BREAKING
Top Ad
විදේශ

යුක්‍රේන ශ්‍රම බලකා ඌනතාවට කාන්තා ශක්තිය

T

The Leader

September 12, 2024 • 10:14 AM

යුක්‍රේන ශ්‍රම බලකා ඌනතාවට කාන්තා ශක්තිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාව සහ යුක්රේනය අතර පවතින දරුණු යුද්ධය හේතුවෙන්, යුක්‍රේන ශ්‍රම බලකාය දැඩි අර්බුදයකට ලක්ව තිබේ. ඒ හේතුවෙන්,
  • යුද ගැටුම් උත්සන්න වීමත් සමග මිලියන ගණනක් යුක්‍රේන ජනතාව රටින් පලා ගොස් ඇතැයි රොයිටර්ස් (Reuters) පුවත් සේවය පවසයි.
  • ඒ හේතුකොට උද්ගතව ඇති  රැකියා අර්බුදයෙන්,  එරට ආර්ථික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල වී තිබේ.
  • එය, පසු ගැටුම් ආර්ථක ප්‍රවර්ධනය කෙරෙහි තදින් බලාපානු ඇතැයි  ආර්ථික විශේෂඥයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

පිරිමි ශ්‍රමිකයන් විසින් ඉටුකළ  කාර්මික අංශයේ බොහෝ රැකියා පිණිස කාන්තාවන්ට හා නුපුහුණු තරුණ තරුණියන්ට අවස්ථාව  උදා වී ඇත.

යුද ගැටුම් උත්සන්න වීමත් සමග මිලියන ගණනක් යුක්‍රේන ජනතාව රටින් පලා ගොස් ඇතැයි රොයිටර්ස් (Reuters) පුවත් සේවය පවසයි. ඔවුන් අතරින් වැඩි පිරිසක් කාන්තාවන් හා ළමුන්  ය.

පිරිමි ශ්‍රම බලකායේ විශාල පිරිසක් හමුදාවන්ට එක්ව රුසියාවට එරෙහි යුද පෙරමුණේ ක්‍රියාන්විතවල නිරතව සිටිති. ඒ හේතුකොට උද්ගතව ඇති  රැකියා අර්බුදයෙන්,  එරට ආර්ථික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල වී තිබේ. එය, පසු ගැටුම් ආර්ථක ප්‍රවර්ධනය කෙරෙහි තදින් බලාපානු ඇතැයි  ආර්ථික විශේෂඥයෝ පවසති.

2022 වසරේ සිදු කෙරුණු රුසියානු ආක්‍රමණයත් සමග යුක්‍රේන ශ්‍රම බලකායෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් ගිලිහී ගියේය.

වත්මන, පුහුණු ශ්‍රම ඌනතාව විශාල අභියෝගයක් ව ඇති බව 60% ක ට අධික ව්‍යාපාරිකයින් පිරිසක් විසින් ප්‍රකාශ කර සිටී.

පුද්ගලික සමාගම් 3000 ක ට අධික සංඛ්‍යාවක ගේ සහභාගීතත්වයෙන් සිදු කළ යුක්‍රේන ආර්ථික අමාත්‍යංශ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.

පුහුණු ශ්‍රමිකයින් අහිමි වීම, කාර්මික ක්ෂේත්‍රය දැඩි අවදානමකට ලක් කරමින් පවතින බව, පුහුණු ශ්‍රමිකයින් 45,000 කට අධික පිරිසක් සේවයේ නියුතු එරට විශාලතම වානේ කර්මාන්ත ශාලාවක් වන මෙටින්වෙස්ට් (Metinvest) හි, ප්‍රධාන තිරසර නිලධාරිනී, ටෙටියානා පෙට්රුක් (Tetiana Petruk) පවසයි. රැකියා අර්බුදය හේතුවෙන්, මේ වන විට එහි, පුරප්පාඩු 4000ක් මතුව ඇත.  

පුහුණු ශ්‍රමික හිඟය සහ, ශ්‍රම සංකූලතා හේතුවෙන්, කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි සිට, විසල්  කාර්මික ක්ෂේත්‍රය තෙක්, පුළුල් පරාසයක ගැටළු රැසක් පැන  නැගී තිබේ. ඊට සාර්ථක පිළියම් ලෙස, නව බඳවා ගැනීමේ  පටිපාටි සහ ව්‍යාපාර ක්‍රමවේද අත්හදා බැලීමට සිදුව ඇතැයි  ව්‍යාපාරිකයෝ පවසති.

කාර්මික ක්ෂේත්‍රයේ ඇතැම් අංශ යාන්ත්‍රිකරණයට  ලක් කර ඇති  අතර, දැනට සේවයේ නියුතු ශ්‍රමිකයින්, සේවා මුර  යටතේ අනුයුක්ත කෙරේ. සේවයෙන් විශ්‍රාම ගිය පිරිස් යළි සේවයට බඳවා ගැනීම සහ නුපුහුණු  තරුණ කොටස් ශ්‍රම බලකායට එක් කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතී.

ඒ වෙනුවෙන් වැඩි ප්‍රතිලාභ පැකේජ පවා හඳුන්වා  දී තිබේ. නව ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීම පිණිස, සේවක වේතන ඉහළ නැංවීමට ද සිදුව ඇතැයි සේවා යෝජකයෝ පවසති.

රැකියා අර්බුදයෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ, පිරිමි ශ්‍රම අධිකාරයක් සහිත රැකියා ක්ෂේත්‍ර වෙත බව කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.  

ඉහළ  යන රැකියා පුරප්පාඩු වෙනුවෙන්, කාන්තා ශ්‍රමිකයින් වැඩි වශයෙන් බඳවා ගැනීමේ ප්‍රවනතාවක් දක්නට ඇතැයි ඔවුහු පවසති.

විශාල පිරිමි ශ්‍රම බලකායක් හමුදාවන්ට එක්වීම හේතුවෙන්, වැඩි බලපෑමක් එල්ල වී ඇති ක්ෂේත්‍ර ලෙස, ඉදිකිරීම් අංශය, ප්‍රවාහන කර්මාන්තය සහ පතල් ක්ෂේත්‍රය ද  හඳුනාගෙන තිබේ. බොහෝ විට, එම ක්ෂේත්‍ර සඳහා යොදා ගැනෙන්නේ, වයස අවුරුදු 25ත් 60ත් අතර පිරිමි ශ්‍රමිකයින්ය.

දකුණු යුක්‍රේනයේ කෘෂිකාර්මික කලාපයක්වන මිකෝලෙව් (Mykolayiv) හි ට්‍රැක්ටර් රථ රියදුරන් ලෙස  කාන්තාවන් පුහුණු කෙරේ. සැලකිය යුතු   කාන්තාවන් සංඛ්‍යාවක් ට්‍රෑම් රථ රියදුරන්, පතල් කම්කරුවන් සහ ආරක්ෂක නියාමක වරියන් ලෙසද සේවයට එක වී සිටිති.

fg4534
අවම පළපුරුද්ද සහිත කාන්තාවන් රැසක් ද විවිධ රැකියා ක්ෂේත්‍ර වෙත අනුයුක්ත කිරීමට පුද්ගලික අංශ විසින් කටයුතු කර තිබේ.

වානේ කර්මාන්තශාලා හි ද කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ ගොස් ඇත. දරුවන් රැක  බලා ගැනීමේ ගැටළු හේතුවෙන්, ඇතැම් කාන්තාවන් ශ්‍රම බලකායට එකතු වීමට නොහැකිව සිටින බවද වාර්තා වේ.

එරට ජංගම දුරකථන සේවා සැපයුම්කරුවකු වන වෝඩාෆෝන් ( Vodafone) සමාගම ද නගර 12 ක තරුණ තරුණියන් 50 දෙනකුට ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබා ගැනීම පිණිස, නුපුහුණු රැකියා අවස්ථා උදා කර දී තිබේ.

විවිධ  ක්ෂේත්‍රයන්හි තරුණ පුහුණු සංචිත බිහි කිරීමේ අරමුණින්, මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. තරුණ තරුණියන්ගේ ආකල්ප වර්ධනය හා කළමනාකරණය වඩා සාර්ථක ලෙස පවත්වා ගෙන යාම ද අපේක්ෂිත ඉලක්ක අතර වේ.  

 වැඩි ඉල්ලුමක් පවතින විවිධ රැකියා ක්ෂේත්‍රයන්හි, රාජ්‍ය මූල්‍ය අනුග්‍රහයෙන්, තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබා දීම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි යුක්‍රේන නියෝජ්‍ය ආර්ථික අමාත්‍ය ටෙටියානා බෙරෙස්නා (Tetiana Berezhna) පවසයි.

( Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත)

මූලාශ්‍ර:
Ukraine businesses hire more women and teens amid labour shortages

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...