BREAKING
Top Ad
විදේශ

වෙනිසියුලා විපක්ෂ නායක අත්අඩංගුවට ගන්න වරෙන්තු

T

The Leader

September 3, 2024 • 3:02 AM

වෙනිසියුලා විපක්ෂ නායක අත්අඩංගුවට ගන්න වරෙන්තු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනිසියුලාවේ විපක්ෂ නායක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් (Edmundo Gonzalez) අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු නිකුත් කෙරේ.
  • පොදු සේවා අඩාල කිරීම, රාජ්‍ය ලේඛන විකෘති කොට ප්‍රකාශයට පත් කිරීම, නීතියට පටහැනි අයුතු ජන රාශියට මහජනතාව පෙළඹවීම සහ වෙනිසියුලා රාජ්‍යට එරෙහිව කුමන්ත්‍රණය කිරීම එම චෝදනාවලට ඇතුළත් ය.
  • ඉකුත් ජුලි මස පැවති එරට ජනපතිවරණයෙන්, හිටපු ජනපති මදුරෝ යලි ජයග්‍රහණය කළ බව, වෙනිසියුලා මැතිවරණ කාර්යාලය නිල වශයෙන් නිවේදනය කළේය.
  • ඉන් 27 දෙනකු මරණයට පත්ව, තවත් 2,400ක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට නීතිපතිවරයා විසින් ඊයේ (02) ඒ බව නිවේදනය කළේය.

ඉකුත් ජුලි මස පැවති එරට ජනාධිපතිවරණයේ සමස්ත නිල ප්‍රතිඵලය පිලිබඳ කුමන්ත්‍රණයේ යෙදීම සහ තවත් අපරාධ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

පොදු සේවා අඩාල කිරීම, රාජ්‍ය ලේඛන විකෘති කොට ප්‍රකාශයට පත් කිරීම, නීතියට පටහැනි අයුතු ජන රාශියට මහජනතාව පෙළඹවීම සහ වෙනිසියුලා රාජ්‍යට එරෙහිව කුමන්ත්‍රණය කිරීම එම චෝදනාවලට ඇතුළත් ය.


FILE PHOTO: Opposition leader Maria Corina Machado and opposition candidate Edmundo Gonzalez wave as they address supporters, in Caracas, Venezuela July 30, 2024. REUTERS/Gaby Oraa/File Photoනීතියට පටහැනි අයුතු ජන රාශියට මහජනතාව පෙළඹවීම සහ වෙනිසියුලා රාජ්‍යට එරෙහිව කුමන්ත්‍රණය කිරීම
විපක්ෂය, ඒ සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

විපක්ෂ නායක අත්අඩංගුවට ගැනීමේ තීරණයත් සමග ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolas Maduro) ට එරෙහි විරෝධතා තවදුරටත් උත්සන්න වෙතැයි අපේක්ෂා කෙරේ.

ඉකුත් ජුලි මස පැවති එරට ජනපතිවරණයෙන්, හිටපු ජනපති මදුරෝ යලි ජයග්‍රහණය කළ බව, වෙනිසියුලා මැතිවරණ කාර්යාලය නිල වශයෙන් නිවේදනය කළේය.

එම ප්‍රතිඵලයට එරෙහිව, විපක්ෂ නායකවරයාගේ මූලිකත්වයෙන් රට පුරා දැවැන්ත මහජන උද්ඝෝෂණයක් දියත් කෙරිණි. ඉන් 27 දෙනකු මරණයට පත්ව, තවත් 2,400ක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.

 

AP24211169001743 1722252796ඉකුත් ජුලි මස පැවති එරට ජනපතිවරණයෙන්, හිටපු ජනපති මදුරෝ යලි ජයග්‍රහණය කළ බව

 

නිල මැතිවරණ ප්‍රතිඵලය විනිවිද භාවයෙන් තොර බව, එරට විපක්ෂය, ඇතැම් බටහිර රටවල් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ (UN) කමිටුවක් ද ප්‍රකාශ කළේය. ජනපතිවරණයේ ප්‍රතිඵලය, තොරතුරු සංඛ්‍යාලේඛන සහිතව ප්‍රකාශයට පත් කරන ලෙස ඔවුහු රජයට බල කර සිටියහ. එහෙත්, මැතිවරණ දින රාත්‍රී  පරිගණක වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන්, සංඛ්‍යාලේඛන සහිත සවිස්තර ජනපතිවරණ ප්‍රතිඵල විකාශයට බාධා සිදුවූ බව එරට මැතිවරණ කවුන්සිලය පවසයි.

 

වෙනිසියුලා නීතියට අනුව අධිකරණයෙන් වරදකරුවන් වන වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයින් සිර මැදිරි තුළ රඳවා තැබීමේ ප්‍රතිපාදන නොමැති අතර, ඒ වෙනුවට ඔවුන් නිවාස අඩස්සියට පත් කෙරේ. අපරාධ චෝදනා යටතේ වරෙන්තු නිකුත් කර ඇති ගොන්සාලෙස් 75 වන වියට එළැඹියේ පසුගිය සතියේ  දී ය.

(Reuters ඇසුරින් සටහන:  හර්ෂ උදයකාන්ත)

 




මූලාශ්‍ර:

Venezuela issues arrest warrant for opposition leader Gonzalez, AG says


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...