BREAKING
Top Ad
විදේශ

යේමනය ආසන්නයේ වෙළඳ නෞකාවකට මිසයිල ප්‍රහාර

T

The Leader

September 2, 2024 • 5:32 AM

යේමනය ආසන්නයේ වෙළඳ නෞකාවකට මිසයිල ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යේමනයේ හොඩෙයිදා (Hodeida) සාගර කලාපයේදී වෙළඳ නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය සඳහන් කරයි. නෞකා කාර්ය මණ්ඩලය ආරක්‍ෂිත බව තහවුරු කෙරේ.
  •   යාත්‍රාවට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වූ බවත්, ඊට ආසන්නව තෙවන මිසයිලයක් ද පුපුරා ගිය බවත්, එම නෞකව විසින් දන්වා ඇතැයි, බ්‍රිතාන්‍ය රාජකීය නාවුක හමුදාවට අයත්, එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සිය සඳහන් කරයි.
  • සහායක සේවා පිටත් කර ඇති බවත්, නෞකාව සිය ගමනාන්තය බලා යාත්‍රා කරමින් පවතින බවත් වාර්තා වේ.
  •   අද උදෑසන පැය දෙකකට සීමා කර තිබූ ටෙල් අවිව් හි බෙන් ගොරියොන් (Ben Gurion) ගුවන්තොටුපොළ වැඩ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක කිරීමට එහි  සේවකයින් සහ සේවා සමාගම් විසින් පියවර ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවකු විසින් පිළිගෙන නැතැයි වාර්තා වේ.

 
පලස්තීනුවන්ට සහාය පළකිරීමක් වශයෙන්, කලාපයේ යාත්‍රා කෙරෙන ඊශ්‍රායලයට පක්ෂපාතී වෙළඳ නෞකා ඉලක්ක කරමින් යේමනයේ හුති ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරමින් සිටී.  

යාත්‍රාවට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වූ බවත්, ඊට ආසන්නව තෙවන මිසයිලයක් ද පුපුරා ගිය බවත්, එම නෞකව විසින් දන්වා ඇතැයි, බ්‍රිතාන්‍ය රාජකීය නාවුක හමුදාවට අයත්, එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සිය සඳහන් කරයි. සහායක සේවා පිටත් කර ඇති බවත්, නෞකාව සිය ගමනාන්තය බලා යාත්‍රා කරමින් පවතින බවත් වාර්තා වේ.   

ඊශ්‍රායල වැඩ වැරුමෙන් අගනුවර ගුවන් තොටත් වැසේ

 

ඊශ්‍රායල වැඩ වැරුමෙන් අගනුවර ගුවන් තොටත් වැසේ

 

මේ අතර, දීපව්‍යාප්ත  ඊශ්‍රායල වැඩ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක කිරීමට එරට ප්‍රබලතම සහ විශාලතම වෘත්තීය සමිතිය විසින් තීරණය කර තිබේ.

 

අද උදෑසන පැය දෙකකට සීමා කර තිබූ ටෙල් අවිව් හි බෙන් ගොරියොන් (Ben Gurion) ගුවන්තොටුපොළ වැඩ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක කිරීමට එහි  සේවකයින් සහ සේවා සමාගම් විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව, අද උදෑසන පැය දෙකකට සීමා කර තිබූ ටෙල් අවිව් හි බෙන් ගොරියොන් (Ben Gurion) ගුවන්තොටුපොළ වැඩ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක කිරීමට එහි  සේවකයින් සහ සේවා සමාගම් විසින් පියවර ගෙන තිබේ.

මේ දක්වා ගුවන්තොටුපල පිටත්වීම් 07ක් සඳහා පමණක් අවසර හිමිව ඇති අතර, අනෙකුත් සියලු ගුවන්යානා පිටත්වීම් අවලංගු  කොට තිබේ.


(Aljazeera ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)


මූලාශ්‍ර:

Eleven killed as Israel targets school sheltering displaced Palestinians


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...