BREAKING
Top Ad
විදේශ

දරුණු සටන් මැද ගාසා තීරයේ ළමුන්ට පෝලියෝ එන්නත

T

The Leader

September 7, 2024 • 10:25 PM

දරුණු සටන් මැද ගාසා තීරයේ ළමුන්ට පෝලියෝ එන්නත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගතවූ පැය 48 ඇතුළත ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් 61 දෙනකුවත් ජීවිතක්ෂයට පත් වී තිබේ.
  • හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.    මේ අතර, ගාසා  නගරයේ නිවාස පරිශ්‍රයකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් තවත් පලස්තීන් වැසියන් 05 දෙනෙක් මරණයට පත් වූහ.
  • ඊයේ (07) පස්වරුවේ ගසා නගරයේම තවත් අවතැන් කඳවුරක් පවත්වාගෙන යන අමර්යිබන් අලාස් (Amr Ibn Ala'as) පාසල් පරිශ්‍රයට ද ඊශ්‍රායල් ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළේය.
  • ඉන්, එහි රැඳී සිටි 04 දෙනකු ඝාතනයට ලක්වූ අතර තවත් 25 දෙනෙක් තුවාල ලැබූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

අවතැන් පලස්තීනුවන්ට රැකවරණ සැදි, හලීමා අල් සදියා (Halima al-Sa'diyya school) පාසල් පරිශ්‍රයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 8 දෙනකුට අධික පිරිසක් ඝාතනය වී 15 දෙනෙක් තුවාල ලැබූහ. 

එහි ක්‍රියාත්මක හමාස් අණ දෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල  හමුදා පවසති. සිවිල් වැසියන් අතර සිටිමින් සහ, සිවිල් වැසියන් රැඳී සිටින ගොඩනැගිලි තුළ සිට හමාස් ත්‍රස්තයින් සිය ප්‍රහාර දියත් කරන බවට ඊශ්‍රායලය චෝදනා කරයි. හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 

 



මේ අතර, ගාසා  නගරයේ නිවාස පරිශ්‍රයකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් තවත් පලස්තීන් වැසියන් 05 දෙනෙක් මරණයට පත් වූහ.

ඊයේ (07) පස්වරුවේ ගසා නගරයේම තවත් අවතැන් කඳවුරක් පවත්වාගෙන යන අමර්යිබන් අලාස් (Amr Ibn Ala'as) පාසල් පරිශ්‍රයට ද ඊශ්‍රායල් ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළේය. ඉන්, එහි රැඳී සිටි 04 දෙනකු ඝාතනයට ලක්වූ අතර තවත් 25 දෙනෙක් තුවාල ලැබූහ. එහි පවත්වාගෙන ගිය හමාස් සන්නද්ධ මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ.

ඊයේ දිනයේ පමණක්  සිදු කළ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා හි පලස්තීනුවන් 28 දෙනකු මිය ගිය බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති. 

මේ අතර, මධ්‍යම සහ දකුණු ගසා නගරයේදී ඊශ්‍රායල හමුදා සමග මුහුණට මුහුණ සටන් කළ බව හමාස් සන්නද්ධ අංශ වන ඉස්ලාමීය ජිහාඩ් සහ ෆාටා (Fatah) කණ්ඩායම් පවසති. යුද ටැංකි නාශක රොකට්, මෝටාර් බෝම්බ ඇතුළු ගිනි අවි යොදා ගනිමින් ඊශ්‍රායල හමුදාවන්ට එරෙහි ප්‍රහාර එල්ල කළ බව ඔවුහු පවසති. යෝජිත සටන් විරාමය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම පිලිබඳ දෙපසින්ම, එකිනෙකාට එරෙහි චෝදනා එල්ල කර තිබේ. 

 



යුද ගැටුම් මැද, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) පලස්තීන සෞඛ්‍ය බලධාරීන් හා එක්ව ගාසා තීරයේ ළමුන් 640,000 කට පෝලියෝ මුඛ එන්නත ලබා දීමට සමත් ව ඇත. ගාසා හි පෝලියෝ රෝගියකු හමුවීමෙන් පසු මුල්වරට එන්නත්කරණය සිදු කෙරුණේ මීට වසර 25 කට පෙරය. 

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර:

Israeli strikes in Gaza kill 61 in 48 hours as UN pursues vaccinations


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...