BREAKING
Top Ad
විදේශ

කේරලයේ සිසුවෙක් නීපා ආසාදනයෙන් මරුට

T

The Leader

September 16, 2024 • 9:48 AM

කේරලයේ සිසුවෙක් නීපා ආසාදනයෙන් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ඉන්දියාවේ, කේරලයේ 24 හැවිරිදි ශිෂ්‍යයෙක් නීපා (Nipah) වෛරසය ආසාදනයෙන් අද ජීවිතක්ෂයට පත්විය.
  • ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නීපා වෛරසය, ප්‍රමුඛතා ලයිස්තුවේ ඇති දරුණු රෝගකාරකයක් ලෙස නම් කර තිබේ.
  • වසංගත තත්වයක් තෙක් සීග්‍රයෙන් වර්ධනය වීමේ හැකියාව වෛරසය සතුව පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.
  • කේරලයේ ඇතැම් ප්‍රදේශවල වෛරස ආසාදනය පැතිර යාමේ වැඩි අවදානමක් දක්නට ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔහු හා සමීපව ඇසුරු කළ 151 දෙනකු ද වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙයි.  

එම වෛරසය ආසාදනයෙන් පසුගිය ජුලි මස සිට කේරලයේ වාර්තා වූ දෙවන පුද්ගල මරණය මෙයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නීපා වෛරසය, ප්‍රමුඛතා ලයිස්තුවේ ඇති දරුණු රෝගකාරකයක් ලෙස නම් කර තිබේ.

වසංගත තත්වයක් තෙක් සීග්‍රයෙන් වර්ධනය වීමේ හැකියාව වෛරසය සතුව පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.

රෝගය ආසාදනය වැළක්වීමට හැකි එන්නතක් හෝ රෝගයට නිසි ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැත.

කේරලයේ ඇතැම් ප්‍රදේශවල වෛරස ආසාදනය පැතිර යාමේ වැඩි අවදානමක් දක්නට ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

වවුලන්ගෙන් සහ ඌරන් වැනි සතුන්ගෙන් නීපා වෛරස ආසාදනය සිදුවෙයි. එමගින් මිනිස් මොළයට මරණීය හානි සිදු කෙරෙන අතර මොළය ඉදිමීමේ දරුණු උණ  රෝගයෙන් ආසාදිතයින් මරණයට පත් වෙයි.

2018 වසරේදී කෙරලයෙන් ප්‍රථම වරට වාර්තා වූ නීපා වෛරස් ආසාදනයෙන්, මේ වනවිට එහි සැලකිය යුතු පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුව තිබේ.

(Reuters ඇසුරින් සටහන;  හ ර් ෂ  උදයකාන්ත)


මූලාශ්‍ර:
One dead from Nipah virus in India's Kerala; second death this year


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කේරලයේ සිසුවෙක් නීපා ආසාදනයෙන් මරුට | The Leader