BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායල ඉතිහාසයේ අගමැතිට හා රජයට එරෙහි දැවැන්තම අරගලය දැන් ක්‍රියාත්මකයි

T

The Leader

September 8, 2024 • 12:05 PM

ඊශ්‍රායල ඉතිහාසයේ අගමැතිට හා රජයට එරෙහි දැවැන්තම අරගලය දැන් ක්‍රියාත්මකයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලයේ එතෙක් මෙතෙක් පැවති දැවැන්තම මහජන අරගලය දැන් ආරම්භ වී තිබේ.
  • වහාම සටන් විරාමයකට යන ලෙස සහ ඉතිරි ප්‍රාණ ඇපකරුවන් ගලවා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාට බල කරමින්, ඔහුට එරෙහි සටන් පාඨ  කියමින්, ඔවුහු උද්ඝෝෂණයේ නියැලෙමින් සිටිති.
  • මේ වන විට, ඊශ්‍රායල අගනුවර ටෙල් අවිව් හි පමණක් 500,000 කට අධික පිරිසක් විරෝධතාවන්ට එක්ව සිටිති.
  • තදාසන්න සහ රට පුරා විවිධ පෙදෙස් හි තවත් 250,000 ක පිරිසක් ඊට සහාය දක්වමින් වීදි බැස සිටින බව අල්ජසීරා පුවත් සේවය  පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අග්‍රාමාත්‍ය නෙතන්යාහුට සහ රජයට එරෙහිව 750,000ක ට අධික ඊශ්‍රායල ජනතාව වීදි බැස සිටී.

වහාම සටන් විරාමයකට යන ලෙස සහ ඉතිරි ප්‍රාණ ඇපකරුවන් ගලවා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාට බල කරමින්, ඔහුට එරෙහි සටන් පාඨ  කියමින්, ඔවුහු උද්ඝෝෂණයේ නියැලෙමින් සිටිති.

පලස්තීන හමාස් අත්අඩංගුවේ සිටියදී, නොබෝදා, ගාසා තීරයේදී  ඝාතනය වූ, ඊශ්‍රායල ප්‍රාණ ඇප කරුවන් සය දෙනකුගේ සිරුරු ඊශ්‍රායල හමුදාව විසින් එරටට භාර දීමෙන් අනතුරුව දෛනික මහජන කැළඹීම් උග්‍ර විය.

මේ වන විට, ඊශ්‍රායල අගනුවර ටෙල් අවිව් හි පමණක් 500,000 කට අධික පිරිසක් විරෝධතාවන්ට එක්ව සිටිති. තදාසන්න සහ රට පුරා විවිධ පෙදෙස් හි තවත් 250,000 ක පිරිසක් ඊට සහාය දක්වමින් වීදි බැස සිටින බව අල්ජසීරා පුවත් සේවය  පවසයි.

රජය මහජන මතයට ගරු කර සිය දරදඬු ප්‍රතිපත්ති වෙනස් කරගන්නා තෙක් අඛණ්ඩව උද්ඝෝෂණය කරන බව ඔවුහු පවසති.

ඝාතනය කරන ලද ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල ඥාතීන් ඉදිරියේ, ඔවුන් නිදහස් කරගැනීම ට නොහැකි වීම පිළිබඳව අග්‍රාමාත්‍ය නෙතන්යාහු පසුගිය දා ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. එහෙත්, ඉන් උගත් පාඩමක් නොවේනම්, තව දුරටත් ඔහු අයදින්නේ කෙබඳු සමාවක් දැයි මහජනතාව ප්‍රශ්න කරති.

45twrr

"අපෙන් ඔබට කිසිදු සමාවක් නැතැයි", ඔවුහු එක හඬින්  කියා සිටිති.  

ඉදිරියේ ඇති එකම විසඳුම අඛණ්ඩ සටන් විරාමයක් පමණක් බව උද්ඝෝෂකයෝ පවසති.  

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 100ක ට අධික සංඛ්‍යාවක් තව දුරටත් හමාස් අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ. එහෙත්, ඔවුන් අතරෙන් තුනෙන් එකකවත් පිරිසක් මේ වන විටත් ඝාතනයට ලක්ව ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායල හමුදා පවසති.

මීට පෙර, පලස්තීන සිරකරුවන් 240ක් වෙනුවෙන්, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 105 දෙනකු මුදා හැරීමට හමාස් සංවිධානය විසින් පියවර ගෙන තිබිණි.  

(Aljazeera ඇසුරින් සටහන;  හ ර් ෂ  උදයකාන්ත)


මූලාශ්‍ර:

750,000 Israelis hit the streets over Netanyahu’s failed truce efforts


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...