BREAKING
Top Ad
විදේශ

ෆ්ලොරිඩාවේ දී තවත් ට්‍රම්ප් ඝාතන තැතක් වරදී

T

The Leader

September 16, 2024 • 12:20 AM

ෆ්ලොරිඩාවේ දී තවත් ට්‍රම්ප් ඝාතන තැතක් වරදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රිපබ්ලිකන් පාක්ෂික, ඇමෙරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ඝාතනය කිරීමේ නවතම තැතක් ව්‍යර්ථ කිරීමට බුද්ධි අංශ නිලධාරීහු සමත්ව ඇත.
  • ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදී සිටි ස්ථානයට මීටර 365ත් 400ත් අතර දුරකින් පිහිටි ගොල්ෆ් ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් රේඛාවේ පඳුරු අතර සිට, ඉලක්කය ලබා ගනිමින් සිටි තුවක්කුකරු නිරීක්ෂණය කළ ආරක්ෂක අංශ, වහා ඔහුට වෙඩි තැබීය.
  • සිද්ධිය වූ ස්ථානයේ තිබී AK-47වර්ගයේ ගිනිඅවියක් සහ වෙනත් උපකරණ කිහිපයක් සොයා ගෙන ඇත.
  •   මීට පෙර, පෙන්සිල්වේනියා (Pennsylvania) ප්‍රාන්තයේ පැවති ජන රැළියකදී ඔහු තවත් එවැනිම ඉලක්කයකට ගොදුරු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ෆ්ලොරිඩාවේ ( Florida) වෙස්ට් පාම් බීච් (West Palm Beach) හි ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී, හෙතෙම ස්නයිපර් තුවක්කු කරුවකුගේ ඉලක්කයට හසුව තිබේ.

ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදී සිටි ස්ථානයට මීටර 365ත් 400ත් අතර දුරකින් පිහිටි ගොල්ෆ් ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් රේඛාවේ පඳුරු අතර සිට, ඉලක්කය ලබා ගනිමින් සිටි තුවක්කුකරු නිරීක්ෂණය කළ ආරක්ෂක අංශ, වහා ඔහුට වෙඩි තැබීය. සිද්ධිය වූ ස්ථානයේ තිබී AK-47වර්ගයේ ගිනිඅවියක් සහ වෙනත් උපකරණ කිහිපයක් සොයා ගෙන ඇත. ආරක්ෂක අංශ වෙඩි තැබීමත් සමග වෑන් රථයකින් පලා ගිය සැකකරු පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

මීට පෙර, පෙන්සිල්වේනියා (Pennsylvania) ප්‍රාන්තයේ පැවති ජන රැළියකදී ඔහු තවත් එවැනිම ඉලක්කයකට ගොදුරු විය. එහි දී ඔහුගේ දකුණු කන 'ලඟින් ගිය' ස්නයිපර් වෙඩි පහරකින් 'අනූනවයෙන්' දිවි බේරා ගැනීමට ට්‍රම්ප් සමත් වූයේය.  

ආරක්ෂක අංශ වෙඩි තබා, තුවක්කුකරු ජීවිතක්ෂට පත් කළහ. ප්‍රහාරකයාගේ ගිනි අවියෙන් නිකුත් වූ වෙඩි උණ්ඩය 'ගෑවී නොගෑවී' යාමෙන් ට්‍රම්ප් ගේ දකුණු කන ට සුළු තුවාල සිදු විය. 

 


තීව්‍ර මැතිවරණ සටනක් පවතින භූමියක, අපේක්ෂකයින්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් 'ඊටත් වැඩි' සටනක නිරත වීමේ අභියෝගයට ආරක්ෂක අංශ මුහුණ දී සිටිති. 

එක්සත් ජනපද ජනාධිපතිවරණයට තවත් ඇත්තේ සති 7ක් පමණි. එය, නොවැම්බර් 05 වන දා පැවැත්වීමට නියමිතය. 

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍රය :

Trump safe after new assassination attempt, suspect arrested


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෆ්ලොරිඩාවේ දී තවත් ට්‍රම්ප් ඝාතන තැතක් වරදී | The Leader