර මානව හිමිකම් පිලිබඳ නීති උල්ලංඝනය කිරීම යුක්ති සහගත නොවන බවත්, විවිධ මානව හිමිකම් උල්ලංඝන පවතින තවත් එවැනිම රටකට පුද්ගලයින් පිටුවහල් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එම සංවිධානය පවසයි.
ජර්මනියේ සිටින ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් (Amnesty International) මෙම පිටුවහල් කිරීම් හෙලා දැක තිබේ. දේශපාලන හේතූන් මත, ජාත්‍යන්තර මානව හිමිකම් පිලිබඳ නීති උල්ලංඝනය කිරීම යුක්ති සහගත නොවන බවත්, විවිධ මානව හිමිකම් උල්ලංඝන පවතින තවත් එවැනිම රටකට පුද්ගලයින් පිටුවහල් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එම සංවිධානය පවසයි.
(Aljazeera ඇසුරින් සටහන; හර්ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
Germany deports 28 Afghans for first time since 2021 Taliban takeover



