BREAKING
Top Ad
විදේශ

ඉන්දියානු ඔලිම්පික් මල්ලව පොර ක්‍රීඩක, ක්‍රීඩිකා දෙපළක් දේශපාලන පොර පිටියට

T

The Leader

September 8, 2024 • 1:53 AM

ඉන්දියානු ඔලිම්පික් මල්ලව පොර ක්‍රීඩක, ක්‍රීඩිකා දෙපළක් දේශපාලන පොර පිටියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියානු ජාතික ඔලිම්පික් මල්ලව පොර ක්‍රීඩක ක්‍රීඩිකා දෙපළක් වන බජ්රන්ග් පූනියා (Bajrang Punia) සහ විනේෂ් ෆොගත් (Vinesh Phogat) එරට ක්‍රියාකාරී දේශපාලනයට එක්ව තිබේ.
  • ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභී තිස් හැවිරිදි ක්‍රීඩිකාවක වන ඇය, මේ සමග ක්‍රීඩා දිවියෙන් සමු ගන්නා බව නිවේදනය කළාය.
  • ඇගේ නිජ බිම වන හරියානා (Haryana) ප්‍රාන්තයේ මැතිවරණයට ඇත්තේ තවත් සති කිහිපයක් පමණි.
  • දේශපාලනයට පැමිණි  ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පිරිස, ජාත්‍යන්තර පදක්කම් මතින් සිය නිජ බිමට කීර්තිය රැගන ආ පිරිසක් පමණක් නොව, අසාධාරණයට සහ අයුක්තියට එරෙහිව නැගී සිටි මව්බිමේ, උදාර පුරවැසියන් පිරිසක් බව කොන්ග්‍රස් පක්ෂ මහ ලේකම් කේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයට ඔවුහු සිය සහාය පල කර සිටිති. පසුගිය වසර පුරාවට, ඔවුහු එරට මල්ලවපොර ෆෙඩරේශනයේ එවක ප්‍රධානී බෙර්ජි භුෂාන් ශරාන් සිං (Brij Bhushan Sharan Singh) විසින් සිදු කරන ලද ලිංගික හිංසනයන්ට එරෙහි විරෝධතා රැසක ඉදිරි පෙළ නායකත්වය ගෙන ක්‍රියා කළහ.

 

zc3b 11ef 8589 49d352db8330මල්ලවපොර නිදහස් ආර කාන්තා කි.ග්‍රෑ.50 බර පන්තිය පවත්වා ගැනීමට අසමත් වූ ෆොගත් හට පදක්කමක් නොලබාම මව්රටට පැමිණීමට සිදුවිය

පසුගිය පැරිස් ඔලිම්පික් උළෙලේ, මල්ලවපොර නිදහස් ආර කාන්තා කි.ග්‍රෑ.50 බර පන්තිය පවත්වා ගැනීමට අසමත් වූ ෆොගත් හට පදක්කමක් නොලබාම මව්රටට පැමිණීමට සිදුවිය. ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභී තිස් හැවිරිදි ක්‍රීඩිකාවක වන ඇය, මේ සමග ක්‍රීඩා දිවියෙන් සමු ගන්නා බව නිවේදනය කළාය. ඔලිම්පික් උළෙලින් පසු දිල්ලි ගුවන් තොටින්, ඉන්දියාවට පිවිසි ඇය, විශාල පිරිසකගේ උණුසුම් ප්‍රතිචාර සහ පිළිගැනීම් මධ්‍යයේ, උතුරු ඉන්දියාවේ සිය ගම් පියස බලා පිටත් වූවාය. ඇගේ නිජ බිම වන හරියානා (Haryana) ප්‍රාන්තයේ මැතිවරණයට ඇත්තේ තවත් සති කිහිපයක් පමණි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය මෙවර, තෙවන වරටත් එහි මැතිවරණ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටී.

දේශපාලනයට පැමිණි  ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පිරිස, ජාත්‍යන්තර පදක්කම් මතින් සිය නිජ බිමට කීර්තිය රැගන ආ පිරිසක් පමණක් නොව, අසාධාරණයට සහ අයුක්තියට එරෙහිව නැගී සිටි මව්බිමේ, උදාර පුරවැසියන් පිරිසක් බව කොන්ග්‍රස් පක්ෂ මහ ලේකම් කේ. සී. වෙනුගෝපාල් (K. C. Venugopal) ප්‍රකාශ කරයි. 

 

66db02e441f16අසාධාරණයට සහ අයුක්තියට එරෙහිව නැගී සිටි මව්බිමේ, උදාර පුරවැසියන් පිරිසක් බව කොන්ග්‍රස් පක්ෂ මහ ලේකම් කේ. සී. වෙනුගෝපාල් (K. C. Venugopal) ප්‍රකාශ කරයි.
සිය සටන අඛණ්ඩ වන අතර, අධිකරණ ජයග්‍රහණය ස්ථිර බව ෆොගත් පවසයි. කාන්තාවන් සමග එක්ව, අසාධාරණයට එරෙහිව නැගී සිටින පක්ෂ සාමාජිකාවක වීම පිලිබඳ සාඩම්බර වන බවද ඇය කියා සිටී.

" ගොවීන්, හමුදා භටයින්, තරුණයින් ඇතුළු විශාල පිරිසකගේ අයිතීන් වෙනුවෙන් විරෝධතාවන්හි යෙදෙමින්, අප අති දුෂ්කර කාර්ය භාරයක් ඉටු කළා. අප රට වෙනුවෙන් ඒ අඛණ්ඩ මෙහෙවර තව දුරටත් සිදු කරන බවට සපථ  කරනවා," යි, පූනියා ප්‍රකාශ කරයි. 30 හැවිරිදි  ඔහු 2020 තෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ඉන්දියාව වෙනුවෙන්, කි.ග්‍රෑ. 65 බර පන්තියෙන්, මල්ලව පොර ඉසව්වේ, ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

zfullඅප රට වෙනුවෙන් ඒ අඛණ්ඩ මෙහෙවර තව දුරටත් සිදු කරන බවට සපථ කරනවා

 

එරට තවත් ජනප්‍රිය මල්ලව පොර ශූරයකු වන සක්ෂි මලික් (Sakshi Malik) ද අයුක්තියට එරෙහි මෙම දේශපාලන සටනට එක්ව සිටී. 

ඉන්දියාවේ මල්ලවපොර ෆෙඩරේශනයේ ප්‍රධානී ව සිටි බෙර්ජි භුෂාන් ශරාන් සිං, අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට බල කරමින් ඔවුහු වසරක් පුරා අඛණ්ඩ විරෝධතාවන්හි යෙදී සිටියහ. චෝදනා ලත් බෙර්ජි භුෂාන්, එරට භාරතීය ජනතා පක්ෂ නීතිවෙදියකුද වෙයි. 

ඉකුත් වසරේ ජුනි මස ඉන්දියානු මල්ලවපොර ක්‍රීඩිකාවන් 6 දෙනකු ලිංගික හිංසනය සහ සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් ඔහුට විරුද්දධව එරට අධිකරණයේ නඩු පැවරිණි. 

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත) 


මූලාශ්‍ර:
Indian Olympic wrestlers Phogat and Punia enter politics, join opposition Congress


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...