BREAKING
Top Ad
විදේශ

වෙනිසියුලා ජනපතිවරණ ජය අහිමි වූ ගොන්සාලෙස් පලා යයි

T

The Leader

September 8, 2024 • 11:40 AM

වෙනිසියුලා ජනපතිවරණ ජය අහිමි වූ ගොන්සාලෙස් පලා යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනිසියුලා ජනාධිපතිවරණය සඳහා විරුද්ධ පක්ෂයෙන් තරග වැදුණු එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් (Edmundo Gonzalez)
  • ස්පාඤ්ඤ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ඔහු එරට වෙත පලා ගොස් ඇතැයි වාර්තා වේ.
  • ඉකුත් ජුලි මස පැවති එරට ජනාධිපතිවරණයේ සමස්ත නිල ප්‍රතිඵලය පිලිබඳ කුමන්ත්‍රණයේ යෙදීම සහ තවත් අපරාධ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ගොන්සාලෙස් අත්අඩංගුවට ගැනීමට, පසුගිය දා අධිකරණ වරෙන්තු නිකුත් කෙරිණි.
  • ජනපතිවරණයෙන් ප්‍රතිවාදී ගොන්සලෙස්, විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ බව විපක්ෂය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

රටින් පලා ගොස් තිබේ.

දින කිහිපයක් වෙනිසියුලාවේ පිහිටි ස්පාඤ්ඤ තානාපති කාර්යාල රැකවරණයේ සිටි ඔහු, ඊයේ (08) එරටින් පලා ගිය බව වෙනිසියුලා උප ජනාධිපති ඩෙල්සි රෝද්රිගූස් (Delcy Rodriguez) තහවුරු කළේය.

ස්පාඤ්ඤ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ඔහු එරට වෙත පලා ගොස් ඇතැයි වාර්තා වේ.

ඉකුත් ජුලි මස පැවති එරට ජනාධිපතිවරණයේ සමස්ත නිල ප්‍රතිඵලය පිලිබඳ කුමන්ත්‍රණයේ යෙදීම සහ තවත් අපරාධ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ගොන්සාලෙස් අත්අඩංගුවට ගැනීමට, පසුගිය දා අධිකරණ වරෙන්තු නිකුත් කෙරිණි.

ජනපතිවරණයෙන් ප්‍රතිවාදී ගොන්සලෙස්, විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ බව විපක්ෂය පවසයි. එහෙත්, හිටපු ජනපති නිකොලස් මදුරෝ (Nicolas Maduro) බලය අව භාවිතා කර, ජයග්‍රහණය තමන් වෙතින් උදුරා ගත්  බව ඔවුහු චෝදනා කරති.

නිල මැතිවරණ ප්‍රතිඵලය විනිවිද භාවයෙන් තොර බව, විපක්ෂය ප්‍රකාශ කරයි. බටහිර රටවල් කිහිපයක් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ (UN) කමිටුවක් ද ඒ බව තහවුරු කර තිබේ.  

ජනපතිවරණයේ සවිස්තර ප්‍රතිඵලය, ප්‍රකාශයට පත් කරන ලෙස ඔවුහු රජයට බල කර සිටිති.

මැතිවරණ දින රාත්‍රී පරිගණක වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන්, සවිස්තර ජනපතිවරණ ප්‍රතිඵල විකාශයට බාධා සිදුවූ බව එරට මැතිවරණ කවුන්සිලය ප්‍රකාශ  කරයි.


ජනපති මදුරෝ අත්අඩංගුවට ගන්නැයි ආජන්ටිනාව ඉල්ලයි

sdtw5435| හිටපු ජනපති නිකොලස් මදුරෝ

ජනපතිවරණයෙන් අනතුරුව, වෙනිසියුලාව විසින් ආජන්ටිනාව සමග පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා ද අත්හිටුවා තිබේ. බ්‍රසීලය, කොලොම්බියාව සහ මෙක්සිකෝව ද, සවිස්තර ජනපතිවරණ නිල ප්‍රතිඵලය වහා නිවේදනය කරන ලෙස වෙනිසියුලාවට බල කර සිටිති.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිලිබඳ වියානා සම්මුතියට ගරු කරමින් කටයුතු කරන ලෙස ආජන්ටිනාව සහ බ්‍රසීලය විසින් වෙනිසියුලාවට තරයේ අවවාද නිකුත් කර තිබේ.  

දැනටමත් එම රටවලට අයත් වෙනිසියුලාවේ පිහිටි තානාපති කාර්යාලයන්හි රැකවරණ ලබන වෙනිසියුලා වැසියන් පැහැර ගැනීමට දරන කිසියම් හෝ තැතක් වේනම්, ඒ සියල්ල ජාත්‍යන්තර ප්‍රජාව විසින් දැඩි ලෙස හෙලා දකින බවට ඔවුහු අනතුරු අඟවති.

තෙවරක් ජනපති අසුන පැහැර ගෙන සිටින මදුරෝ රජය, මූලික මිනිස් අයිතිවාසකම් උල්ලංඝනය කරමින් ඇතැයි එම රටවල් චෝදනා කරති.

වහා මදුරෝ අත්අඩංගුවට ගන්නා ලෙස ආජන්ටිනා විදේශ අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර අධිකරණයෙන් ඉකුත් සිකුරාදා (06) විශේෂ ඉල්ලීමක් ද කළේය.

(INDIA TV  ඇසුරින් සටහන: හ ර් ෂ උදයකාන්ත)


මූලාශ්‍ර:
Venezuela: Opposition candidate Gonzalez, who fought against Maduro, fled to Spain amid diplomatic tensions


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෙනිසියුලා ජනපතිවරණ ජය අහිමි වූ ගොන්සාලෙස් පලා යයි | The Leader