BREAKING
Top Ad
විදේශ

මෝදිගේ පවුලේ අලුත්ම සාමාජිකයා: නළලේ සඳ ලකුණක් සහිත අලුත උපන් වසු පැටියෙක් - (වීඩියෝ)

T

The Leader

September 15, 2024 • 1:09 AM

මෝදිගේ පවුලේ අලුත්ම සාමාජිකයා: නළලේ සඳ ලකුණක් සහිත අලුත උපන් වසු පැටියෙක් - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය අගමැතිගේ නිල නිවස පිහිටා ඇත්තේ අංක 07, ලොක් කල්‍යාන් මාර්ග් හිය. සාමාන්‍යයෙන් කියන්නේ රේස්කෝස් පාර කියාය.
  • ගව පැටවා මෝදි විසින් නම් කර ඇත්තේ දීප්ජ්‍යෝති නමිනි.
  • උගේ හිසේ ඇති සඳ ලකුණ දේවානුභාවය ප්‍රකාශ කරන්නක් සේ සලකා එය ප්‍රමුඛ කරගෙන මෙසේ දීප්ජ්‍යෝති නමින් ඌ නම් කර තිබේ.
  • අගමැති මෝදි තම පවුලට නව සාමාජිකයෙකුගේ එකතු කිරීමක් ප්‍රකාශ කරන්නේ ශුද්ධ පාඨයක් සඳහන් කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

අග්‍රමාත්‍ය නිල නිවසට අලුත් අමුත්තෙක් එකතු වී තිබේ. 

නරේන්ද්‍ර මෝදි ගේ මහත් ආදරයට සහ අවධානයට ලක් වූ ඒ නව අමුත්තා නළලේ සඳ ලකුණක් සහිත අලුත උපන් වසු පැටවෙකි.

මේ වසු පැටවා ඉපදී තිබුනේ නිල නිවසට අයත් ගව ගාලේ එළදෙනකට දාවය.

මේ සඳ ලකුණ සහිත වසුපැටවා සුරතල් කරන, වසුපැටවා සමග සක්මන් කරන එම වසු පැටවා සිඹ සනසන මෝදිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඉන්ස්ටග්‍රෑම් සහ X සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ ඔහු බෙදා හැර තිබිණි.

ගව පැටවා මෝදි විසින් නම් කර ඇත්තේ දීප්ජ්‍යෝති නමිනි. උගේ හිසේ ඇති සඳ ලකුණ දේවානුභාවය ප්‍රකාශ කරන්නක් සේ සලකා එය ප්‍රමුඛ කරගෙන මෙසේ දීප්ජ්‍යෝති නමින් ඌ නම් කර තිබේ.

අගමැති මෝදි තම පවුලට නව සාමාජිකයෙකුගේ එකතු කිරීමක් ප්‍රකාශ කරන්නේ ශුද්ධ පාඨයක් සඳහන් කරමිනි. “ගාව්: සර්වසුඛ ප්‍රදා:” එම ශුද්ධ පාඨයයි. 

ගවයා සිය නිවහනට ගෙන ඒම සම්බන්ධව අදහස් දක්වමින් ශුද්ධ පාඨයේ අර්ථය දක්වා “එය අපගේ ශුද්ධ ලියවිලිවල සඳහන් වේ” යැයි මෝදි කීවේය.

(lankasara.com)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...