BREAKING
Top Ad
විදේශ

චෙන්නායි සැම්සුන් සේවකයෝ නොසන්සුන්

T

The Leader

September 16, 2024 • 3:30 AM

චෙන්නායි සැම්සුන් සේවකයෝ නොසන්සුන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ, චෙන්නායි (Chennai ) නගරබද සැම්සුන් (Samsung) නිෂ්පාදන කම්හලක වැඩ වර්ජනයේ යෙදුණු සේවකයෝ 104 දෙනෙක් පොලිස් රැඳවුම් භාරයට පත්වෙති.
  • අඩු වැටුප් ගැටළු මත මේ වන විට, දින 7ක් පුරා කම්හල ඉදිරිපිට තනාගත් තාවකාලික අට්ටාලයක් මත ඔවුහු අඛණ්ඩ වර්ජනයේ නිරත වෙති.
  • වැඩි වැටුප් ලබා දෙන මෙන් සහ නම්‍යශීලී සේවා මුර ක්‍රියාත්මක කරන ලෙස පාලනාධිකාරියට බල කරමින් වැඩවර්ජනය ක්‍රියාත්මකය.
  •   වර්ජනය හේතුවෙන් එහි ගෘහාශ්‍රිත ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය මුළුමනින්ම ඇණහිට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අද දින ඔවුන් විසින් අනවසර පෙළපාලියක් සැලසුම් කිරීමට යාමේදී එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අඩු වැටුප් ගැටළු මත මේ වන විට, දින 7ක් පුරා කම්හල ඉදිරිපිට තනාගත් තාවකාලික අට්ටාලයක් මත ඔවුහු අඛණ්ඩ වර්ජනයේ නිරත වෙති. අත්අඩංගුවට ගැනීමත් සමග සේවක වැඩවර්ජනය උග්‍ර වී තිබේ. වැඩි වැටුප් ලබා දෙන මෙන් සහ නම්‍යශීලී සේවා මුර ක්‍රියාත්මක කරන ලෙස පාලනාධිකාරියට බල කරමින් වැඩවර්ජනය ක්‍රියාත්මකය.

 

වර්ජනය හේතුවෙන් එහි ගෘහාශ්‍රිත ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය මුළුමනින්ම ඇණහිට ඇත. සමාගම විසින් ඉන්දියාව තුළ උපයන ඩොලර් මිලියන 12 ක වාර්ෂික ආදායමෙන් තුනෙන් එකක් එම කම්හලේ නිෂ්පාදන අලෙවිය මගින් උත්පාදනය කෙරේ.

පාසල්, උසස් අධ්‍යාපනායතන සහ රෝහල් කිහිපයක් ද පවතින එම ප්‍රදේශය හරහා අද දින, අනවසර විරෝධතා පෙළපාලියක් පැවැත්වීමට වර්ජිත සේවකයෝ කටයුතු කරමින් සිටියහ. එමගින්, සමස්ත ප්‍රදේශය පුරා සියලු දෛනික කටයුතු අඩාල විය හැකි අතර, එය මහජන සාමයට බාධාවක් බව පවසමින් පොලිසිය විරෝධතා පෙළපාලිය මැඩ පැවැත්වීමට කටයුතු කළේය. පොලිස් ස්ථානවල ඉඩ නොමැතිවීමෙන්, රැඳවුම් භාරයට පත් පිරිස, ඒ අවට මංගල උත්සව ශාලා කිහිපයක රඳවා තැබීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය.

785217 0වැඩ වර්ජනයට, එරට ප්‍රබල වෘත්තීය සමිතියක් වන ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (Centre of Indian Trade Unions) සහාය ලැබෙන බව ද වාර්තා වේ.

 

වැඩ වර්ජනයට, එරට ප්‍රබල වෘත්තීය සමිතියක් වන ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (Centre of Indian Trade Unions) සහාය ලැබෙන බව ද වාර්තා වේ. 

හැකි ඉක්මනින් වර්ජනය අවසන් කිරීම පිණිස 'හිතකර විසඳුම්' සොයා, සේවකයින් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සැම්සුන් සමාගම පවසයි. 

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර:

Indian police detain 104 striking Samsung workers for planning march

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...