බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින්, ඒ සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටී.
රාජ්‍ය බලය අවභාවිතා කරමින්, ශිෂ්‍ය අරගලයට එරෙහි මාරාන්තික භීෂණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහි අධිකරණ චෝදනා ගොනු කර තිබේ.
හසීනා රජයට එරෙහිව ඇරඹි ශිෂ්‍ය අරගල මධ්‍යයේ, අග්‍රාමාත්‍ය ධුරය අත හැර ඉන්දියාවට පලා යාමට ඇයට සිදු විය.
ඉන්දියාවේ දේශපාලන රැකවරණ පතා, ඉකුත් අගෝස්තු 05 වැනි දින හමුදා හෙලිකොප්ටරයකින් ඇය නවදිල්ලි නුවර වෙත පලා ගියාය. ඒ සමග දෙරට අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද අර්බුදයට ලක් විය.
මේ වන විට, ඉන්දියාවේ දේශපාලන රැකවරණ ලබන හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය, යළි රැගෙන ඒමේ තීරණයෙන් එම අර්බුදය තව දුරටත් වර්ධනය වෙතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
අපරාධ හේතු මත පිටුවහල් කළ පුද්ගලයින් හුවමාරු කර ගැනීම පිණිස හසීනා රජය යටතේ බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කර තිබේ.
නිදහස පතා 1971 දී, පාකිස්ථානයට එරෙහි යුද්ධයේදී සිදු වුණු අපරාධ විමර්ශනය පිණිස, ඇය විසින් 2010 දී බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද ස්ථාපිත කෙරිණි.
(Aljazeera ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
Bangladesh taking steps to extradite former PM Hasina from India
හසීනාගේ නීතිය ඇයට එරෙහි පරා වළල්ලක් වෙයි
T
The Leader
September 9, 2024 • 9:25 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina), යළි එරටට ගෙන්වා ගැනීමට නව රජය සූදානම් වේ.
- ඉන්දියාවේ දේශපාලන රැකවරණ පතා, ඉකුත් අගෝස්තු 05 වැනි දින හමුදා හෙලිකොප්ටරයකින් ඇය නවදිල්ලි නුවර වෙත පලා ගියාය.
- ඒ සමග දෙරට අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද අර්බුදයට ලක් විය.
- නිදහස පතා 1971 දී, පාකිස්ථානයට එරෙහි යුද්ධයේදී සිදු වුණු අපරාධ විමර්ශනය පිණිස, ඇය විසින් 2010 දී බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද ස්ථාපිත කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


