BREAKING
Top Ad
විදේශ

නවසීලන්තයේ විදෙස් සංචාරක ගාස්තු තෙගුණයකින් ඉහළට

T

The Leader

September 3, 2024 • 1:14 AM

නවසීලන්තයේ  විදෙස් සංචාරක ගාස්තු තෙගුණයකින් ඉහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවසීලන්තය, සංචාරක ප්‍රවේශ ගාස්තු තෙගුණයකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. නව සංශෝධන, ක්ෂේත්‍රය කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල කරනු ඇතැයි
  • විදේශිකයින් සඳහා වන ප්‍රවේශ, පරිසර සංරක්ෂණ සහ සංචාරක ගාස්තු ලබන ඔක්තෝබර් 01 වන දා සිට ඉහළ  දමන බව එරට රජය නිවේදනයක් නිකුත් කරමින් අද කියා සිටියේය.
  • ඒ අනුව, නවසීලන්ත ඩොලර් 35 ක පෙර පැවති ගාස්තුව ඩොලර් 100 ක් දක්වා වැඩි කෙරේ.
  • එනම්, ඇමෙරිකානු ඩොලර් 62.20කි.
අකුරු ප්‍රමාණය (Font Size):

සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් කනස්සල්ල පල කර සිටී.

විදේශිකයින් සඳහා වන ප්‍රවේශ, පරිසර සංරක්ෂණ සහ සංචාරක ගාස්තු ලබන ඔක්තෝබර් 01 වන දා සිට ඉහළ  දමන බව එරට රජය නිවේදනයක් නිකුත් කරමින් අද කියා සිටියේය.

 

LYNXMPEK8202P Lනවසීලතයට පැමිණෙන විදෙස් සංචාරකයින්, එහි පොදු සේවා භාවිත කිරීම වෙනුවෙන් වැඩි  දායකත්වක් ලබා ගැනීමත්, ඔවුන්ට තත්වයෙන් උසස් සංචාරක අත්දැකීමක් ලබා දීමත් අරමුණු  කොට නව ගාස්තු සංශෝධන සිදු කර තිබේ.

ඒ අනුව, නවසීලන්ත ඩොලර් 35 ක පෙර පැවති ගාස්තුව ඩොලර් 100 ක් දක්වා වැඩි කෙරේ. එනම්, ඇමෙරිකානු ඩොලර් 62.20කි. නවසීලතයට පැමිණෙන විදෙස් සංචාරකයින්, එහි පොදු සේවා භාවිත කිරීම වෙනුවෙන් වැඩි  දායකත්වක් ලබා ගැනීමත්, ඔවුන්ට තත්වයෙන් උසස් සංචාරක අත්දැකීමක් ලබා දීමත් අරමුණු කොට නව ගාස්තු සංශෝධන සිදු කර තිබේ.


ලොව අනෙකුත් ආකර්ශනීය සංචාරක ගමනාන්තයන් මෙන් නවසීලන්තයේද, ස්වභාවික පරිසරය විදෙස් සංචාරකයින් හේතුවෙන් දැඩි පීඩනයකට නතුව පවතී.

 

new zealand tourism 030924 01 1725335120ලොව අනෙකුත් ආකර්ශනීය සංචාරක ගමනාන්තයන් මෙන් නවසීලන්තයේද, ස්වභාවික පරිසරය විදෙස් සංචාරකයින් හේතුවෙන් දැඩි පීඩනයකට නතුව පවතී.

කෙසේ වෙතත්, නව ගාස්තු සංශෝධන හේතුවෙන්, ඉදිරියේදී නවසීලන්තයට පැමිණෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙනු ඇතැයි, එරට සංචාරක කර්මාන්ත සංගමයේ ප්‍රධාන විධායක නිලධාරිනී රෙබෙකා ඉංග්‍රම් (Rebecca Ingram) පවසයි.

කොවිඩ්-19 වසංගතයේ හේතුවෙන් වසා දැමුණු නවසීලන්ත දේශ සීමා නීති තවමත් හිතකර ලිහිල් කිරීමකට ලක්ව නැත. ඒ හේතුවෙන්, අන් විදෙස් ගමනාත්යන් ට  සාපේක්ෂව නවසීලන්ත සංචාරක කර්මාන්තය වත්මන, අර්බුදයකට පත්ව සිටී. එය, එරට සංචාරක ක්ෂේත්‍රයේ ගෝලීය තරගකාරීත්වයට සෘජුව බලපා ඇතැයි ඉංග්‍රම් සඳහන් කරයි.

20170107 ASP001 0

පසුගිය ජුනි 30 වනදායින් අවසන් වූ අපනයන වර්ෂය තුළ එරට සමස්ත සංචාරක අපනයන ඉපැයීම්, නවසීලන්ත ඩොලර් බිලියන 14.96ක් බව ඒ සම්බන්ධයෙන් අද නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. එය, කොවිඩ්-19 ට පෙර ආදායමට සාපේක්ෂව 5% ක අඩුවීමකි.


විදෙස් සංචාරක පැමිණීම්, වසංගත සමයේ දේශ සීමා නීති දැඩි කිරීමට පෙර පැවති මට්ටමට සාපේක්ෂව, 80%ක ප්‍රමාණයකින් පවත්වා ගැනීමට රජය සමත් වී තිබේ.  

 

AFP 20210826 9LN3QJ v1 HighRes NzealandAviationEarningsAirnz 1725331628 එරට  ගුවන්තොටුපොළ ගාස්තු වැඩි කිරීම කෙරෙහිද රජය මේ වන විට අවධානය යොමු කරමින් සිටී.

නවසීලන්තය, මෑතකදී සංචාරක වීසා ගාස්තු වැඩි කිරීමට පියවර ගත්තේය. එරට  ගුවන්තොටුපොළ ගාස්තු වැඩි කිරීම කෙරෙහිද රජය මේ වන විට අවධානය යොමු කරමින් සිටී.

අවපාතයක පැවති නවසීලන්ත ආර්ථිකය මේ වන විට, ක්‍රමයෙන් යථා තත්වයට පත් වෙමින් ඇත. අද දින ඇමෙරිකානු ඩොලර් 1 ක වටිනාකම, නවසීලන්ත ඩොලර්  1.6077 කි.


(Reuters ඇසුරින් සටහන; හර්ෂ උදයකාන්ත)


මූලාශ්‍ර:

New Zealand nearly triples levy on international tourists


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...