BREAKING
Top Ad
විදේශ

'යගී' උතුරු වියට්නාමය කළඹයි

T

The Leader

September 7, 2024 • 11:57 PM

'යගී' උතුරු වියට්නාමය කළඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ ආසියාවේ දරුණුතම චණ්ඩ මාරුතය ලෙස හැඳින්වෙන යගී (Yagi) සුළි කුණාටුව, ඊයේ (07) උතුරු වියට්නාමයට කඩා වැදුණාය.
  • ඇගේ චණ්ඩ හැසිරීමෙන් තවත් 78 දෙනකු තුවාල ලබා තිබේ.  එරට වේලාවෙන් ඊයේ ප.ව.
  • 1.00 ට පමණ උතුරු වියට්නාමයෙන් ඇතුළු වූ සුළි කුණාටුව පැයට සැතපුම් 99 ක වේගයෙන් හමා යමින් සිටින්නීය.
  • පෙර දිනයේ, චීනයේ හයිනාන් පිස ආ, ඇගේ පැයට සැතපුම් 145 ක වේගය අඩාල වෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

චීනයේ හයිනාන් (Hainan) සහ ෆිලීපීනය පිස, වියට්නාමයට පතිතවූ ඇය, අවම වශයෙන් එහි සිව් දෙනකුටවත් දිවි අහිමි කළාය. ඇගේ චණ්ඩ හැසිරීමෙන් තවත් 78 දෙනකු තුවාල ලබා තිබේ.  එරට වේලාවෙන් ඊයේ ප.ව. 1.00 ට පමණ උතුරු වියට්නාමයෙන් ඇතුළු වූ සුළි කුණාටුව පැයට සැතපුම් 99 ක වේගයෙන් හමා යමින් සිටින්නීය. පෙර දිනයේ, චීනයේ හයිනාන් පිස ආ, ඇගේ පැයට සැතපුම් 145 ක වේගය අඩාල වෙමින් තිබේ.

 

වියට්නාමය ආක්‍රමණය කිරීමට පෙර ඇය හයිනාන් හි ජීවිත 06 ක් සහ ෆිලීපීනයේ ජීවිත 16ක් බිලි ගත්තාය. ඇගේ ප්‍රචණ්ඩ හැසීරීම හේතුවෙන්, සැලකිය යුතු පිරිසක්, මුහුද ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් අතුරදන්ව ඇතැයි ද වාර්තාවේ. වියට්නාමයේ වෙරළාසන්න හයිෆොන්ග් (Haiphong) කාර්මික නගරය, මේ වන විට, ඇගේ දැඩි ග්‍රහණයට සහ බලපෑමට නතුව පවතී.

මිලියන 2 ක ජනගහනයෙන් යුත් එහි, බහු ජාතික සමාගම්වලට අයත්, මෝටර් රථ නිෂ්පාදනායතන ඇතුළු කර්මාන්ත විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මකය. මේ වනවිට, නගරය පුරා විදුලිය විසන්ධි වී තිබේ.  මීටර් 03ක් තෙක් උස්  මුහුදු රළ වාර්තාවන අතර, නගරයේ නිවාස සහ ගොඩනැගිලිවල වීදුරු කවුළු සුණුවිසුණු කරමින් යගී, නගරය හරහා හමා යමින් සිටින්නීය.

උතුරු වියට්නාමයේ නිවාස රැසක් විනාශව ගොස් ඇති අතර, දෙපස වෘක්ෂ දහස් ගණනක් මුලින් ඉදිරී ඇද වැටී ඇත.

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:
Super Typhoon Yagi kills four in Vietnam after casualties in China and Philippines


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...