BREAKING
Top Ad
විදේශ

ඉම්රාන් ඛාන් හමුදා අධිකරණයක් ඉදිරියට කැඳවීමේ තැතක්

T

The Leader

September 9, 2024 • 9:01 AM

ඉම්රාන් ඛාන් හමුදා අධිකරණයක් ඉදිරියට කැඳවීමේ තැතක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් (Imran Khan) හමුදා අධිකරණයක් ඉදිරියට කැඳවීමේ සූදානමක් ඇතැයි
  • අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව එරට ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසිෆ් (Khawaja Asif) ඉකුත් සතියේ මාධ්‍යයට ප්‍රකාශ කළේය.
  • පාකිස්ථානයේ ඇතැම් නීති ප්‍රතිපාදන යටතේ, සිවිල් පුරවැසියන්, හමුදා අධිකරණයක් ඉරිදිරියට රැගෙන ඒමට අවකාශ ඇති බව ඔහු පැවසීය.
  • එරට හමුදා නීතිය යටතේ, පුද්ගලික හෝ දේශපාලන අවශ්‍යතා පිණිස හමුදා සාමාජිකයින් යොදා ගැනීම හෝ පොළඹවා ගැනීම, නීතිය ඉදිරියේ වරදකරුවකු වීමට ප්‍රමාණවත් හේතුවක් බව පාකිස්ථාන හමුදා මාධ්‍ය අංශ ප්‍රධානී අහ්මඩ් ෂරීෆ් චෞධ්රි (Ahmed Sharif Chaudhry) පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අල්ජසීරා (Aljazeera) පුවත් සේවය පවසයි.

අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව එරට ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසිෆ් (Khawaja Asif) ඉකුත් සතියේ මාධ්‍යයට ප්‍රකාශ කළේය.

පාකිස්ථානයේ ඇතැම් නීති ප්‍රතිපාදන යටතේ, සිවිල් පුරවැසියන්, හමුදා අධිකරණයක් ඉරිදිරියට රැගෙන ඒමට අවකාශ ඇති බව ඔහු පැවසීය.

එරට හමුදා නීතිය යටතේ, පුද්ගලික හෝ දේශපාලන අවශ්‍යතා පිණිස හමුදා සාමාජිකයින් යොදා ගැනීම හෝ පොළඹවා ගැනීම, නීතිය ඉදිරියේ වරදකරුවකු වීමට ප්‍රමාණවත් හේතුවක් බව පාකිස්ථාන හමුදා මාධ්‍ය අංශ ප්‍රධානී අහ්මඩ් ෂරීෆ් චෞධ්රි (Ahmed Sharif Chaudhry) පෙන්වා දෙයි.

ඉකුත් වසරේ මැයි 09 වන දින එරට ජන අරගලයට ඉම්රාන් ඛාන් සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ.

 දූෂණ චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගැනීමට එරෙහිව පාක්ෂිකයින් අරගලයේ නිරත විය.

එම අරගල වලින් රාජ්‍ය ගොඩනැගිලි මෙන්ම හමුදා දේපල ද විනාශ වූ අතර, දහස් ගණනක පිරිසක් අත්අඩංගුවට පත්වූහ. ඉන් 100 දෙනකුට පමණ හමුදා අධිකරණ ඉදිරියේ නඩු පැවරිණි.

ඉම්රාන් ඛාන් හමුදා අධිකරණයක් ඉදිරියට පැමිණවීම වලක්වන ලෙස ඉල්ලා ඔහුගේ නීතීඥයන් විසින් ඉස්ලාමාබාද්  නුවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කර තිබේ.

පසුගිය වසරේ සිට, ඔහු රාවල්පිණ්ඩි හි සිර දඬුවමට ලක් කර සිටී. ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පාකිස්ථානුවෝ ඉස්ලාමාබාද් නුවර උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.  

2018 සිට 2022 දක්වා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුගේ ධුර කාලය තුළ  පුද්ගලින් සැලකිය යුතු සංඛ්‍යාවක් හමුදා අධිකරණ ඉදිරියට කැඳවීමට කටයුතු කෙරිණි.  

(Aljazeera ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත)


මූලාශ්‍ර:
Can Pakistan subject ex-PM Imran Khan to a military trial?


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...