BREAKING
Top Ad
විදේශ

'වැඩ වර්ජනය කරන්නන්ට වැටුප් නෑ' - ඊශ්‍රායල මුදල් ඇමති

T

The Leader

September 2, 2024 • 5:02 AM

'වැඩ වර්ජනය කරන්නන්ට වැටුප් නෑ' - ඊශ්‍රායල මුදල් ඇමති  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය පුරා දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කෙරේ. ටෙල් අවිව් (Tel Aviv) අගනුවර සහ බටහිර ජෙරුසෙලමේ සැහැල්ලු දුම්රිය සේවා අක්‍රීයව පවතින බව එරට
  • හමාස් භාරයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම පිණිස වහා සටන් විරාමයකට යන ලෙස නෙතන්යාහු රජයට බල කරමින් එරට විශාලතම වෘත්තීය සමිතිය විසින් වැඩ වර්ජන ක්‍රියාත්මකය.
  •   වැඩවර්ජනයේ නිරත සියලු සේවකයින්ගේ වැටුප් ගෙවීම් අත්හිටුවන බව ඊශ්‍රායල මුදල් ඇමති පවසයි.
  •   ඊශ්‍රායලය පුරා දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කෙරේ වැඩවර්ජන වහා නතර කරන ලෙස අධිකරණ තීන්දුවක් ද ඉල්ලා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වයිනෙට් (Ynet) පුවත් සේවය වාර්තා කරයි.

හමාස් භාරයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම පිණිස වහා සටන් විරාමයකට යන ලෙස නෙතන්යාහු රජයට බල කරමින් එරට විශාලතම වෘත්තීය සමිතිය විසින් වැඩ වර්ජන ක්‍රියාත්මකය.  

වැඩවර්ජනයේ නිරත සියලු සේවකයින්ගේ වැටුප් ගෙවීම් අත්හිටුවන බව ඊශ්‍රායල මුදල් ඇමති පවසයි.

 

2024 09 01T194537Z 977036840 RC2VR9A6YR83 RTRMADP 3 ISRAEL PALESTINIANS HOSTAGES PROTEST 1725221172ඊශ්‍රායලය පුරා දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කෙරේ

වැඩවර්ජන වහා නතර කරන ලෙස අධිකරණ තීන්දුවක් ද ඉල්ලා තිබේ. වැඩ වර්ජනයේ නිරත වන්නන් හමාස් නායකයාගේ අභිමතාර්ථ පිණිස කටයුතු කරමින් සිටින බව ඔහු චෝදනා කරයි.

හමාස් ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ජාතිකයින්ගේ පවුල් සාමාජිකයින් පිරිසක් ද, වැඩවර්ජනය නතර කරන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කළහ. ඊශ්‍රායල වැඩ වර්ජනය, ඉතිරි ප්‍රාණ ඇප කරුවන්ගේ මරණ වරෙන්තුව අනුමත කිරීමක් බව ඔවුහු පවසති.

 

663a583fa381c french president emmanuel macron will address the ceos post the private dialogue 073509890 16x9ප්‍රංශ ජනාධිපති එමානුවෙල්  මැක්රන්

 හමාස් සංවිධානය විසින් සිදු කළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඝාතන අසා තමා දැඩි කම්පනයට පත්වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල්  මැක්රන් (Emmanuel Macron) එක්ස් (X) පණිවුඩයක් මගින් ප්‍රකාශ කර තිබේ.  

මේ අතර, ගාසා තීරයේ වහා සටන් විරාමයකට යන ලෙස මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් (Anwar Ibrahim) සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය  ක්‍රිස් ලක්සන් (Chris Luxon) විසින්, ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්චාවකදී, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Nethanyahu) වෙතින් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ.


බටහිර ඉවුරේ නවතම ඊශ්‍රායල  ප්‍රහාර වලින් 29 දෙනකුට අධික පිරිසක් ඝාතනය වී ඇත.

(Aljazeera ඇසුරින් සටහන;  හ ර් ෂ  උදයකාන්ත)


මූලාශ්‍ර:

Eleven killed as Israel targets school sheltering displaced Palestinians


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...