BREAKING
Top Ad
විදේශ

තොරතුරු අවියක් කරගැනීම ගැන ඊශ්‍රායලයට චෝදනා

T

The Leader

September 2, 2024 • 3:17 AM

තොරතුරු අවියක් කරගැනීම ගැන ඊශ්‍රායලයට චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆිලිපෙ ලසාරිනි (Philippe Lazzarini)
  • ඒ හේතුවෙන්, 1949 වැනි ඈතක සිට, පලස්තීන  ජනතාව වෙනුවෙන් විදෙස් රටවල් ලබාදෙන සහනාධාර සහ වෙනත් සේවාවන්ට බාධා එල්ල කෙරෙමින් පවතී.
  • පලස්තීනුවන් "ත්‍රස්තවාදීන්" සමග සබඳතා පවත්වන බැවින්, එම බාධක පමුණුවන බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.
  • ඔක්තෝබර් 07 දා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහිව සිදුකරන ලද ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගතයින් පිලිබඳ ඒජන්සියේ ඇතැමුන්ගේ සම්බන්ධයක් ඇතැයි ඊශ්‍රායලය චෝදනා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඊශ්‍රායලය, සිය ආයතනික කීර්ති නාමයට හානි සිදු කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටින බව එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගතයින් පිලිබඳ ඒජන්සිය (UNRWA) චෝදනා කරයි.

 

සාවද්‍ය තොරතුරු සහ තොරතුරු විකෘති කිරීම, ගාසා යුද්ධයේදී පලස්තීන ජනතාවට එරෙහි අවියක් කොට භාවිතා කෙරෙමින් ඇතැයි ඒජන්සියේ කොමසාරිස් ජනරාල්, ෆිලිපෙ ලසාරිනි (Philippe Lazzarini) පවසයි. 


ඊශ්‍රායලය විසින් ගූගල් අවකාශයේ දැන්වීම් මිලදී ගනිමින්, සරණාගතයින් සඳහා ආධාර ලබාදෙන කණ්ඩායම් අවහිර කරමින් සිටින බව ඔහු චෝදනා කරයි.
 
 
අත්පත් කරගත් පලස්තීන කලාපයේ මානුෂීය ආධාර වැඩසටහන කඩාකප්පල් කිරීම සඳහා ඊශ්‍රායලය දිගු කලක සිට, කූට ප්‍රවර්ධන ඔස්සේ, කටයුතු කරමින් සිටී. ඒ හේතුවෙන්, 1949 වැනි ඈතක සිට, පලස්තීන  ජනතාව වෙනුවෙන් විදෙස් රටවල් ලබාදෙන සහනාධාර සහ වෙනත් සේවාවන්ට බාධා එල්ල කෙරෙමින් පවතී.
පලස්තීනුවන් "ත්‍රස්තවාදීන්" සමග සබඳතා පවත්වන බැවින්, එම බාධක පමුණුවන බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි. ඔක්තෝබර් 07 දා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහිව සිදුකරන ලද ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගතයින් පිලිබඳ ඒජන්සියේ ඇතැමුන්ගේ සම්බන්ධයක් ඇතැයි ඊශ්‍රායලය චෝදනා කරයි. එහෙත්, එම චෝදනා පිළිගත හැකි සාක්ෂීන්ගෙන් තොර බව එක්සත් ජාතීන්ගේ (UN) බලයලත් ස්වාධීන විමර්ශක පිරිසක් පවසති.
 
GWb VI2XIAEQbNr
 
ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර බොහොමයක් එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගතයින් පිලිබඳ ඒජන්සියේ දේපල සහ කාර්යමණ්ඩල ඉලක්කර කර සිදු කෙරෙන බව අල්ජසීරා (Aljazera) පුවත් සේවය පවසයි.
 
එම ඒජන්සියට අයත් පුදගලයින් 212ක් පමණ ඊශ්‍රායල ප්‍රහාවලින් මරණයට පත්ව ඇති බවත්, ඊට අයත් පාසල් වලින් 70% ක් පමණ බෝම්බ හෙළ විනාශ කර ඇති බවත් වාර්තා වේ. 

(Aljazeera ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:

UNRWA head accuses Israel of buying Google ads to block donations to agency


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...