BREAKING
Top Ad
විදේශ

ධාරාණිපාත වර්ෂාවෙන් මධ්‍යම යුරෝපයට දරුණු ජලගැල්මක්

T

The Leader

September 17, 2024 • 1:04 AM

ධාරාණිපාත වර්ෂාවෙන් මධ්‍යම යුරෝපයට දරුණු ජලගැල්මක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මධ්‍යම යුරෝපයේ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගත් දරුණු ජලගැල්මෙන් ඉකුත් දින කිහිපය තුළ පුද්ගලයින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
  •   දශක දෙකකට පසු කලාපයට බලපෑ දරුණුම ගංවතුර තත්ත්වය මෙය බව පැවසේ.
  •   දේපල ඇතුලු යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් හානියට පත් වී තිබේ.
  • දකුණු පෝලන්තයේ නෙයිසා (Nysa) නාගරිකය ආශ්‍රිතව ඉදිකර තිබූ දිය ඇවුරුම් වේල්ලක් කැඩී යාමත් සමග, ඒ අවට පදිංචිකරුවන් 40,000ක් පමණ වහා ඉවත් කිරීමට පියවර ගැනිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


පෝලන්තයේ සහ චෙක් ජනරජයේ ප්‍රදේශක රැසක නෙවාසිකයින්ට වහා ඉවත්වන ලෙස ඊයේ (16) නිවේදන නිකුත් කෙරිණි.  

දශක දෙකකට පසු කලාපයට බලපෑ දරුණුම ගංවතුර තත්ත්වය මෙය බව පැවසේ.


ධාරාණිපාත වර්ෂාපතනයත් සමග, එම රටවල දේශ සීමා ආශ්‍රිත ප්‍රදේශ රැසක් ජලගැල්මෙන් යටවිය.  

 

ධාරාණිපාත වර්ෂාපතනයත් සමග, එම රටවල දේශ සීමා ආශ්‍රිත ප්‍රදේශ රැසක් ජලගැල්මෙන් යටවිය.  

දේපල ඇතුලු යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් හානියට පත් වී තිබේ. නිවාස සහ මෝටර් රථ ද ඒ අතර වෙයි. ජල මට්ටම ඉහළ යාමෙන් පාලම් කිහිපයක්ම විනාශ විය.

දකුණු පෝලන්තයේ නෙයිසා (Nysa) නාගරිකය ආශ්‍රිතව ඉදිකර තිබූ දිය ඇවුරුම් වේල්ලක් කැඩී යාමත් සමග, ඒ අවට පදිංචිකරුවන් 40,000ක් පමණ වහා ඉවත් කිරීමට පියවර ගැනිණි.

 

66e6ad914e08c.imageඒ අවට පදිංචිකරුවන් 40,000ක් පමණ වහා ඉවත් කිරීමට පියවර ගැනිණි.
ඊශානදිග චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා (Ostrava) හි ගං-ජල බාධකයක් බිඳී යාමෙන්, ප්‍රදේශාශ්‍රිත, රසායනික කම්හල් දෙකක් ඇතුළු කාර්මික කලාපයක් මුළුමනින්ම ජලයෙන් යටවිය. ප්‍රදේශවාසීන් සිය ගණනක් උන්හිටි ස්ථාන වලින් වහා ඉවත් කෙරිණි.

එරට ලිටොවෙල් (Litovel) නාගරිකයේ 70% ක භූමි ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබේ. ජල මට්ටම මීටර 1 සීමාව ඉක්ම ගොස් ඇති අතර, තව දුරටත් ඉහළ යාමේ අවදානමක් ඇතැයි වාර්තා වේ.

66e7345f448c0.imageජල මට්ටම මීටර 1 සීමාව ඉක්ම ගොස් ඇති අතර, තව දුරටත් ඉහළ යාමේ අවදානමක් ඇතැයි වාර්තා වේ.

පෝලන්තය, ජලගැල්මට හසු වූ ප්‍රදේශ වෙත, ස්වභාවික විපත් තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. විපතට පත්වූවන්ට ආධාර පිණිස ඩොලර් මිලියන 260ක් වහා වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

සහන කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ මූල්‍යාධාර පතන ලෙස එරට අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් (Donald Tusk), ජලගැල්මෙන් විපතට පත් අනෙකුත් යුරෝපා රටවල නායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කළේය.  


පෝලන්තයේ ලඩෙක් ඩ්‍රෝජ් (Ladek Zdroj) චතුරශ්‍රය ජලගැල්මෙන් දැඩි හානියට පත් විය.

 

ladexපෝලන්තයේ ලඩෙක් ඩ්‍රෝජ් (Ladek Zdroj) චතුරශ්‍රය ජලගැල්මෙන් දැඩි හානියට පත් විය.

නිවාස, දේපල සියල්ලම විනාශයට පත්ව තිබේ. එය සිතාගැන්මට පවා අපහසු හානියක් බව ප්‍රදේශවාසීහු පවසති. සමස්ත ප්‍රදේශය "හොල්මන්" නගරයක් සේ දිස්වන බව ඔවුහු කියා සිටිති. ලඩෙක් (Ladek) හි සියලු පාලම්  අතුරදන්ව ගොසිනි. නගරය මුළුමනින්ම හුදෙකලාව පවතී. ජලයෙන් යටවූ චෙක් ජනරජයේ ජෙසෙනික් (Jesenik) නගරයේ පවිත්‍රතා කටයුතු ඊයේ සිට ආරම්භ කර තිබේ.  

 

Floodsවිනාශයට පත් මෝටර් රථ සහ දේපල සුන්බුන් වීදි පුරා විසිරී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති
විනාශයට පත් මෝටර් රථ සහ දේපල සුන්බුන් වීදි පුරා විසිරී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. උසින් මීටර 2 කට අධික ජලගැල්මක් නගරය වසා සිටි බව සහන කණ්ඩායම් ප්‍රකාශ කරති. ප්‍රදේශය පුරා ජල සම්පාදනය සහ විදුලිය ඇණහිට තිබේ.

ජලගැල්මෙන් නැගනහිර රෝමානියා  (Romania) හි විශාල පිරිසකට උන්හිටි තැන් අහිමි විය. ඔවුන්ට ඉතිරිව ඇත්තේ "ඇඳි  වත" පමණක් බව එහි නගරාධිපති  එමිල් ඩ්‍රගොමීර් (Emil Dragomir) පවසයි.

පෝලන්තයේ ව්‍රොක්ලොව් ( Wroclaw) නගරයේ 600,000 කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබේ. ජලගැල්මෙන්, රෝමානියහි පමණක් ඉකුත් දින කිහිපය තුළ පුද්ගලයින් 7 දෙනකු ජීවිතක්ෂයට පත් විය.

 

66e81fb0bd182.imageපෝලන්තයේ ව්‍රොක්ලොව් ( Wroclaw) නගරයේ 600,000 කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.
ඔස්ට්‍රියානු ගිනි භටයකුද මිය ගිය පිරිස  අතර වෙයි. වයස්ගත පුද්ගලයින් දෙදෙනකු සිය නිවෙස් තුළම ජලයේ ගිලී මියගොස් සිටියදී සොයාගත් බව සහන සේවකයෝ පැවසූහ.

ස්ලෝවැකියාවේ බ්‍රටිස්ලාවා (Bratislava) අගනුවර සහ හංගේරියාවේ බුඩාපේසට් (Budapest) අගනුවර ද හදිසි ගංවතුර තත්ත්වයකට සූදානම් කෙරේ. ඩැනියුබ් (Danube) ගංගාවේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යාමත් සමග බලධාරීන් විසින් එම පියවර ගෙන තිබේ.

හමුදා භටයින් 12,000ක සහන බලකායක්  හදිසි තත්ත්වයකට මුහුණ දීම පිණිස සීරුවෙන් තබා ඇතැයි හංගේරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සන්ඩොර් පින්ටර් (Sandor Pinter) ප්‍රකශ කරයි.

 

 


(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)


මූලාශ්‍ර:

Central Europe braces for further flooding 'apocalypse' as death toll rises


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...