BREAKING
Top Ad
විදේශ

යුක්‍රේන ධාන්‍ය නෞකාවකට රුසියානු මිසයිල ප්‍රහාරයක්

T

The Leader

September 13, 2024 • 2:44 AM

යුක්‍රේන ධාන්‍ය නෞකාවකට රුසියානු මිසයිල ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්‍රේනයේ නිෂ්පාදිත ධාන්‍ය ප්‍රවාහනයේ යෙදෙමින් සිටි වෙළඳ නෞකාවකට ඊයේ (12) රාත්‍රී, රුසියාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.
  • සිය මුහුදු සීමාව පසු ක‍ර මඳ වේලාවකට පසු, ඊට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව යුක්‍රේන ජනපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) පැවසීය.    එරට ඇමෙරිකානු තානාපතිවරයා ද ප්‍රහාරය දැඩිව හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය.
  • රුසියාව ඊට වග කිව යුතු බව ඔහු පවසයි.
  • රුසියාව ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

රුමේනියාව අසල කළු මුහුදේ දී නෞකාව ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරයෙන් නැවේ කොටසකට, එහි සවි කර තිබූ දොඹකරයකට සහ ධාන්‍ය ගබඩා කර තිබූ  ටැංකි කිහිපයකට හානි සිදු වී තිබේ.

නෞකාව, යුක්‍රේනයේ සිට ඊජිප්තුව බලා යාත්‍රා කරමින් තිබිණි. සිය මුහුදු සීමාව පසු ක‍ර මඳ වේලාවකට පසු, ඊට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව යුක්‍රේන ජනපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) පැවසීය. 

 

එරට ඇමෙරිකානු තානාපතිවරයා ද ප්‍රහාරය දැඩිව හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. රුසියාව ඊට වග කිව යුතු බව ඔහු පවසයි. රුසියාව ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

ඉකුත් 2022 දී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, ආශ්‍රිත මුහුදු කලාපයේ යාත්‍රා කෙරෙමින් තිබූ සිවිල් වෙළඳ නෞකාවකට ප්‍රහාරයක් එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. මීට පෙර, යුක්‍රේන වරායන්හි නවතා තිබූ නෞකා කිහිපයක් රුසියානු ප්‍රහාරයන්ට ලක් විය. 

ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරය, නාවික නිදහසට සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට එරෙහි නිර්ලජ්ජිත ප්‍රහාරයක් බව යුක්‍රේන විදේශ අමාත්‍ය අන්ද්‍රි සිබිහා (Andrii Sybiha) පැවසීය.

 

මේ වන විට, රුසියාවට එරෙහි යුක්‍රේනය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ බලපෑම සහ කලාපයේ යුද උණුසුම උත්සන්න වෙමින් තිබේ. යුද ගැටුම් වර්ධනය පිණිස රුසියාවට බැලස්ටික් මිසයිල සැපයීම පිළිබඳව බටහිර රටවල් විසින් ඉරානයටද චෝදනා එල්ල කර ඇත. 

XAASCMM35VKDPFN5WUFVU7LAMM

 

ජාත්‍යන්තර නීතියට අනුව, මුදේ යාත්‍රා කරන සිවිල් නෞකා සහ වරාය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම තහනම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) පෙන්වා දෙයි. මෙවැනි ප්‍රහාර ගෝලීය වශයෙන්, ආහාර නිෂ්පාදනවල මිල පාලනය කෙරෙහි ද අහිතකර බලපෑම් එල්ල කරන බව ඔවුහු පවසති. 

ප්‍රහාරයත් සමග කළු මුහුදු අපනයන කලාපය ආශ්‍රිත ධාන්‍ය මිල ඉහළ යා හැකි බව වාණිජ අපනයනකරුවෝ ප්‍රකාශ කරති. 

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර:

Ukraine says Russia hit grain vessel near NATO member Romania


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...